නිල් සටනේ විනිසුරුවන්ට එරෙහිව පැමිණිලි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(නාමල් පතිරගේ*
කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. පිටියේදී පැවැති ”නිල් මහ සටන” මහ ක‍්‍රිකට් තරගයේදී විනිසුරුවන් ලබාදුන් තීරණ රැුසකට එරෙහිව එම දෙවිදුහල් ශ්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.
ඒ අතරම එම තරගයට සහභාගි වූ විනිසුරුවන්ද සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් දෙවිදුහලට එරෙහිව විනිසුරුවන්ගේ සංගමයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් දෙවිදුහලෙන් ලැබුණු පැමිණිලි මත නිල් මහ සටන විනිශ්චය කළ විනිසුරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
මෙම පාසල් මහ ක‍්‍රිකට් තරගය විනිශ්චය කළ එක් විනිසුරුවරයෙකු ඒ සඳහා යොදවා ඇත්තේ ඊට දින කීපයකට පෙර හදිසියේ පළමු ශ්‍රේණියේ විනිසුරුවරයකු ලෙස  උසස්වීමක් ලබාදීමෙන් පසුව බවද දැනගන්නට ලැබේ.
ඒ පිටුපස ඔහුට හිතවත් ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ඉහළ පෙළේ නිලධාරියෙකු සිටින බවට චෝදනා එල්ල වී තිබෙන අතර තරග පැවරුම් කමිටුවේ අදහස් විමසීමක්ද නොකරමින් ඔහු මෙම තරගයට විනිසුරුවන් නම් කිරීමට උනන්දු වූ බව ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් ”ලංකාදීප”යට පැවසීය.
නිල් මහ සටන ක‍්‍රිකට් තරගයේදී වැරදි තීරණ 16ක් දුන් බවට මේ වනවිට විනිසුරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
 


සබැඳි පුවත්


You are here: