තායිලන්තයේ නගර කීපයකදී ආරම්භ වන ආසියානු වෙරළ (ගී‍්‍රෂ්ම ඍතු* වොලිබෝල් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් (කාන්තා/පිරිමි* අනිද්දා (1* දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
තරගාවලිය ලබන අපේ‍්‍රල් 3 වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ ”කතෝමි”, ”පත්ලූන්” හා ”යොන්ත්ලා” යන නගරවලදී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට පිරිමි කණ්ඩායම් දෙකක් හා කාන්තා කණ්ඩායමක් සහභාගි වෙති. මීගමු වෙරළේදී පැවැති තේරීම් තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් සඳහා ධම්මික සිල්වා, පුබුදු ඒකනායක, මහේෂ් පතිරණ, වසන්ත රත්නපාල ද, ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම සඳහා තක්‍ෂිලා ගුණසිංහ හා සුජීවා විජේසිංහ ද ගී‍්‍රෂ්ම ඍතු තරගාවලිය සඳහා ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් ක‍්‍රීඩකයෝ ගුවන් හමුදාව හා නාවික හමුදාව නියෝජනය කරති. බෙන්තොටදී ගල්කිස්ස මහ හෝටලයේ අනුග‍්‍රහයෙන් නේවාසික පුහුණුවකට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම් තායිලන්ත තරග සංචාරයට සහභාගි වන බව කණ්ඩායමේ කළමනාකරු පොලිස් අධිකාරි ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
වසර 10ක් තිස්සේ තායිලන්තයේදී අඛණ්ඩව පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව වසර 2002 සිට සහභාගි වෙයි. තරගාවලියට රටවල් 34ක් තරග කරන අතර පුහුණුකරු ලෙස උදය කුමාර මහතා මෙම තරග සංචාරයට එක්ව සිටියි.


