2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

පෙම්වතිය සොයාගෙන ඇවිත් දෙදහස් පන්සීයක දඩයකුත් ගෙවා ගිහින්

2012 අගෝස්තු මස 08 09:23:16 | . , මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම

සිය පෙම්වතිය සොයාගිය පෙම්වතකුට ඇය හමුවීම වෙනුවට රුපියල් දෙදහස් පන්සීයක දඩ මුදලක් ගෙවා ආපසු තම ගම් පළාතට යාමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම නගරයෙන් වාර්තාවේ.

පෙම්වතා ගල්නෑව අවට ගම්මානයක පදිංචි කරුවෙකි. පෙම්වතිය පොල්පිතිගම නගර සීමාවේය.

ලැබෙන විවේකයක දී ඇය හමුවීමට පැමිණෙන ඔහු ඉකුත් දා තවත් අයකුගේ යතුරුපැදියකින් තනියම ඇය සොයා එන ගමනේ දී පොල්පිතිගම පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් එය පරීක්ෂා කර තිබේ.

රියැදුරු බලපත‍්‍රය නැත. එනිසා එතැනින් බේරීමට කොතරම් ආයාචනා කළද නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය පසුබට නොවීය.

ඒ අනුව රුපියල් 2500ක දඩ මුදලක් ගෙවා එම රිසිට් පත් යළි පොලිසිය වෙත පෙන්නා යතුරු පැදිය සතු අදාළ ලියකියවිලි භාර ගන්නා විට කාලවේලාවද ඉක්මවා ගොස් තිබුණි.

සිදුවූ අකරතැබ්බය හමුවේ අයිතිකරුට යතුරු පැදිය භාරදීමට කියූ වේලාවද පමා වී ඇති බැවින්, පෙම්වතිය හමුවීම පසුවට තබා ගමරට බලා ගියේය.

අදහස්(43) බැලූවෝ (13852)

පෙම්වතිය සොයාගෙන ඇවිත් දෙදහස් පන්සීයක දඩයකුත් ගෙවා ගිහින් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සරත් 2012-08-08 09:34:53

පොලිසිය පොඩ්ඩක් ෂේප් කර ගත්තා නම් හරිනේ. (නි)

හරීන් 2012-08-08 09:39:24

හොද වැඩේ, බලපත්‍ර නැතුව එළවනවට. (නි)

ප්‍රවීන් 2012-08-08 09:53:48

වරදක් කරලනේ දඩ කෑවේ. ඉතින් කරන්න දෙයක් නෑ....(ස)

හසිත 2012-08-08 10:26:54

කෙල්ල වෙනුවෙන් මන් කන කටු දාන්න ගියොත් වෙනම පත්තරයක් ලියන්න වෙනව(වි)

සන්ජීව 2012-08-08 10:35:33

මේවා දෙයියෝ සාක්කිද ????(ස)

සරත් 2012-08-08 10:43:25

අයි‍යො සල්ලි... (දී)

2004 2012-08-08 11:04:28

මේක "දෙයියෝ සාක්කි" කියන්න තරම් දෙයක් ද ? (දී)

මල්ලි 2012-08-08 11:10:46

ආදරයට කොහේදෝ බාධා නැත්තේ (දී)

චමින්ද 2012-08-08 11:11:36

පවු.. අහිංසකයා (දී)

සෑම් 2012-08-08 11:30:22

මේක කියන්න තරම් දෙයක් ද ? (දී)

වරුණ 2012-08-08 11:32:08

මිනිහෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න කට්ටිය ඕන තරම් ඉන්නවා (දී)

චමින්ද 2012-08-08 11:48:20

කවුද කියන්නේ මේක හරි නැහැ කියල මාරු කතාව (දී)

කොබා - ජපානය 2012-08-08 11:43:52

මොකක්ද මේකෙන් පාඨක අපට දෙන ආදර්ශය , පෙම්වතිය හමුවෙන්න යනකොට ලයිසන් නැත්නම් , බස් එකේ යන්න. - දෙයියෝ සාක්කි. (දී)

ගුණරත්න 2012-08-08 12:00:43

මොනවද මේ කතා (දී)

සුසිලා 2012-08-08 12:11:44

නියම කතාව (දී)

ප්‍රවීන් 2012-08-08 12:15:23

මේ කතාවේ තියෙන වැරැද්ද මොකද්ද (දී)

වරුණ 2012-08-08 12:39:53

තව ඉස්සරහට ඕක තවත් ගණන් යනවා 5000 වත් වෙයි (දී)

වරුණ 2012-08-08 13:30:28

මේවගේ දේවල් ඕනෑ තරම් වෙනවා. (නි)

ෂෙහාන් 2012-08-08 14:25:43

අයියෝ ඕක එච්චර දෙයක්යෑ? (නි)

fb-icon කුරේ 2012-08-08 15:23:23

ආදරේ කරන කෙනෙක් නම් මේක කියවලා හිනා වෙන එකක් නැහැ. (නි)

පියල් 2012-08-08 15:36:22

දවසක් මම ගෑණු ළමයව බලන්න පයින් යද්දිත් ඇල්ලුවනේ පොලිසියෙන්. ඉතිං තවත් මොන කතාද? (නි)

දයා-සවුදි 2012-08-08 15:50:19

බොහෝ කෘරයි අහෝ ලොව ධර්මේ

මිළ කළේ ඇයිද ඔබේ ප්‍රේමේ? (නි)

සජී 2012-08-08 16:56:55

මේ කතාව නම් ඇත්තටම හොදයි.අනේ පවු කොල්ලා! (නි)

ජයනි 2012-08-08 17:11:25

මේ කතාව හොදයි. ඒත් තව රස කරලා ලියන්නනේ තිබුණේ. (නි)

ලලිත් - කටාර් 2012-08-08 18:27:30

ආදරය අන්ධ බව ඔහු තේරුම් ගෙන සිටියා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. (නි)

සුනිල් 2012-08-08 18:30:27

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා... (නි)

සංජු 2012-08-08 18:49:17

අනේ පවු. ඔය කාලෙට ඔහොම කටු කන්න වෙනවා තමයි. (නි)

පාලිත 2012-08-08 20:55:49

ආදරය කරන්න පස්සේ බැරියැ. ලයිසන් ගමුකො ඉස්සෙල්ලම. ලයිසන් නැතිව ලංකාවේ වැඩ අමාරුයි. (නි)

අමන්ද 2012-08-08 21:19:43

ඇත්තට මෙහෙම දෙයක් වුණහම හිනාවෙලා නම් වැඩක් නැහැ. (නි)

අමිල කටුනායක 2012-08-09 05:24:35

ඊයේ පෙරෙයිදා අපේ ඇමතිතුමෙක් හිස් ආවරණ නැතුව බයිසිකලයේ ගියා. ඔන්න අල්ලනවා නම් අල්ලන්න කට්ටිය. (නි)

අමර 2012-08-09 08:33:25

මොනවා කරන්නද ඔහොම තමයි මුලදි....(ස)

රුවන් 2012-08-09 08:32:25

හොදින් ඉන්න..(ස)

සමන්ත 2012-08-09 09:01:51

පිස්සු පූසා. (නි)

විජේපාල 2012-08-09 11:29:12

දඩකොලය ගෙවලා බයිසිකලය අරන් ගියාද? නමුත් රියදුරු බලපත්‍රයක් නැතිව අරන් යන්න දුන්නේ පොලිසියෙන්ද?..(නු)

ප්‍රියදර්ශන 2012-08-09 13:41:22

'යන්නම් රාළහාමි' කියලා රාළහාමිට කීයක් හරි දුන්නා නම් ඉවරනේ. (නි)

හේමචන්ද්‍ර 2012-08-11 09:47:43

හැබෑම පෙම්වතෙක් (අ)

ලීලාරත්න 2012-08-11 19:19:27

හැමෝටම පාඩමක් ඕක (දී)

නුවන් 2012-08-11 23:05:22

මේවාත් අද කාලේ ප්‍රශ්නද අනේ? (නි)

මෙල්වි 2012-08-12 16:22:58

මේක ලොකු දෙයක් නෙමෙයිනේ. (නි)

මංගල 2012-08-13 10:25:48

පුදුමයි දඩ කොලයක් දුන්නා. (නි)

රෝහණ 2012-08-14 16:24:17

පොඩි මිනිස්සුන්ව අමාරුවෙ දානවා..!!(නු)

මනෝජ් 2012-08-15 08:12:40

පවට පින දෙන්න බැහැයිලුනේ. (නි)

නුවන් 2012-08-15 08:18:46

මමයි මගෙ ගෑනු ළමයයි බස් එකේ කතා කරකර යද්දි මිනිස්සු බලාගෙන ඉන්නවා නිකන් කන්න වගේ.දෙන්න හිතෙනවා මැරෙන්න එකක්. වෙන අය කොයිතරම් නරක විදියට ගියත් බලන්නෙ නැහැ. මට තේරෙන්නෙ නැහැ ඒ ඇයි කියලා? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :