2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

නාසා රොබෝවෙක් අඟහරු ලොවට බසී

2012 අගෝස්තු මස 06 18:17:27 | . , අශෝක පීරිස් බි‍්‍රස්බේන් නුවර සිට

ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනය ඇමෙරිකා ඩොලර් කෝටි 250ක් (රුපියල් කෝටි 33500)වැය කර අඟහරු ග‍්‍රහයා වෙත යැවූ ”කියුරෝ සිටි” නම් වූ රෝබෝ රෝවරය අද සවස අඟහරු ග‍්‍රහයාගේ ගේ‍්‍රල් ආවාටය අසලට ගොඩබැස්සවීම අති සාර්ථක වූ බව ඇමෙරිකා හා  ඕස්ටේ‍්‍රලියා විද්‍යාඥයෝ කියති. කාරයක් තරම් වූ විද්‍යාගාරය අඟහරුගේ දූවිලි තට්ටුව මත පතිත කිරීමට පැරෂුට රොකට් හා අහස් දොඹකරයක් ද යොදා ගැනිණි.

යානය ගොඩබැස්සවීමට ගතවූ ”ත‍්‍රාසජනක මිනිත්තු හත” ”ජයග‍්‍රහණයේ මිනිත්තු හත” කැරගත හැකි වී යැයි නාසා ප‍්‍රධාන විද්‍යාඥ ජෝන් ග‍්‍රන්ස් පීල්ඞ් කියයි.

මේ රොබෝ රෝවරය න්‍යෂ්ටික බල ශක්තියෙන් යුක්තය. අඟහරු ලොවේ ජීවය ඇත්ද යන ප‍්‍රශ්නයට උත්තර සපයා ගැනීම මේ මෙහෙයුමේ ප‍්‍රධාන කාරියයි. පොළොව සහ අඟහරු ග්‍රහායා අතර දුර ප්‍රමාණය කිලෝමීටර් විසි දෙකොටි පනස් ලක්ෂයකි.

අදහස්(46) බැලූවෝ (13399)

නාසා රොබෝවෙක් අඟහරු ලොවට බසී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ලංකා 2012-08-06 20:31:31

ඇත්තටම ඔය යවපු විදියට මිනිසෙක් යවන්න බැරිද අගහරු වෙතටත්? (නි)

රොෂාන් 2012-08-06 20:37:16

නොදැකපු දෙයක් දකින්න ලැබීම ගැන සතුටුයි. (නි)

fb-icon Sahehar Dawood 2012-08-06 20:54:15

සුභපැතුම්.. (ත)

සනත් ඉන්දික ඉතාලිය 2012-08-06 21:02:25

කට්ටිය මොකද ගොළු වෙලා නැද්ද මොකුත් කියන්න අනිවාර්යෙන්ම අපේ උගතෙකුත් ඕකට සම්බන්ද වෙලා ඇති ......ජයවේවා !!! (ත)

කෙවින් 2012-08-06 21:40:31

මෙන්න මේවට තමා ආශ්චාර්ය කියන්නේ. අපි හිතන්නේ කරන හැම වැඩක්ම ආශ්චාර්ය කියලයි. (අ)

දුනුවිල 2012-08-06 22:48:11

ලාංකිකයෙක් වන සරත් ගුණපාල මහතා මෙම කණ්ඩායමේ සම්පත්ධාරියෙක්. (නි)

http://technology.jpl.nasa.gov/people/s_gunapala/

කෝලිත 2012-08-06 23:03:37

ලෝකයේ ජනගහනයෙන් 1/3කට කන්න බොන්න දෙයක් නැහැ.. මැලේරියාව ලෝකයෙන් තුරන් කරන්න තවම බැරි උනා.. ලෝකයා මීට වඩා ලෝකය ගැන හිතලා බලන එක මීට වඩා වැදගත්..!!(නු)

රේගන් 2012-08-07 00:36:53

කොච්චර කාලයක් පරීක්ෂණ කරයිද? කොහොම උනත් හොද ජය ග්‍රහණයක්..!!(නු)

රිස්වාන් - සවුදි 2012-08-07 00:50:33

කියන්න වචන නැහැ. ලෝකයේ ආශ්චර්යය. (නි)

ඉනෝකා 2012-08-07 02:45:22

අගහරු ලොවත් දෙවියන්ගෙ මැවීමක්ද? පුදුමයි නේ! මැවුවා කියන විශ්වාස වලට තිත තියන්න කාලය හරි නේද? මොකද හිතන්නේ? (නි)

සමන් 2012-08-07 03:57:33

සන්තෝසයි (දී)

සමන් රොහාන් රණසිංහ 2012-08-07 03:59:08

07 August 2012

සමන් රොහාන් රණසිංහ,

නාසා රොබෝවෙක් අඟහරු ලොවට බසී

මේව ගොඩයට මැජික් වගේ ඇති නේද?. (දී)

සමන් රොහාන් රණසිංහ 2012-08-07 04:21:25

07 August 2012

සමන් රොහාන් රණසිංහ,

ඇත්ත තිත්තයි බොරැව පැණිරසයි,

රොබා හදන්නේ රොබාමයි.

මනුෂයා හදන්නේ මනුෂයා, ඒකයි සත්‍ය. (දී)

සමන්ත ජයසේකර 2012-08-07 05:05:05

ඇමෙරිකාවේ තවත් චිත‍්‍රපටයක් වත්ද..? සදට ගීයා වගේ තමයි. මේ පින්තුර නම් හොදටම පැහැදිලියි එහෙත් අඟහරු ග‍්‍රහයාගේ පින්තුර…??? වීඩියෝ හිපයකින්ම අරන් චිත‍්‍රපටයක් වගේ, වතුරත් නැතිලූ ඉතින් තියෙන ලොව විනාස නොකර හිටියානම් ඉවරනෙ. තියෙන ලොව විනාස කර කර විකාර කරනවා කියන්නෙ මේවට. (දී )

සමන් රෝහණ රණසිංහ. 2012-08-07 05:50:08

මේ ලෝකයේ අපට නොලැබෙන දෙයක් පස්සෙන් යනවට වඩා හොදයි, අපට මේ ලෝකයේ තිබෙණ දේ අපි රැක ගනිමු. (ත)

හේරත් 2012-08-07 07:16:08

අපරාදේ සල්ලි. ඔය සල්ලි කන්දරිව යොදවලා මේ ලෝකයේ සොබා දහම රැකගන්න ‍මොනවා හරි කළා නම් කොච්චර හොදද? (නි)

දුෂ්‍යන්ත 2012-08-07 07:14:10

මේවා බොරු වැඩ. ඉන්න ලෝකය විනාශ කර කර වෙන ලෝක ගැන හොයනවා. (නි)

වරුණ 2012-08-07 07:19:59

ලංකාවට සැබෑ ආශ්චර්යය කරා ළං වීමට කොපමණ කල් යාවිද? (නි)

ප්‍රසාදිනි 2012-08-07 07:22:28

මේක නම් මහම බොරුවක්ද කොහේද? (නි)

මහේෂ් 2012-08-07 07:46:38

ඔව්. ලංකාවේ කෙනෙකුත් ඉන්නවා මේ ව්‍යාපෘතියේ, සරත් ගුණපාල කියලා. එයා ප්‍රධාන විද්‍යාඥයෙක් මේ ව්‍යාපෘතියේ. (නි)

අමිල කටුනායක 2012-08-07 07:57:02

මෙය අගය කළ යුතු පිම්මකි. (නි)

fb-icon පීරිස් 2012-08-07 08:33:13

හොදයි. (නි)

හෙක්ටර් 2012-08-07 09:10:51

ලෝකයේ විපත් බොහොමයක් කල්තියා දැනුම් දෙන නාසා ආයතනයට අපේ ස්තූතිය! (නි)

සනෝජ 2012-08-07 09:12:31

ඇයි ඉනෝක මේකටත් ආගම්වාදේ (දී)

මාලක 2012-08-07 09:13:51

සරත් මහත්තයා මෙහෙන් ගිය එක එතුමාගේ වාසනාවක්. (නි)

නිෂර අරුන්දතී 2012-08-07 09:21:53

ඇත්තටම අලුත් සොයා ගැනීමක්. මගේ සුභපැතුම් (දී)

ෆයිසර් 2012-08-07 09:25:21

මේවා තමයි නියම වැඩ කියන්නේ. (නි)

fb-icon ඩේවුඩ් 2012-08-07 09:37:44

මේවා විජාතික කුමන්ත්‍රණ වෙන්නත් බැරි නැහැ. (නි)

නදී 2012-08-07 09:53:01

හොද දෙයක් දැන ගත්තා. ගොඩක් ස්තූතියි! (නි)

සුරී 2012-08-07 10:18:35

හසන්ත මහත්තයෝ, පේනවා නේද අද ලෝකයේ තාස්ක්ෂණේ දියුණුව? තව ටික දවසකින් ලංකාවෙනුත් මේ වගේම රොබෝලා හදලා යවනවා නියතයි. (නි)

නිමල් බණ්ඩාර 2012-08-07 10:48:39

ආචාර්ය සරත් ගුණපාල මහතා මේ සදහා දායක වී ඇත. අපට ඒ ගැන සතුටුයි. එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබද උපාධිය ලබා, ඇමෙරිකාවේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණාත්මක භෞතික විද්‍යාව සදහා ආචාර්ය උපාධි ලබා ඇත. (නි)

දයා-සවුදි 2012-08-07 11:37:51

සතුටේ නම් නිමක් නැත. මෙහි කුමන හෝ ජීවියකු සිටීමට නොහැකිද? (නි)

ජානක දන්දෙනිය 2012-08-07 12:46:20

මට පෙනෙන සියල්ල මගේද කියල හිතෙනවා මට. (නි)

සජී 2012-08-07 13:58:33

ඔයාගෙ තමයි ජානක ඔයාගෙ තමයි..!!(නු)

විමලසේන කුරුණෑගල 2012-08-07 14:24:31

ඇත්තටම අලුත් සොයා ගැනීමක්. මගේ සුභපැතුම්

හිරන්ත 2012-08-07 15:03:47

සුභ පැතුම් ලාංකිකයන්ට විතරක් නෙමෙයි.. ඕනෙම කෙනෙකුට අදාලයි.. හැමදේටම ලංකා ලංකා කියන එක අපේ පටු මානසිකත්වයක්..!!(නු)

මාධව 2012-08-07 16:25:42

ආදි නාලන්දීය ආචාර්ය සරත් ගුණපාල මහතා මේ සදහා දායක වී ඇත. අපි ශ්‍රී ලංකිකයන් හැටියට ආඩම්බර විය යුතුයි..!!(නු)

ඉනොකා 2012-08-07 18:48:31

සනෝජ සත්‍යය දැකීම ආගම් වාදයද? මැවුන් වාදය බොරුයි කියා අද ඔප්පුවෙලා ඉවරයි. තව ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලාගන්න පුලුවන්. ආතර්සී ක්ලාක් මහත්තය කියපු දේවල් ඔප්පුවෙමින් පවතිනවා. සනෝජ විවෘත මනසකින් ලෝකය හා ආගම් දෙස බලන්න පුරුදුවන්න. (අ)

කෙනත් (USA ) 2012-08-08 01:50:54

මේ අයත් සුබ නැකත් බලල රාහු කාලය පන්නල, සුබ දිසාව බලල කොරන්න ඇති නේද? කේන්දර කොපියක් හදල රෝබෝටත් උපන් වෙලාවට කේන්දරයක් හදන්න ඇති, මේක ගුවන්ගත කරන මහා උත්සවයට ඔබාමා ඇවිත් උත්සවාකාරයෙන් විවෘත කරන්න ඇති. මේකට මුල් වුනේ තමන් කියල දේශපාලන වීරයෝ වේදිකා වල උඩ පැන පැන කෑ ගහයි. "අගහරු වල ලොකු ගලක්" කියල අනෙක් අය කෑ ගහයි, "අගහරු යනවා කියල ඇලහැර යනවා" කියල සමහරු කියයි, "ඕක යවන්න ඕන මේ නැකතට, නැත්නම් ශනි දෝෂ වෙනවා, මේ දිශාව බලා යවන්න ඕන" කියල ජෝතිර්වෙදියෝ කියයි, "අනේ සල්ලි, ඕකෙන් කන්න දුන්නනම් මොකද වෙන්නේ" කියල අදහස් දාන අයත් ඉන්නවනේ. ඔන්න අපේ අය කොරන්න ගියොත් ඉස්සර කරගන්න දේවල් ටික. අන්තිමට වැඩේ කොට උඩ, නැකතට තියපු මුල් ගල් පැලවෙනවා. වස්තු දෝෂ කියල ගෙවල් වල වැසිකිලිය ඉස්සරහ දොර කරනවා, කුස්සිය ආලින්දයට ගෙනියනවා. මේවගෙන් වවාගෙන කන අය විශාල වශයෙන් බිහිවෙලා , ජන මාධ්‍ය හරහා මේ විකාර මිත්‍යා මත තහවුරු කරලා බොහෝ අයගේ ඔළුගෙඩි නරක්කරලා ඉවරයි. ලංකාවට දියුණු වෙන්න අමාරු මෙන්න මේ තිසරණයෙන් බැහැර වී මිත්‍යා වැඩ කරගහගෙන යන නිසයි. මේවා බැහැර කරලා ධාර්මිකව, ඉන්ද්‍රිය ගෝචරව බුද්ධි ගෝචරව වැඩ කලොත් අපිත් දියුණු වෙයි. මේවා දිහා බලල අපේ අඩුපාඩු හද ගන්න ඕනේ. (නු)

Saman Rohan Ranasinghe 2012-08-08 04:28:24

ඉංග්‍රීසි ජාතිය පොදුවේ ගත හොත් ඒ අය දෙවියෝ බුදුන්වත් තියා බ්‍රහක්මයන් හෝ මහ බ්‍රක්මයාවත් දන්නෙ නැහැ. ඒකට හේතු ගොඩක් තියනවා. ඒගොල්ලන් මනුෂයන්වත් හදුනන්නේ නැහැ. අඩුම ගානේ ඒ අය ඒගොල්ලන්වවත් හදුනන්නේ නැහැ. ඇත්තටම ඒගොල්ලන් මේලෝකයේ අසෞහාවිකව ජීවත් වන, සෞවහාව ධර්මයෙන් පිට පැනපු පිරිසක්. ඒ නිසා සෞහාවිකව පැවතීගෙන එන රටවල් එනම් මනුෂයලෝක සහ දිවියලෝක අයත් සියල්ලම රටවල්, ඒ ඉංග්‍රීසි ජාතීන්ගේ ප්‍රශ්ණ ඒගොල්ලන්ටම විසද ගන්න ඉඩ හරින්න එවිට ඒ අය සෞහාවික වේවි. ඒ ගොල්ලන් සමග යුද්ධ කරන්නට ගිය හොත්, ඉංග්‍රීසි ජාතිය මුලු ලෝකයම කුඩේ කුඩුවෙන්නට ගහයි. යුද්ධ අතිවෙන්නේ සෞවභාවික, එහෙත් මේ ඉංග්‍රීසි ජාතිය, ජාතියක් බලයෙන් හදාගෙන, ආත්ම ගනනක් බලයෙන් ලෝකයම අල්ලන්නට ආපු ගමනක් මේ ජාතිය. ඒ නිසා මේ ලෝකයේ සෑම ජාතියක්ම තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලසා ගන්න. ඇත්තම කියනවනම් මේ ජාතිය රොබෝ වගේ, නොදන්න කම නිසා, නොකරන්න බැරි දෙයක් නැහැ. මොකද ඒ ගොල්ලන් මනුසත්වය දකින්නෙ වැරදි ඇසකින්. ඇත්තටම, කොටින්ම කියනවනම්, තිරිසනුන්ට බණ දේශනා කිරීමේන් වනසුගතියක් නැත.(වි)

හරින්ජයලත් 2012-08-08 09:16:21

අද තාක්ෂණය කොතරම් දියුණුවෙලාද කිව්වෙත් මෙහෙ ඉදන් අගහරු ලෝකයත් පාලනය කරනවා..!!(නු)

වසන්ත ගාල්ල 2012-08-08 11:06:02

සමන් රොහාන් රණසිංහ මේවා ගොඩයන්ට විතරක් නොවී ඔයාල වගේ මඩයන්ටත් මැජික් තමයි. ඇයි මීට කලින් ඔය අගහරු ලෝකෙට ගියා වගේ කතාව. ඔබ දන්නවද කොහොමද, කවුද රොබෝ යන්ත්‍ර හදන්නේ කියල. විකාර දොඩවන්නේ නැතුව ලියන්න කලින් ටිකක් ඒගැන හොයල බලන්න (දී)

ශ්‍රියානි කොඩිකාර 2012-08-08 12:09:51

නාසා ආයතනයට සුබපැතුම් (දී)

නිසංසලා 2012-08-08 20:28:12

කවුරු කවුරුත් කරන පර්යේෂණ වල ප්‍රතිඵල අද ඔය බොරුවට කෑ ගහන කට්ටියත් නිශ්ශබ්දව භුක්ති විදිනවා. ඒක අමතක කරන්න හොද නැහැ. (නි)

හේමචන්ද්‍ර 2012-08-08 23:22:59

තත්පරයෙන් තත්පරය දියුණුවේ ඉසව් පසු කළත් මොහොතින් මොහොත මිනිස් සමාජයේ මිනිස් ගුණධර්ම ගිලිහී යාම අප සැමගේම අභාග්‍යයක්..(නු)

නිහාල් 2012-08-17 10:22:33

ආචාර්ය සරත් ගුණපාල මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ උපත ලද ඔබ අප සැමට මහත් ආඩම්බරයෙකි. ජය වේවා !! (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :