2009 අප්‍රේල් 20 වෙනි සදුදා, 12:14
යුද මුක්ත කලාපයට පිවිසෙන දකුණු පුදුමන්තලන්හි පස් බැම්මක් කඩා කොටියන්ගේ ආරක්ෂක වළල්ලක් අල්ලා ගැනීමට යුද හමුදාව අද අලූයම සමත්වූ බවත් මේ ප‍්‍රහාරයේදී කොටි ඉලක්ක වෙත කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළ බවත් යුද හමුදාව කියයි.
දකුණු පුදුමන්තලන් පෙදෙසින් විවෘත කළ දෙරටුවෙහි අද දහවල් වන විටත් සරණාගතයන් එළියට එමින් සිට බව හමුදාව පවසයි.
කොටියන් අන්දු කුන්දු කරමින් සිදුකළ මේ මෙහෙයුමෙන් කොපමණ ප‍්‍රමාණයක් කොටියන් මැරීයන්නට ඇත්දැයි ක්ෂණිකවම කිව නොහැකියැයි යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි.
වන්නි රොමේෂ් මධුෂංක