පුදුකුඩු ඉරිප්පුවේ යුද මුක්ත කලාපයේ වැලි තීරයේ කොටුවී සිටින වන්නිවැසියන් මුදා ගැනීමේ මෙහෙයුමට සැරසෙමින් එම කලාපයට පිවිසුම් මඟක් පාදා ගැනීමේ අරමුණින් සේනාංක දෙකක් පරන්තන්, මුලතිව් ඒ 35 මාර්ගයේ වෙල්ලමුල්ලෙයි වයික්කාල් පාලම අසළට දැන් පැමිණ සිටියි.
කොටියන්ගේ ප‍්‍රබල විරෝධතා මැද 53 වැනි සේනාංක හා 58 වැනි සේනාංක එම පාලමට මීටර හත්සියයක් හෝ අට සියයක් පමණ ආසන්න වී සිටිතියි’ද එම සටනේදී කොටියන් 17 දෙනකු මැරුම් කන්න ඇතැයිද පැවැසේ.
කිලෝමීටර 12 ක් දිගැති සිහින් වැලි තීරයක මේ යුද මුක්ත කලාපය පිහිටි බවත්, හැත්තෑ දහසක් දෙනා එහි ප‍්‍රාණ ඇපකරුවන් සේ සිටින බවත් රජය කියයි. හමුදාව උපක‍්‍රමික පියවරක් අනුගමනය කරමින් අවසන් මොහොතේ නන්දිකඩාල් කලපු තෙර දෙසට ඉදිරි ආරක්‍ෂක සීමාව වෙනස් කළේය.


