වරකට මල් පහක් දක්වා දැකිය හැකියි.. පත‍්‍ර ඉලිප්සාකාරය. මිලි මීටර අටේ සිට විසි හය දක්වා දිගකින් යුතුය.
දෙමළ බසින් විෂ්ණු කිරින්දි යනුවෙන් හැඳින්වේ. සංස්කෘතයේ විෂ්ණු කරන්ටා ලෙස සඳහන්වේ. උද්භිද විද්‍යාත්මකව එවොල්වුලූස් ඇල්සිනොයිඩස් ලෙස නම් කර ඇත. ඉන්දියාව, පිලිපීනය හා ශී‍්‍ර ලංකාව වැනි රටවල බහුලව දැකිය හැකියි.
ශ‍්‍රී ලංකාවේ වියළි දේශගුණය සහිත ප‍්‍රදේශවල බහුලව හමුවන විෂ්ණු ක‍්‍රාන්ති අතරමැදි හා පහත් තෙත් බිම් වල ද සරුවට වැවේ.
විෂ්ණු ක‍්‍රාන්ති මුල් වල සාරය පාචනය හා මානසික රෝග සුව කිරීම සහා යොදා ගනී. ශාකයෙන් සිඳ ගන්නා තෙල් හිස කෙස් වර්ධනය කරන ඖෂධයක් ලෙස ප‍්‍රකටය.


ඇඩචාලම් කට්ටුමල්ලිගයි හා සිරුමල්ලිගයි යනුවෙන් දෙමළ භාෂාවෙන් හඳුන්වන වල් පිච්ච මල ද උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයකි. එහි විස්තර කලින් පළවිය.
සජීව විජේවීර


