(රංජන් කස්තුරි*
උපාධිධාරී පුහුණු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ දරුවනට එන්නත් දිය යුතු යැයිද හදිසි අවස්ථාවකට මුහුණ දීමට එම එන්නත් කාර්යමණ්ඩලය පෙර සූදානමකින් පසුවීම අනිවාර්ය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත.
මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයයේ පේෂලා හංසනී සිසුවිය මියයාම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් වන ස්ටෙෆාන් ගුචාඞ් සහ මාධව රාම් බාලක‍්‍රිෂ්ණන් යන මහත්වරු පැවැත්වූ පරීක්‍ෂණයේ වාර්තාවේ එසේ සදහන් වන බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේ කියයි.


