සිරි ද සිල්වා නමැති ඔහුට ශ්‍රී ලංකා සංචාරක ක්‍ෂේත‍්‍රයට ත‍්‍රාසජනක ඉසව්වක් හඳුන්වාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් පසුගියදා සම්මාන පිරිනැමීම සිදුකරනු ලැබුවා. මෙලෙසින් සංචාරක ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයින් පස් දෙනෙකුට ප‍්‍රධාන සම්මාන පිරිනැමුනේ ශ්‍රී ලංකා සංචාරක ක්‍ෂේත‍්‍රයට අඩුවක්ව තිබූ ත‍්‍රාසජනක ඉසව් කීපයක් හඳුන්වාදීම වෙනුවෙනි. එ් අතරින් අලි සෆාරි හෙවත් අලින්ගේ පිට උඩ නැගී වනාන්තරයේ සංචාරය කෙරෙන ත‍්‍රාසජනක ඉසව්ව හඳුන්වන්න පුළුවනි. ශ්‍රී ලංකාවට මෙම ඉසව්ව හඳුන්වා දුන් ප‍්‍රමුඛ තැනැත්තා ලෙස සිරි ද සිල්වා නම්කරන්න පුළුවනි. අලි බැලිල්ල සහ බලි බැලිල්ල කොච්චර එපා වුණත් අලින්ගේ පිට උඩ නැගී සෆාරි යන එක නම් බෙහෙවින්ම භයානක බව කියන්න පුළුවනි. එ් වෙනුවෙන් අලි පුරුදු පුහුණු කළ විදිය සහ අලි සෆාරි ගැන මෙන්ම තවත් ත‍්‍රාසජනක ඉසව් ගැන විස්තර අපි සිරි ද සිල්වා ගෙන් දැන ගනිමු.
”ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් ත‍්‍රාසජනක ඉසව් තිබුනේ නැහැ. එ් නිසා 1991 දි විතර ජර්මානු සංචාරක ව්‍යාපාරිකයින් හා එක්ව සාකච්ඡුා කරලා මේ වැඬේ පටන් ගන්න පුළුවන් වුණා. අපි අපේ මේ ව්‍යාපාරයට නම තැබුවේ ඇඞ්වෙන්චර් ලංකා සෆාරි (්ාඩැබඑමරු ඛ්බන්* කියලයි. අලි ඇතුන් පිට නැගී කැලෑවේ සංචාරය කිරීමට මේ නිසා සංචාරකයින්ට හැකි වුණා.”
එ් සඳහා අලි ඇතුන් පුරුදු පුහුණු කළේ කොහොමද?
මේ සඳහා එනම් සංචාරයට සුදුසු අලි විතරක් අපි තෝර ගෙන උන් පුරුදු පුහුණු කළා. සෑම අලියෙකුටම මේ කටයුත්ත කරන්න බැහැ. පුරුදු පුහුණු කිරීම පවා කරන්න වෙන්නෙ තෝරා ගත් අලින්ටයි. මුලින්ම උන්ගේ පිට උඩ ආසන බැඳ එ් ආසන ගැළපෙනවද කියලා පරීක්‍ෂා කර බලන්න ඕන වුණා. එ් අනුව ගැළපෙන අලි මේ කටයුත්ත සඳහා යොදා ගත්තා.
අලින්ගෙ පිට උඩ ආසන බැඳ, මිනිසුන් එහි වාඩිවී සිටින විට අලි කුලප්පු වුනේ නැද්ද?
පුරුදු x පුහුණු කළ පසු ඇත් ගොව්වන්ගේ අණට අලි කීකරුයි. එ් නිසා කවදාවත් ප‍්‍රශ්න ඇතිවෙලා නැහැ. අලින්ට යමක් පුරුදුx පුහුණු කළාම උන් එය හරියට කරනවා.
මේ විදිහට මිනිසුන් අලින්ගෙ පිට උඩ නැගී සංචාරය කරන විට කැලේ සිටින වල් අලි මුණ ගැහුණම මොනවගේ දේවල්ද වෙන්නෙ?
කැලේ සිටින වල් අලි මේ හීලෑ අලි ළඟට එන්නෙ නැහැ. සමහර විට ඈත සිට පුංචි තර්ජන ස්වරූපයක් පෙන්වා කැලේට යන්න යනවා.
අලි කීදෙනෙක් විතර මේ වැඬේට මේ වෙනකොට යොදවලා තියෙනවද?
එදා සිට සංචාරකයින් වැඩිපුර පැමිණෙන හබරණ වැනි ප‍්‍රදේශවල අලි යොදවා තිබෙනවා. එ් අලින්ට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් සහ පශු වෛද්‍ය ක‍්‍රම සියල්ලම අපි සපයා තිබෙනවා. එ් වගේම මේ අලින්ගෙ පිට උඩ නැගී සංචාරයට එක්වන සංචාරකයින් විශාල මුදලකට රක්‍ෂණය කර තිබෙනවා.
කොහොමද මේ අලි සංචාරය අරඹන්නෙ?
මේ විදිහට සංචාරය කරන්න, එනම් කිලෝමීටර 4 ක් විතර යන්න පැය 2ක් විතර ගත කරනවා. සංචාරකයින්ට අවශ්‍ය ත‍්‍රාසජනක අත්දැකීම ලැබෙන විදියට තැන් තැන්වල නතර වේවී තමයි සංචාරය කරන්නෙ. උදේට පැය දෙකක් x දෙක හමාරක් විතර සහ හවසට පැය දෙකක් x දෙක හමාරක් විතර සංචාරය සූදානම් කරනවා.
කී දෙනෙකුට විතර සංචාරයට එක්වෙන්න පුළුවනිද?
ළමුන් දෙදෙනෙකු සමග වැඩිහිටි හතර දෙනෙකුට විතර යන්න පුළුවනි.
වැඩියෙන් යොදා ගන්නෙ ගැහැනු සතුන්ද? පිරිමි සතුන්ද?
වැඩිපුර යොදා ගන්නෙ ගැහැනු සතුන්. උන් හිලෑ කරන්න ගොඩක් ලෙහෙසියි. මේ විදියට සංචාරයට යොදා ගන්නා අලින්ට දහවල් 12 සිට සවස 3 විතර වෙනකල් වතුරේ ඉන්නට ඉඩ හරිනවා.
මේ සංචාරයට එක්වන සංචාරකයින් මොනවද කියන්නෙ?
ඇත්තටම මෙය හරි අපූරු අත්දැකීමක් ගෙනදෙන දෙයක් කියලා.
ඇත්තටම මේ අලියකුගේ මිල කොපමණ වෙනවද?
මේ සතුන් මිල කරන්න බැරි තරමට වටිනවා. අපි මේ අලි සම්පත රැුකගන්න ඕනෙ. නමුත් වෙළෙඳ ප‍්‍රජාව ඔවුන්ගේ ගැණුම් සඳහා අලියෙකු මිලියන දෙකකට හෝ තුනක පමණ මිලකට යොමු කරවනවා. පිරිමි සතුන් තරමක් මිල අධිකයි.
ඇයි මේ අලින්ගේ පිට උඩ නැගී සංචාරයේ යෙදෙන කටයුත්ත ශ්‍රී ලංකාව පුරා ප‍්‍රචලිත කරන්න බැරි?
මෙය හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. මේ නිසා පිරිසකට රැුකියා ලැබී තිබෙනවා. ඒ වගේම අලින්ගේ නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවා. අපි මෙය කරන්නෙ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි. නගරබද ප‍්‍රදේශවල මේ කටයුත්ත කිරීම අපහසුයි. මෙහි ත‍්‍රාසය රැුඳී තිබෙන්නේ කැලෑබද ප‍්‍රදේශවල සංචාරය කිරීමෙනුයි.
ත‍්‍රාසජනක ඉසව් සඳහා මේ කටයුත්ත විතරද ඔබ ඉදිරිපත් කළේ?
නැහැ.. සැඬ පහර සමග බෝට්ටු සවාරිය ඇතුළු බොහෝ ත‍්‍රාසජනක ඉසව් සංචාරක ක්‍ෂේත‍්‍රයට මා හඳුන්වා දුන්නා. මෙය මුදලට වඩා ප‍්‍රජා සේවාවක් කියලයි මම හිතන්නෙ.
මේ නිසාම නේද ඔබට සම්මානය පවා හිමිවුනේ?
ඇත්තටම සංචාරක අධිකාරිය විසින් සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශිෂ්ටයින් පස් දෙනෙකු වෙනුවෙන් දුන් සම්මාන අතරට මාද එක්වීම මට සංචාරක අධිකාරිය කළ ගෞරවයක් කියලයි හිතෙන්නෙ. විස්තර සඳහා 2796168 ඔස්සේ අමතන්න.


