ලෙස්ටර්ට අප කළගුණ සැළකුවාද?
”මා සිතන අන්දමට ආසියානු සිනමාව ලෝක සිතියමෙහි සටහන් කරන ලද්දේ සිනමාකරුවන් තිදෙනෙකු විසිනි. ඔවුහු නම් අකිරා කුරොසාවා (ජපානය*, සත්‍යජිත් රායි (ඉන්දියාව* සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් (ශ්‍රී ලංකාව* යන තිදෙනාය. ලෙස්ටර් පෙනී සිටින්නේ ජීවිතය වෙනුවෙනි. ඔහුට දේශපාලන න්‍යාය පත‍්‍රයක් නැත. ඔහු කතා කරන්නේ මිනිසා මුහුණ දෙන සැප දුක් ගැන හා පවුලෙහි දෙදරීම් ගැනය. ඔහු නිතර පවසන්නේ ලෝකයෙහි න්‍යෂ්ටිය පවුල බවයි.” අපේ සිනමා ඉතිහාසයෙහි මේ තාක් පහළ වූ අග‍්‍රගණ්‍ය සිනමාවේදියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන ඉහත සඳහන් ප‍්‍රකාශය කළේ අපේ රටේ විචාරකයකු නොව ලෙස්ටර් පීරිස් ගැන වාර්තා චිත‍්‍රපටයක් නිර්මාණය කළ ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන වික‍්‍රම් සිං ය. ලෙස්ටර් ගැන වාර්තා චිත‍්‍රපටයක් තැනීමේ රාජකාරිය වික‍්‍රම් සිං ට පැවරුවේ ඉන්දියානු රජය යි. ඉන්දියානු රජයේ බාහිර කටයුතු පිළිබඳ අමාත්‍යංශය යි. ඉන්දියානු රජය වෙනුවෙන් සත්‍යජිත් රායි ගැන වාර්තා චිත‍්‍රපටයක් තැනූවේද ද වික‍්‍රම් සිං ය.
ලෙස්ටර් පීරිස්ගේ වයස දැන් අවුරුදු 90කි. ඔහු බිහි වූයේ අකිරා කුරොසාවා බිහි වූ ජපානය හෝ සත්‍යජිත් රායි බිහි වූ ඉන්දියාව වැනි දැවැන්ත රටක නොව ශ්‍රී ලංකාව නමැති මේ කුඩා රටෙහි ය. ජපානය කුරොසාවාට හෝ ඉන්දියාව රායි ට දැක් වූ ආදරයෙන්, ගෞරවයෙන්, බුහුමනින් අසෙන් අසක්වත් අප ලෙස්ටර් පීරිස්ට පිරිනමා නැත. ඔහුගේ චිත‍්‍රපට කිහිපයක් හෝ සංරක්‍ෂණය කර ඇත්තේ ජපානය, ප‍්‍රංශය, ඉන්දියාව, චෙකොස්ලෝවැකියාව වැනි පිටරටවල් ය. ඔහුට 1992 දී ක්‍දපප්බාැර දෙ ්රඑි ්බා ඛැඑඑැරි යන ගෞරව නාමය ප‍්‍රදානය කළේ ප‍්‍රංශ රජය යි. 2000 දී යාවජීව කර්තව්‍ය සම්මානය ප‍්‍රදානය කළේ ඉන්දීය රජය යි. ඔහුගේ සිනමා උත්සව වැඩි වශයෙන් පවත්වා ඇත්තේ මෙරට නො ව නො රටයි. (2002 ජපානයේ ෆුකෝකා අන්තර්ජාතික සිනමා උළෙලට සහභාගි වූ අවස්ථාවේ එහි එක් රැුස් වී සිටි රටරටවල සිනමාකරුවන් හා සිනමා උළෙලේ සංවිධායකයන් දෙවියකුට මෙන් ඔහුට සැලකූ ආකාරය මා ඇතුළු වසන්ත ඔබේසේකර, මාලිනී, වසන්ති, ජැක්සන්, බෙනට්, ලින්ටන්, ඈෂ්ලි යන ශ්‍රී ලාංකේය නියෝජිත පිරිසට අපගේ දෑසින් ම දක ගත හැකි විය.*
පේරාදෙණිය විශ්වවිද්‍යාලය එතුමාට ගෞරව ආචාර්ය උපාධියක් :ෘගඛසඑඑ* ප‍්‍රදානය කළේ ය. රජයේ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය එතුමා නමින් මුද්දරයක් නිකුත් කර තිබේ. (මුද්දරය නිර්මාණය කරන ලද්දේ සම්මානලාභී මුද්දර සැලසුම් ශිල්පී සනත් රෝහණ වික‍්‍රමසිංහ විසිනි* චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය විසින් ”යාවජීව කර්තව්‍ය සම්මානය” ප‍්‍රදානය කළා ය. අසෝක සේරසිංහ මහතා සභාපතිත්වය දැරූ සමයේ ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් පවත්වන්ට යෙදුණු ජනාධිපති සම්මාන උළෙලේ දී සිදු වූ නිගරු කිරීමක් ගැන ලෙස්ටර් මහත් සිත් වේදනාවට පත් ව සිටි අවස්ථාවේ එයින් කම්පාවට පත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ලෙස්ටර් පීරිසුන් අරලියගහ මන්දිරයට කැඳවා එතුමා වෙත ගෞරවාචාර පුද කළේ ය.
ආචාර්ය තිස්ස අබේසේකර ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති ධුරයට පත් වූ පසු ලෙස්ටර්ගේ උපන් දිනය වූ අපේ‍්‍රල් 05 වැනි දා ජනාධිපති සිනමා සම්මාන උළෙල පැවැත්වෙන දිනය ලෙස නම් කරන ලදී. ”අපේ‍්‍රල් 05 දා ජනාධිපති සිනමා සම්මාන හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය උළෙල පැවැත්වීම තිස්ස අබේසේකරයන්ගේ යෝජනාවක් නිසා ඉන් පසුව පත් ව ආ සභාපතිවරුන් විසින් එම සිරිත අත් හිටුවන්ට යෙදුණි. රජයේ චිත‍්‍රපට අංශය, ”ලක් රූ” නමැති රූපවාහිනී නාළිකාව ආරම්භ කිරීමට ලෙස්ටර්ගේ 90 වැනි උපන් දිනය යොදා ගැනීම ප‍්‍රශංසාත්මක කටයුත්තක් බව සඳහන් කළ යුතු ය.”
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කොළඹ නගර සභාවට දුන් නියෝගයක් චිත‍්‍රපට සංස්ථාවේ උපදේශක ටී.ඇම්. සංගදාස මහතාගේ නොපසුබට උත්සාහයත් නිසා ලෙස්ටර් පීරිසුන් බොහෝ කාලයක සිට වාසය කරන කුලී නිවෙස පිහිටි ඩික්මන්ස් පාර ”ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත” යනුවෙන් නම් කරන්ට යෙදුණි. ඊට එරෙහිවත් නඩු මගට බසින්ට එම පාරේ නිවැසියන් කිහිපදෙනකු සූදානම් වූ මුත් පසුව ඒ විරෝධය යටපත් විය. පිලිප් කුරේ එතුමා ගැන මුල් ම පොත ලියුවේ ය. මම ද පොතක් ලියුවෙමි. තවත් පොත් තුන හතරක් ලියැවී තිබේ. එහෙත් මේ එකක්වත් ප‍්‍රාමාණික කෘති නොවේ.
ලෙස්ටර් පීරීස් වෘත්තාන්ත චිත‍්‍රපට 18 ක් අධ්‍යක්‍ෂණය කළේ ය. මේ චිත‍්‍රපට 18 වත් එකට එකතු කර සංරක්‍ෂණය කරන්ට තවමත් අපට පුළුවන්කමක් ලැබී නැත. ”සංදේශය” චිත‍්‍රපටයේ නෙගටිව්පටය, සිනමාස් රසායනාගාරයත් සමඟ ජාතිවාදී කෝලාහල සමයේ සිංහල ජාතිවාදීන් විසින් ගිනිබත් කරන්ට යෙදුණි. ඒ නිසා ”සංදේශය” චිත‍්‍රපටයේ එකම පිටපතක්වත් ලංකාවේ නැත. චෙකොස්ලෝවැකියාවේ සංදේශයේ සංරක්‍ෂිත පිටපතක් ඇති බවටත් එය ගෙන්වා ගැනීමට කටයුතු යොදන බවටත් කතා බහ පැතිර ගිය නමුත් එය මේ දක්වාත් සිදු නොවුණි. තිස්ස නාගොඩවිතාන මහතා මහත් අසීරුවෙන් ”රන්සළු” චිත‍්‍රපටයේ එක් පිටපතක් සොයා සංරක්‍ෂණය කර ඇත. ලෙස්ටර්ගේ චිත‍්‍රපට නිෂ්පාදනය කළ ඇතැම් නිෂ්පාදකවරු ලෙස්ටර් සිනමා උළෙලක පෙන්වීමටවත් එම චිත‍්‍රපට ලබා දෙන්නේ නැත. කුරොසාවාගේ චිත‍්‍රපටවල ෘඪෘ එකතුවක් ලොව ඕනෑම රටකින් ඕනෑම මොහොතක ලබාගත හැකි ය. එහෙත් ලෙස්ටර්ගේ චිත‍්‍රපට එකතුවක් අපේ රටේ කොතැනකවත් නැත. ලෙස්ටර් පීරිස් ළඟවත් නැත.
අවුරුදු 90ක් තිස්සේ ලෙස්ටර් පීරිස් ගෙවල් දොරවල් හැදුවේ නැත. දරුමල්ලන් හැදුවේ නැත. හැදුවේ චිත‍්‍රපටය. චිත‍්‍ර කලාව හැරුණු කොට විශ්වයට ගිය එකම ශ්‍රී ලාංකේය කලාව සිනමා කලාව ය. ඒ සිනමා කලාව ලෝකයට ගියේ එතුමා හැ¥ ඒ චිත‍්‍රපට ඔස්සේ ය. ඒ වෙනුවෙන් අප එතුමාට කළ ගුණ සලකා ඇත් ද?
ලෙස්ටර්ගේ උපන්දිනයට ”ලක් රූ” ඇරැුඹෙයි
අනිද්දාට (05* යෙදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 90 වැනි ජන්ම දිනය සැමරීම පාදක කර ගනිමින් රජයේ චිත‍්‍රපට අංශය සිය කුළුඳුල් රූපවාහිනී නාළිකාව වන ‘ලක් රූ’ නාළිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම නාළිකාව තම විකාශන කටයුතු ආරම්භ කරනුයේ ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය මගින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විකාශය කරනු ලබන නැවුම් අත්දැකීමක් ලෙස සැලකිය හැකි පීඊ ඕ ටීවී (ඡුෑධ ඔඪ* නාළිකාව හා සමගාමීවය.
සංගීතය, චිත‍්‍රපට ආදී සියලූම විනෝදාස්වාදාත්මක වැඩසටහන්, වාර්තාමය වැඩසටහන් මෙන්ම 1948 වසරේ සිට මේ දක්වා සිදු වූ සියලූ ම විශේෂ හා ඓතිහාසික සිදුවීම් ‘ලක් රූ’ නාළිකාව හරහා විකාශය කිරීමට පෙළ ගස්වා තිබේ. අප නිදහස ලබා ගත් දා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ ඞී. ඇස්. සේනානායක මහතා කළ සම්පූර්ණ කතාව ඒ අතරින් සුවිශේෂ එකකි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රජයේ චිත‍්‍රපට අංශයේ සේවයේ නියුතුව යුගයේ නිෂ්පාදනය කරනු ලැබූ ශී‍්‍ර ලංකාවේ සංස්කෘතිය හා අභිමානය පිළිබිඹු කරන දුර්ලභ ගණයේ ඓතිහාසික වැඩ සටහන් රැුසක් මෙම නාළිකාව හරහා පේ‍්‍රක්ෂකයනට දැක ගත හැකි වෙයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ‘රේඛාව’ නිපදවීමට මග හෙළි කළ, ඔහුගේ වැඩි දායකත්වයක් ලැබුණු, රජයේ චිත‍්‍රපට අංශය වෙනුවෙන් රැුල්ෆ් කීන් නිපදවූ ‘නෙළුන්ගම’ වැනි වැඩසටහන් ද ඒ අතර වෙයි. රජයේ චිත‍්‍රපට අංශය වෙනුවෙන් විශේෂ වාර්තා වැඩසටහන් රැුසක් ම ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය විය. එයින් මැලේරියා මර්දන ව්‍යාපාරය වෙනුවෙන් ලෙස්ටර් නිර්මාණය කළ ‘රජරට ජයග‍්‍රහණය’ (ක්‍දබුමැිඑ සබ එයැ ෘරහ ’දබැ*, මාර්ග අනතුරු වැළැක්වීම පිණිස කළ ‘රැුකෙනු නැත තැවෙනු’ (ඊැ ී්ෙැ දර ඊැ ීදරරහ*, සෞඛ්‍යය හා පවුල් සැලැසුම වෙනුවෙන් කළ ඔදද ඵ්බහ ඔදද ීදදබ වැනි වාර්තා වැඩසටහන් ඒ අතර වෙයි.
x ලූසිත ජයමාන්න
මට දැන් හීනෙන් කියන්නේත්් වැඩිය කතා නොකරන්න කියලයි
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරින් අනිද්දා (05* සිය ජීවන ගමන් මගේ 90 වැනි විය සපුරයි. ඒ පිළිබඳව ඔහුගේ අදහස් දැන ගැනීමට දුරකථනයෙන් කතා කළ මොහොතේ දී අසනීප මධ්‍යයේ වුවද අප හා කතා බහ කිරීමට තරම් එතුමා නිහතමානී විය. ඒ නිහතමානිත්වයට අප ගරු කරන අතරම අපේ කතාබහේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ශූරින් පැවසූ දේ මෙසේ සටහන් කරන්නෙමු.
මට අවුරුදු 90 වන විට හීනෙන් පවා කියලා තිබෙන්නේ වැඩිය කතා කරන්න එපා කියලයි. අනෙක 90 වන විට මම මොනවා කතා කරයි ද දන්නේ නෑ. අපි කතා කළත් වැඩක් නැහැනේ. මේ කාලයේ කතා කරන්න ගියාම හරියට වචන එන්නෙත් නෑ. ඒ හින්දා මම දැන් සම්මුඛ සාකච්ඡුාවලට එන්නෙත් නෑ. නිශ්ශබ්දව ඉන්න එක වඩා හොඳයි. අපි කතා කළ දේවල්වලින් ප‍්‍රතිඵල නැත්නම් නිහඬව සිටීම හොඳයි නේද? මා හිතන්නේ මගේ වයසට ඒක හොඳයි කියලයි.”
ආචාර්ය ලෙස්ටර් ශූරින් පැවසූ ඒ වදන්වල බොහෝ දෑ සැඟව තිබේ. ඒ සැඟවූ දේ ගැන අපට සිතා බලන්න දැන්වත් කාලයයි. හෙළයේ මහා සිනමාවේදියාණෙනි, ඔබට නිදුක් නිරෝගී සුව පතන්නෙමු. චිරං ජයතු.ෟ
x යහම්පත්







