”උත්තමාවී, පුංචි රාළ, පාරමිතා, මෙහෙව් රටේ වැනි ටෙලිනාට්‍ය වලින් උත්සාහ කළේ පේ‍්‍රක්‍ෂක රසවින්දනය වඩා දියුණු මට්ටමකට රැුගෙන යමින්, අපේ අතීත උරුම ගැන පහදාදීමටය. මේ දිනවල ඔහු ජනකතා ඇසුරෙන් ”මෙහෙව් රටේ” නමින් ටෙලිනාට්‍ය මාලාවක් නිර්මාණය කරයි. ඔහුගේ අලූත්ම නිර්මාණය ”තෙරණි ගීතය”යි එය සෑම පොහෝ දිනකම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරේ. උඩු යටිකුරුවූ ටෙලිනාට්‍ය මාලාවට වෙනසක් එක්් තරමින් අපේ බෞද්ධ සාහිත්‍යය, අපේ උරුමය සොයා යන ඔහු නමින් තුසිත ද සිල්වාය. මේ තුසිත සමඟ කළ කතාබහක සටහනකි. x අනෙක් ටෙලිනාට්‍ය කරුවන් මෙන්ම ඔබත් කාලයක් සම්ප‍්‍රදායික තේමාවන් රැුගත් ටෙලිනාට්‍ය නිර්මාණය කළ කෙනෙක්. නමුත් ඔබ දැන් එයින් මිදී අපේ අතීත උරුම සොයාගෙන යන බවක් පෙනෙනවා. මොකක්ද මේ වෙනසට හේතුව?
මගේ ”උත්තමාවී, පුංචි රාළ වගේ ටෙලිනාට්‍ය කළ කාලයේ තිබූ වාතාවරණය පසුගිය කාලයේ සෑහෙන වෙනසකට ලක්වුණා. මෙයට මෙගා ආක‍්‍රමණය ඇවිත් ටෙලිනාට්‍ය කලාව කැලතුණා වගේ දෙයක් වුණා. ඒ කැලතීම උඩ අපි මුලින්ම කළ සම්ප‍්‍රදායික නිර්මාණවලට පැවැත්මක් නැතුව ගියා. ලෝක සිනමාවේත් ඔය දේ සිදුවුණා. අද කොටස් 25x30 ටෙලිනාට්‍ය කරලා වැඩක් නෑ. ඒක අවධානයට ලක්වෙන්නේ නෑ. වෙන ක‍්‍රමවේදයකට යන්න ඕනේ කියා සිතද්දි තමයි අපට ඔය පන්සිය පනස් ජාතක පොත ”පාරමිතා” නමින් ටෙලිනාට්‍යයට නඟන්න සිතුවේ. ඒ නාට්‍යයට අර පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයම ලැබුණා. බාල,මහලූ, වැඩිහිටි සෑම කෙනෙක්ම වාගේ මෙයට කැමැත්තක් දැක්වුවා.
පෞද්ගලිකව මාත් ඒ ගැන සමීක්‍ෂණයක් කළා. පුදුම ප‍්‍රතිචාරයක් පාසල්වල දරුවන්ගෙන් ලැබුණේ. එතකොට අපට සිතුණේ මේ දේවල්වලට ඉල්ලූමක් තිබෙනවා කියලයි. අපේ අතීත උරුමවලට අද විශාල ඉල්ලූමක් තිබෙනවා. ඊට පස්සේ තමයි ”මෙහෙව් රටේ” නමින් ජනකතා මාලාවක් ටෙලිනාට්‍යයට නැඟුවේ. මෙයට හොඳ ඉල්ලූමක් තිබෙන බව පේනවා. ඇත්තටම අපට මේ දේවල් කරන්න හැකිවුණේ වාණිජත්වය නොසොයන ආයතන තිබුණු හින්දයි. මහජන බැංකුව හා සණස සංවර්ධන බැංකුව විශාල ලෙස අපට උදව් කළා. මිලියන් ගණන් පිරිවැය යන දෙයක්. ඔවුන් නොහිටින්න මෙවැනි දේ පේ‍්‍රක්‍ෂකයාට දැකගත හැකිවෙන්නේ නෑ.
x අද ටෙලිනාට්‍ය කලාව වාණිජත්වයට සම්පූර්ණයෙන්ම ගොදුරුවෙලා. මේ තුළ ”මෙහෙව් රටේ” හා ”තෙරණි ගීතය” වැනි ටෙලිනාට්‍ය උඩුගං බලා පිහිනීමක් නේද?
අද පවතින මෙගා රැුල්ල හමුවේත් මෙවැනි දේවලට මිනිසුන්ගේ විශාල කැමැත්තක් තිබෙනවා. රසවින්දනය පුරුදු කළ යුතු එකක්. පාසල් මට්ටමේ සිට රසවින්දනය හුරු කළ යුතුයි. රසවින්දනය පුරුදු කරලා තිබුණා නම් මේ ටෙලිනාට්‍ය මීට වඩා පිිරිසක් බලයි. කොහොම වුණත් 7.30 ට වැඩිම පිරිසක් බලන ටෙලිනාට්‍ය වුණේ මිනිස්සු මෙය බැලූ හින්දයි. ඇත්තටම මෙය උඩුගං බලා පිහිනීමක් තමයි. නමුත් අද පේ‍්‍රක්‍ෂකයා මෙයට ඇල්මක් දක්වන නිසා අපට ඒතරම් අභියෝගයක් නෑ.
x එහෙම නම් සරල දෑ අතපාත ගාන්නේ නැතුව ගැඹුරු කතිකාවකට හා බුද්ධිමය සංවාදයකට කලා නිර්මාණ හරහා රූපවාහිනියට මීට වඩා දායක වෙන්න පුළුවන් නේද? ඔබ කියන ආකාරයට අපේ උරුමයන්ට හොඳ ඉල්ලූමක් තිබෙනවා නේද? නමුත් අද ඒ දේ සිදුනොවන්නේ ඇයි ?
ඇත්තටම ඔබ කියූ ආකාරයට රූපවාහිනියට මීට වඩා දේ කරන්න පුළුවන්. රූපවාහිනිය කළ යුත්තේත් එයයි. ඒත් අපේ රූපවාහිනිය තවමත් බුද්ධිමය වින්දනය ඉදිරියේ පටුයි. ටෙලිනාට්‍යයක් නිර්මාණය කළොත් ඉවරයක් නැතිව දීර්ඝ කරන්නයි බලන්නේ. ඒවාට අරමුණු නැහැ. හුදු ජනපි‍්‍රයත්වය විතරයි අවශ්‍ය. ඒත් අපේ හරපද්ධතීන් හා බුද්ධිමය සංවාදයකට මුසුවන නිර්මාණ බොහොමයකට අපි තවම අතවත් තියලා නෑ. රූපවාහිනිය කියන්නේ සිනමාවට නොවයි. ඒ හින්දා රූපවාහිනියෙන් විය යුත්තේ ඉවරයක් නැතුව නාට්‍ය පෙන්වන එකම නොවෙයි.
x ඔබ අපේ ථෙරී ගාථා ඇසුරින් ”තෙරණි ගීතය” නමින් ටෙලිනාට්‍ය මාලාවක් පුංචි තිරයට ගෙනවිත් තිබෙනවා. ඇයි එවැනි දෙයක් පුංචි තිරයට නඟන්න අදහස් කළේ?
අපේ ටෙලිනාට්‍යවලට අලූත් සංකල්ප යොදානොගන්්නේ් ඇයි? එක්කෙනෙක් මෙගා කරනකොට අනෙක් කෙනාත් මෙගා කරන්න පටන් ගන්නවා. ස්ටාර්ස්ලා පටන් ගත්තාම හැම චැනල් එකක්ම වාගේ ස්ටාර්ස්ලා තරග තියෙනවා. නටන්න ගියාම ඔක්කොම නටන්න ගන්නවා. ඔය රටාවෙන් පොඞ්ඩක් මිදෙන්න තමයි අපි නිතරම උත්සාහ කළේ. එහි තවත් පියවරක් තමයි ”තෙරණි ගීතය”
ථෙරී ගී කියන්නේ බෞද්ධ සාහිත්‍යයේ හුඟාක්ම සංවේදී කොටසක්. ථේරි ගීවල තමයි අපේ තෙරණින් වහන්සේලා අතීතය හරිම නිර්ව්‍යාජ විදිහට ප‍්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ අයට ලිංගික අතවර හරියට සිද්ධ වී තිබෙනවා. මේ සියල්ල විවෘතව කතා කර තිබෙනවා.
x ඔබ කියන ආකාරයට කාන්තා පාර්ශ්වයේ සුන්දරත්වය, අඹුසැමි සබඳතා වගේම ලිංගික ප‍්‍රශ්න විවෘතව මෙහි කතා කර තිබෙනවා. නමුත් මේවා ටෙලිනාට්‍යයට නැගීමේදී යම් වාරණයකට ලක්වෙන්නත් සිදුවෙනවා නේද? මෙය ලොකුම අභියෝගයක් නේද?
එතන ලොකු ප‍්‍රශ්නයක් තිබෙනවා. අපේ රටවල්වල ලිංගිකත්වය කියන විෂයය ඉතාම විවෘතව කතා කළ දෙයක්. බුදුදහමේ පවා මෙය විවෘතව කතා කර තිබෙනවා. එය මහා ගුප්ත දෙයක්. විදිහට හඳුන්වාදෙමින් එය වෙනස් කළේ වික්ටෝරියානු සුචරිතවාදින්. ඔවුන් බොරු සභ්‍යත්වයක් මෙයට ආරෝපණය කරන්න ගිහින් ප‍්‍රශ්න ඇතිවුණා. ඇත්තටම ථේරි ගීවල තිබෙන ස්වරූපය අද රූපවාහිනියෙන් අපට ප‍්‍රකාශ කරන්න බැහැ. එහෙම කළොත් වාරණයට අනිවාර්යෙන්ම ලක්වෙනවා.
මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් ථේරි ගී කෘතියෙන් මේ පිළිබඳව විවෘතව කතා කර තිබෙනවා. ඔහුගේ කෘතියෙහි මේ තෙරණින්ගේ ඇතුළු හද විවෘත කර තිබෙනවා. ප‍්‍රවීණ රචක සෝමවීර සේනානායක මහතා දැඩි විනයක් තබාගෙන තමයි මෙහි තිරරචනය ලියන්නේ. ප‍්‍රශ්න නැතිවා නොවෙයි. නමුත් අපට එදා විවෘතව කතා කළ දේ අද විවෘතව කතා කරන්න බැරිවී තිබෙනවා. අද අපි ඉන්නේ කොතනද කියා එතනින්ම වැටහෙනවා නේද?
x උඩු යටිකුරු වී තිබෙන ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රය වෙනස් කරන්න මෙවැනි දේ තුළින් හැකිවෙයි කියා ඔබ හිතනවාද?
හුදකලා සටනකින් නම් බැහැ. මෙය ප‍්‍රවණතාවක් වෙන්න ඕනේ. ලෝකයේ එවැනි දේ සිදුවෙනවා. මෙවැනි දේ සොයාගෙන තව අය යන්න ඕනේ. තව මේ වගේ දේවල් වෙනත් චැනල්වල පටන් ගන්නවා නම් හුදකලා වෙන්නේ නෑ. ඒක තමයි තිබෙන බරපතල ප‍්‍රශ්නය. මෙහි පළමු කතාවේ කාංචනා මෙන්ඩිස් ප‍්‍රධාන චරිතය කළේ. ඇය පැය 4 1/2ක් පුටුවේ වාඩිවෙලා හිටියා හෙල්ලෙන්නේ නැතුව. ප‍්‍රවීණ වේශ නිරූපණ ශිල්පී ජයන්තා රණවක තමයි ඇයගේ වෙස්ගැන්වීම සිදු කළේ. ඇය කළ කැපවීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. එවැනි නිළියන් අපට ඉන්නේ අතළොස්සයි. මෙය ලෙහෙසි වැඩක් නොවෙයි ”තෙරණි ගීතය” ටෙලිනාට්‍ය මාලාව ”පාරමිතා”ටත් වඩා අමාරුයි.
x අද අපේ ටෙලිනාට්‍ය කලාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
ටෙලිනාට්‍ය කලාවේ චින්තනය වෙනස් කළ යුතුයි. කවුරුන් හෝ මෙය වෙනස් කරන්න ඕනේ. ටෙලිනාට්‍ය කියන්නේ මධ්‍යපාත්තික පවුල් ගැන කතා කරන වර්තමාන කතා නොවෙයි. රූපවාහිනයෙන් මේ වනවිට විශාල ප‍්‍රමාණයක් අයින් වී තිබෙනවා. අපි කළ සමීක්‍ෂණයන්ට අනුව ලක්‍ෂ 30 ත් 40 ත් රූපවාහිනියෙන් ඈත්වෙලා. එයට හේතුව ඔය ප‍්‍රශ්න හින්දයි. මෙය කාටවත් වැටහෙන්නේ නෑ. මම මෙගාවලට විරුද්ධ නෑ. නමුත් ඒ අතරේ තව විවිධ ප‍්‍රවණතා ඇතිවිය යුතුයි.


