2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


භාෂා රීති නොසලකා හැරීම ජාතියේ අවාසනාවක්

කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති ධුරයද එම විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති ධුරයද හොබවා ඇති මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා එවකට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ධුරයද හෙබවීය.

දැනට සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රධාන කර්තෘ ධුරයත් ජාතික සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිධුරයත් හොබවන මහාචාර්යවරයා රචනා කළ කෘති අතර නිඝණ්ඩු සාහිත්‍ය (සංස්කරණ* නම්රුවන් මල හෙවත් රුවන් මල නිඝණ්ඩුව (සංස්කරණ* අරබි හෙවත් වෙනත් කෙටිකතා ආදී කෘති වඩාත් කැපී පෙනේ.

සිංහල භාෂාවේ වර්ධනය උදෙසා සිංහල ශබ්දකෝෂ මගින් කෙරෙන කටයුත්ත සුළු පටු නොවන අතර මහාචාර්යවරයා සමග මෙවර සංවාදය ඒ පිළිබඳවය.
 

 

x දැනට අදියර කිහිපයක් දක්වා වර්ධනය වී ඇති නුතන සිංහල ශබ්ද කෝෂ ව්‍යාපෘතියේ ඓතිහාසික පසුබිම කෙබඳුද?

සිංහල භාෂාව සඳහා අකාරාදී ක‍්‍රමයේ ශබ්ද කෝෂයක් නැතිවීමෙහි අයහපත මුලින්ම පෙන්වාදී ඇත්තේ 19 වැනි සියවසේ අවසන් දසක දෙක තුළදී ශ්‍රී ලංකාවට පැමිණි ඉංග‍්‍රීසි ජාතික පඬිවරුන් දෙදෙනකු විසින්. එහෙත්, මෙයට පෙර සිටම, විශේෂයෙන් 1845 දී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව ආරම්භ කිරීමෙන් පසු සිංහල භාෂාව හා සංස්කෘතිය ගැන අධ්‍යයනය කිරීමෙහි උනන්දුව වර්ධනය වීමෙන් මේ ක්‍ෂේත‍්‍රවල ගවේෂණයෙහි යෙදුණු විදේශීය පඬිවරුන් ගේ සහ ඉංග‍්‍රීසි භාෂාවද උගත් දේශීය විද්වතුන්ගේ සංඛ්‍යාව ක‍්‍රමයෙන් වැඩිවෙමින් තිබුණා.

1881 දී එවකට ලක්දිව අධ්‍යාපන අධ්‍යක්‍ෂධුරය දැරූ චාල්ස් බ‍්‍රෑස් (ක්‍ය්රකැි ඊරමජැ* මහතා යථෝක්ත අඩුපාඩුව ගැන අවධානය යොමු කෙළේ ඒ පසුබිමේ සිටයි. ඉන්පසු 1884 දී ලන්ඩනයේ ඉන්දියානු පුස්තලායාධිපතිව සිටි රෙයිනෝල්ඞ් රොස්ට් (ඍැසබයදකා ඍදිඑ* මහතා මේ අඩුව හැකි තාක් ඉක්මනින් පිරවීමේ අවශ්‍යතාව පිළිබඳ සංදේශයක් රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවට ඉදිරිපත් කළා.
හතළිස් වසක පමණ කාලයක් මේ තත්ත්වය මෙසේ තිබියදී ඒ ගැන සිහි ගන්වමින් මුදලි ඒ. මැන්දිස් ගුණසේකර මහතා විසින් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වෙත යැවුණු ලිපියක් රාජකීය ආසියාතික සමිතිය වෙත යොමු කළා. ඒ අනුව කි‍්‍රයාත්මක වුණු සමිතිය ඉහත සඳහන් අරමුණු ඉටු කිරීම සඳහා කොළඹ යුනිවර්සිටි කොලිජියේ අධිපතිව සිටි ආර්. මාර්ස් (ඍග ඵ්රරි* මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. සිංහල ශබ්ද කෝෂයක් සම්පාදනය කළ යුතුයැයි තීරණයකට එලැඹියේ මේ ශාස්ත‍්‍රීය ක‍්‍රමවේදය අනුගමනය කරමින්. එතැන් සිට 2001 දක්වා පිළිවෙළින් මහාචාර්ය එම්.ඞී. රත්නසූරිය, ජූලියස් ද ලැනරෝල්, ආචාර්ය පී.බී.එෆ්. විජේරත්න, මහාචාර්ය ඞී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය ඞී.ජේ. විජේරත්න, ආචාර්ය පී.බී. සන්නස්ගල, මහාචාර්ය විමල් ජී. බලගල්ලේ යන අය සිංහල ශබ්දකෝෂයේ කර්තෘ තනතුරු දරා තිබෙනවා.

x ශබ්ද කෝෂයක මෞලික කාර්යභාරය කෙබදුද?

කිසියම් භාෂාවකට අදාළ වචන මාලාව අකාරාදී ක‍්‍රමයෙන් සකස් කිරීම ශබ්දකෝෂයයි. එම වචනමාලාවේ අර්ථ වඩාත් නිරවද්‍ය ලෙස පැහැදිලි කිරීම හා ඒවා අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසාදීම ශබ්දකෝෂයෙහි ප‍්‍රධාන කාර්යයක්. කෝට්ටේ යුගයේ පියුම්මල් නිඝණ්ඩුව වැනි කෘතිවලින් ආරම්භ වුණු ශබ්දකෝෂ සම්පාදනය වැලිවිට සෝරත නාහිමියන්ගේ ශ්‍රී සුමංගල ශබ්දකෝෂය ආදියෙන් තවදුරටත් විකාශනය වුණා.
x එහෙත් ආචාර්ය පී.බී. සන්නස්ගල මහතාගේ යුගයේ දී නිමාවට පත්වූ සිංහල x සිංහල ශබ්දකෝෂයේ පවා යම් යම් අඩු පාඩු තිබුණා නේද?

භාෂාවට දිනෙන් දිනම වචන එකතු වෙනවා. එබැවින් පැරැුණි ශබ්දකෝෂවල එවැනි වචන ඇතුළත්ව නැහැ. ජනවහරට අදාළ ඇතැම් වචන සහ තාක්‍ෂණයට අදාළ වචනත් ඇතැම්විට මෙම ශබ්දකෝෂවල දැකිය නොහැකියි. පැරැුණි ශබ්දකෝෂවල ඇත්තේ මීට කලකට පෙර සොයාගත් වචනයි. සිංහල ශබ්දකෝෂය නැවත සංශෝධනය කරන විට දැනට අලූතින් ශීර්ෂ වචන 1576 ක් එකතු වී තිබෙනවා. සිංහල සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රතිසංශෝධිත සංස්කරණ හතරක් දැනට පිටවී තිබෙනවා. භාෂණයේත් ලේඛනයේත් ඇති වචන පැහැදිලිව අර්ථ දැක්වීම මෙම ප‍්‍රතිසංශෝධනවල අරමුණයි ‘සුනාමි’ වැනි වචන අලූතින් භාවිතයට පැමිණි වචනයි.

x සිංහල ශබ්ද කෝෂ මොන තරම් ක‍්‍රමවත්ව සම්පාදනය වුවත් ඒවා ජනතාවගේ පරිහරණය සඳහා විවෘත වන්නේ ඉතාම අඩුවෙන්. ප‍්‍රමාණයෙන් විශාල සිංහල ශබ්දකෝෂ කෞතුක වස්තු සේ ආරක්‍ෂා කරනවාට වඩා අඩුමිලක්  යටතේ එම සංග‍්‍රහ ජනගත කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කළ නොහැක්කේ ඇයි?

ඒ සඳහා විසඳුම් අපි කි‍්‍රයාත්මක කරමිනුයි සිටින්නේ සිංහල ශබ්දකෝෂ ජනගත නොවන්න එක් හේතුවක් නම් පොත්වල මිල අධික වීම හා විශාලත්වයෙන් වැඩි වීමයි. සිංහල සිංහල ශබ්දකෝෂයද පිටු 13908 කින් යුක්තයි. එය පරිහරණය කිරීමත් මිලදී ගැනීමත් අසීරු නිසා    සංක්‍ෂිප්ත සිංහල ශබ්ද කෝෂයක් කිරීමේ අදහස ඉදිරිපත් වුණේ 1999 දී.   අපේ අරමුණ  වුණේ සාමාන්‍ය පාඨකයාටත් ලේඛකයන්ටත් ගුරු සිසුන්ටත් ශබ්දකෝෂ පරිහරණය ව්‍යාප්ත කිරීමයි. අපේ වැඩපිළිවෙළ දැනට ජනපි‍්‍රය වී තිබීම සතුටක්.

එසේම ජනවර්ග අතර සමගිය ඇතිකිරීම අරමුණු කර ගනිමින් සිංහල x දෙමළ x ඉංග‍්‍රීසි ශබ්ද     කෝෂයක්ද සංක්‍ෂිප්තව දැනට ඉදිරිපත්ව තිබෙනවා. සිංහලයේ භාවිත ඇතැම් වචන දෙමළ භාෂාවෙන් ලැබුණු ඒවා. එබඳු උදාහරණ කිහිපයක් මා පෙන්වා දෙන්නම්.

දෙමළ  x සිංහල
උරුමෙයි x උරුමය
කණ්ණාඩි  x කණ්ණාඩි
වෙඩි  x වෙඩි
මනමාලන් x මනමාලයා
මේ වචන සියල්ලෙහි නිරුක්ති ශබ්දකෝෂවල දක්වා තිබෙනවා.

x වචනවල නිරුක්ති, අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ පිළිබඳ අවබෝධය නූතන පාසල් සිසුන්ගෙන් ගිලිහී යන මෙබඳු කාලයක ඒ පිළිබඳ අවධානය යොමු කළ හැකි පාරිභාෂික වචනවල නිරුක්ති අඩංගු සංක්‍ෂිප්ත පාසල් ශබ්දකෝෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අප මෙහිදී පෙන්වාදීමට කැමැතියි.

එය හොඳ යෝජනාවක්. එය කි‍්‍රයාත්මක කළ හැකියි. එහෙත් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ හා අදාළ දෙපාර්තමේන්තු මෙම වැඩ පිළිවෙළට ශක්තිය දිය යුතුව තිබෙනවා. බස ගැන හරි වැටැහීමක්   පාසල් සිසුන්ට නොමැතිවීම අද බරපතළ ගැටලූවක් බව ඇත්ත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා භාෂා ව්‍යාකරණ වරදවා ලියන්නේ පාසලින් ඒ සඳහා නියම ශික්‍ෂණය නොලැබුණු නිසයි. 

විශ්වවිද්‍යාලවලින් ව්‍යාකරණ ඉගැන්විය නොහැකිදැයි ඇතැමුන් අසනවා. ඒත් විශ්වවිද්‍යාල ඇත්තේ භාෂාත්මක ව්‍යාකරණය ඉගැන්වීමට පමණක් නොව ඉන් එහා ගිය උසස් අධ්‍යාපනයට යොමුවීමටයි. ඒ නිසා හරිනම් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට එනවිට  ව්‍යාකරණය ගැන හරි අවබෝධයක් ශිෂ්‍යයා සතුව තිබිය යුතු වනවා. බස ගැන අධ්‍යයනය කිරීමේදී ශබ්ද කෝෂ පරිශීලනයත් අතිශයින් වැදගත්
x ඔබ ආයතනයෙන් ඉදිරිපත් කළ සංක්‍ෂිප්ත ශබ්ද කෝෂ වැඩපිළිවෙළ යහපත් වුණත් මෙම ශබ්ද කෝෂ මිලදී  ගැනීමටවත් වෙළෙඳ පොළක්   නැතිවීමෙන් පෙනෙන්නේ මෙම වැඩසටහන අසාර්ථක වී ඇති බවයි.

සිංහල ශබ්දකෝෂ බෙදා හැරීම කෙරෙන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන්. කෙසේ වෙතත් ශබ්දකෝෂ සඳහා වෙළෙඳපොළක් නැතයි ඔබේ ප‍්‍රකාශය පිළිගත හැක්කක් නොවෙයි.. ජෝන් ද සිල්වා රඟහල, බත්තරමුල්ලේ සෙත්සිරිපාය වැනි ස්ථානවලින් මෙම ශබ්ද කෝෂ මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.

x ශබ්දකෝෂයක් මිලදී ගැනීමට අවශ්‍ය අනුරාධපුර පාඨකයකුට ඒ සඳහාම බත්තරමුල්ලට පැමිණිය යුතු බවයි ඔබේ කතාවෙන් තේරෙන්නෙ.
වාර්ෂික සාහිත්‍ය හා නාට්‍ය උත්සවවලදීත් මෙම කෘති අලෙවි කෙරෙනවා. සාහිත්‍ය උත්සව පළාත් මට්ටමින් කි‍්‍රයාත්මක වන නිසා ඔබ නැගු චෝදනාවට පදනමක් නැහැ.

x ශබ්ද කෝෂවලටත් විවිධ ගුරුකුල මතවාද පදනම් වී ඇති බවයි ඇතැමුන් කියන්නෙ?

සිංහල ශබ්ද කෝෂය සකස් කෙරෙන්නේ එක්තරා පිළිගත් ක‍්‍රමයකටයි. ඒ ක‍්‍රමය ගොඩනැගුවේ ශ්‍රීමත් ඞී.බී. ජයතිලක, ආචාර්ය හෙට්ටිආරච්චි වැනි අයයි. ඒ පිළිවෙත කවුරුත් පිළිගත් එකක්. ඒ පිළිවෙත සඳහා ගුරුකුල ප‍්‍රශ්නයක් ඇදගන්නේ ඇයි? අක්‍ෂර වින්‍යාසය පද බෙදීම ආදිය පවා ඒවායේ ඉතා නිවැරැුදිව ඇතුළත්ව තිබෙනවා.   අතීත පඬිවරුන් ගෙන ආ පිළිවෙත් ආරක්‍ෂා කිරීම ගුරුකුල වාදයක්ද?

x ඔබ කුමක් කීවත් පද බෙදීමේදී වුවද එක් එක් ගුරුකුලවල ඉගැන්වීම් අනුව පද බෙදන අවස්ථා තවමත් කි‍්‍රයාත්මක කෙරෙනවා.

එහි යම් සත්‍යයක් තිබෙනවා. ශබ්දකෝෂ ක‍්‍රමයට අනුව ‘ගියේය’  ගන්න යොදන්නේ අකුරු තුනම එකම දිගුවක් ලෙසටයි. එහෙත් තවත් පිරිසක් ‘ය’ යන්න පමණක් වෙන්ව ලියන අවස්ථාද තිබෙනවා. (‘ගියේ ය’ ආදී වශයෙන්* එහෙත් එය වැරැුදි නෑ. මේ ක‍්‍රම දෙකම නිවැරැුදියි. තවත් එවැනි ගුරුකුල මතවාද තිබෙන්නෙට පුළුවන් විද්‍යෝදය පිරිවෙන් පාර්ශවයේ පිරිස් පිරිවෙන යන්න ලියන්නෙ ‘පිරිවෙණ’ ආකාරයටයි. විද්‍යාලංකාර පර්ශවය ලියන්නේ ‘පිරිවෙන’ ලෙසයි. ඔවුනොවුන් භාවිත කරන ‘න’ යන්න එකිනෙකට වෙනස්.

x අක්ෂර වින්‍යාසය නිවැරැුදිව ලිවීමට යත්න දරන දුහුනකුට මෙම   පරස්පරතාවයෙන් දෙගිඩියාවක් ඇතිවන්නේ නැද්ද?

භාෂණයේදීත් ලේඛනයේදීත් නිරන්තරයෙන් සතතාභ්‍යාසයේ යෙදීම මත ඇතැම්  අක්‍ෂරවල  පවත්නා පරස්පරතා හඳුනාගැනීම අසීරු නැහැ. එබඳු තැන්වලදී අක්‍ෂරය වෙනස් වුණත් අදහසේ වෙනසක් ඇති වන්නේ නැහැ. ‘කැළණිය’ ‘කැලණිය’ කෙසේ යෙදුවත් එහි අර්ථය වෙනස් වන්නේ නැහැ. එහෙත් අපට පිළිගත් අක්‍ෂර වින්‍යාසයක් පදබෙදීමේ රීතියක් පවතින නිසා හැමවිටම නිවැරැුදිව ලිවීම අත්‍යවශ්‍යයි. එහෙත් අද බොහෝ දෙනා වචන භාවිතයේදී අනුගමනය කරන්නේ සාවද්‍ය අක්ෂරයයි. ‘‘ආලය’’ යන්න බොහෝවිට ‘ගෘහය’ යන අදහසේ යෙදෙනවා. එහෙත් බොහෝ දෙනා මෙහි නිර්වචනය යොදාගන්නේ වැරැුදි අන්දමින්.
 
දේව + ආලය = දේවාලය x (දෙවියන් වැඩසිටින ගෘහය*
විද්‍යා + ආලය = විද්‍යාලය x (විද්‍යා කටයුතු කෙරෙන ගෘහය*
පුස්තක + ආලය x පුස්තකාලය x (පොත් තැන්පත්ව ඇති  ගෘහය*
එහෙත් බොහෝ අය ‘ආලය’ යැයි මෙහිදී නිර්වචනය කරන්නේ ‘කැමැත්ත’ යන අදහස ඇතිව. එය නිවැරැුදි නැහැ. එවැනි වැරැුදි වචන බොහෝ තිබෙනවා.
වැරැුදි     x  නිවැරදි
නීත්‍යානුකූල x  නීත්‍යනුකූල
අත්‍යාවශ්‍ය  x  අත්‍යවශ්‍ය
සාමාර්ථය    x  සාමාර්ථ්‍යය
කාර්්‍යාලය  x  කාය ර්‍්‍යාලය/කාර්යාලය/කා©ාලය

පද බෙදීමේදී වුණත් එබදු වැරැුදීම් නිතර නිතර සිදු කෙරෙනවා. ‘රටවල’ යන්න ලියන ඇතැමුන් ‘වල’ ප‍්‍රත්‍යය වෙනම යොදනවා (රට වල* එය නිවැරැුදි නැහැ. කෙසේ වෙතත් ශාස්තී‍්‍රය ලේඛනයේදී භාෂා රීති නොසලකා හැරීම ජාතියේම අවාසනාවක් බවයි පෙනෙන්නේ.

x ‘සිංහල’ යන වචනය පැරැුණි පොත පතෙහි සේම පැරැුණි    ශබ්දකෝෂවලද    දැක්වෙන්නේ ‘සිංහළ’  යනාකාරයෙන් මුලදී භාවිත වූ ‘සිංහළ’ යන්න පසුව ‘සිංහල’ වුණේ කොහොමද?

සීහළ යන්න  හෙළxඑළ ආදී වශයෙන් මූර්ධන්‍ය ‘ළ’ කාර සහිතව සිංහළට බිඳී එන්නක්. ඇතැම් විට පාලි ශබ්ද සංස්කෘත ස්වරූපයට පමුණුවාගෙන ව්‍යවහාර කිරීමේ රීතියක් සිංහල භාෂා ව්‍යවහාරයේ තිබෙනවා. මෙපරිදි පාලි ‘සීහළ’ යනු සිංහල ව්‍යවහාරයට පමුණුවා ගෙන තිබෙන බව පුරාණ ලිපිවලින් පැහැදිලියි. ලීලාවතී බිසවගේ පුලියන්කුලම් ශිලා ලිපිය පොළොන්නරුවේ ගල්පොත, සාහස්සමල්ල රජුගේ ශිලා ලිපිය, ගඩලාදෙණියේ ශිලා ලිපිය, පල්කුඹුරේ සන්නස, ආදී ලිපිවලින් ඒ බව පැහැදිලියි. මේ ශබ්දය සංස්කෘතයට ලැබී තිබෙන්නේත් පාලියෙන්. සංස්කෘතයෙහි ‘සිංහල’ යැයි ‘ල’ කාර යුක්ත වූයේ ඒ භාෂාවෙහි ‘ළ’ යන්න නැති නිසයි.

x ව්‍යාකරණ රීති පිළිබඳ මෙතරම් සැලකිල්ලක් දක්වන ඔබ ‘නිර්මාණාත්මක ලේඛනයකදී ව්‍යාකරණය රැුකිය යුතුය’ යන නිගමනයේ සිටිනවාද?

නෑ. ලේඛකයාගේ නිර්මාණ කාර්යයට ස්වාධීනත්වයක් තිබිය යුතුයි. එහෙත් නිර්මාණාත්මක කෘතියක් වුවත් භාෂාව නිරවුල් වීම අත්‍යවශ්‍යයි. එය සමස්ත කෘතියටම ආලෝකයක්. එහෙත් එසේ කළ යුතුම යැයි අපට නීති පැනවිය නොහැකියි. නවකතාකරුවා භාෂාරීතිවල වහලෙක් නොවිය යුතුයි.

x එහෙත් ව්‍යාකරණ නොසලකා ලියන නවකතාවලට සම්මාන දීමෙන්   පාසල් සිසුන් ඒවා ආදර්ශයට ගන්නවා. පාසල් සිසුන් ව්‍යාකරණ වරදවා ලියන විට ඔබ ඇතුළු මහාචාර්යවරුන්ම ඔවුන්ට දොස් නගනවා.

පොඩි පන්තිවලට නවකතා නිර්දේශ නොකරන බව ඔබ දන්නවනේ. නවකතාවක් නිර්දේශ කරන්නේ අඩුම තරමේ උසස් පෙළ පන්තිවලටයි. එහිදී ශිෂ්‍යයන් හඳුනාගන්නේ නිර්මාණකරුවාගේ අනන්‍යතාවයි. ඒ අනන්‍යතාවයේ ස්වභාවය ඔහුගේ භාෂාව ගැන ගුරුවරයා ශිෂ්‍යයන්ට පැහැදිලි කරදිය යුතුයි. අලූත් මං පහදා දෙන නිර්මාණවලට වැටකඩොලූ බදිනවාට මා කැමැති නෑ.

x කෙසේ වෙතත් 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සම්මාන පිළිබඳව විනිවිද භාවයක් නැතැයි එල්ල වූ චෝදනාවලින් සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ඔබට කිසිවිටෙකත් මිදෙන්නට බැහැ.

වාර්ෂිකව පැවැත්වෙන සාහිත්‍ය කලා මහෝත්සවය සඳහාත් සම්මාන ලැබූ කෘති සඳහාත් දොස් නැගීම අපේ රටේ සාමාන්‍ය සිරිතක්. එහෙත් 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිළිබඳ අප වෙත එල්ල කළ චෝදනා සියල්ල මා ප‍්‍රතික්ෂේප කරනවා. අප සම්මාන දුන්නේ නියම සුදුස්සන්ට මිස හිතවත් කම් මත නොවෙයි.

x මහාචාර්ය රත්න විජේතුංග නම් අප සමග පසුගියදා කියා සිටියේ සම්මාන ලැබීමට තරම් කෘතියක් තේරීමට අඩුම තරමේ වසර පහක්වත් ගතවන බවයි.

එය ඔහුගේ අදහසක්. එයද බැහැර කළ නොහැකි වැදගත් කාරණයක්. හොඳ නිර්මාණයක් පාඨකයා අතරට යන්න කාලයක් ගතවන බව ඇත්ත. එබැවින් මහාචාර්ය විජේතුංග ගේ අදහසෙහි ගැඹුරක් ඇති බව මා පිළිගන්නවා.

x එසේ නම් වසරකට පෙර පළවූ පොත්වලට සම්මාන දීමේ මේ පිළිවෙත අසාර්ථක බව දැන් අපට හොඳින්ම ඔප්පු වෙනවා.

වසරක කාලය තුළ වුවත් වට කිහිපයක නිරීක්‍ෂණවලට මෙම කෘති භාජන වනවා. ඒ විනිශ්චයන් මත ලේඛකයාට හෝ පාඨකයාට අසාධාරණයක් වනවායැයි මා හිතන්නේ නැහැ. පොත් තේරීම සඳහා මෙතෙක් පැවැතුන ක‍්‍රමයක් තිබෙනවා. අප කි‍්‍රයාත්මක කරන්නේ ඒ ක‍්‍රමයයි. 

ඡුායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා

     
<< පෙර
වැදුම් : 336 
 
 

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.