ලිට්ල් ස්ටාර්...

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
පසුගියදා පැවැත්වූ දෙරණ ලිට්ල් ස්ටාර් අවුරුදු 8 න් පහළ අංශයේ හොඳම තරුව ලෙස එනම් ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ ලෙස ගායන අංශයෙන් අංක එකට පත්වූයේ හිමාෂ මනුපි‍්‍රය දිසානායකයි. හිමාෂ පුංචි පුතාගේ දස්කම් ගැන බොහෝ දෙනා කතා කරන්නේ විස්මයෙන් බව සඳහන් කරන්න පුළුවනි. මොන දේ කතා කරන්නටත් පෙර හිමාෂ මේ තැනට පත්වුනේ කොහොමද කියන එක ගැන සඳහන් කරන්නම  ඕන. ඔහුගේ අම්මයි තාත්තයි දෙන්නම සංගීත ගුරුවරු වීම සමහර විට පුංචි හිමාෂට මේ සොඳුරු පියවර තබන්න ඉවහල් වෙන්න ඇති. අම්මා නයනි පෙරේරා වන අතර තාත්තගේ නම ජයන්ත දිසානායකයි. නයනි ගැන අප එතරම් කතා නොකළත් ජයන්ත ගැන නම් මුළු සංගීත ක්‍ෂේත‍්‍රයම දන්නා බව කියන්න පුළුවනි. ෆෝචූන් වාදක මඬුල්ලේ සැක්සෆෝන් වාදන ශිල්පියා ලෙස නමක් දිනූ ජයන්ත ශ්‍රී ලංකාව පුරා ජනප‍්‍රිය වූයේ ‘සුදු රෝසයි මුහුණ පුරා’, ‘දෙව් මැඳුරේ පිය ගැට පෙළ’, ‘සදාදර නයෝ’ සහ ‘අහසේ පොළවේ සාගරේ විස්කම් පෑ’ යන ගීත සමගයි. ඒ තාත්තගේ අඩි පාරේ යන මේ පුංචි පුතාගේ විස්තර දැන් අපි කියවමු.

සම්පූර්ණ නම

හිමාෂ මනුප‍්‍රිය දිසානායක.

පාසල

කෑගල්ල මහා විද්‍යාලය.

පංතිය

1 වසර.

සහෝදරයින්

එක්කෙනයි. තනුර මනුජ්ජිත් (ඔහු දෙරණ ලිට්ල් ස්ටාර් 12 න් පහළ තුන්වන ස්ථානය ලබා ගත්තා.*

හිමාෂගේ ගායන හැකියාව මව්පියන් හඳුනාගෙන තියෙන්නේ පුංචි හිමාෂට වයස අවුරුදු දෙක පමණ වන විටදීය. අකුරක්වත් දන්නෙ නැති වුණත් ඇහෙන ගීත මුමුණන්න පටන් ගත්තලූ. වයස හතර පමණ වෙද්දී එය හොඳට වර්ධනය වූ හිමාෂගේ අම්මා කීවා.

කේන්දරේ

කේන්දරේ තියෙන විදිහට මෙයා කවදා හරි ලෝක ප‍්‍රකට වෙනවලූ. හැබැයි මව්පියන් ඒ පසුපස යන්නෙ නැහැ. නමුත් මේ ප‍්‍රසංගයේදී හිමාෂ ගායනය ඉදිරිපත් කරමින් කළ රංගනය එයාම හිතලා කරපු දේවල්ලූ. මව්පියන් පුරුදු කළත් එයා ඒ වෙලාවට හිතන දේ රිද්මය අනුව කළාලූ. ඒ හිමාෂගේ ඇෙඟන් එන දෙයක් බවයි මව්පියන්ගේ හැඟීම.

ගතිගුණ

හැමදේම නීතියට තියෙන්න  ඕනෑලූ. වැඩිය සැර නැති වුණාට අයියට චණ්ඩි පාට් එහෙම දානවලූ. හැබැයි පුංචි තුවාලයකටත් හරිම බයවෙන සංවේදී චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවනි.

ණැබබහ ඨ ගේ සංගීතය

ලෝ ප‍්‍රකට සැක්සෆෝන් වාදන ශිල්පී කෙනි ජී ගේ සංගීතයට ඉතාමත් ළැඳි හිමාෂ එයාගෙ ප‍්‍රසංග ඇතුළත් රූප තැටි සහ සංයුක්ත තැටි නිතර නරඹන්න, අහන්න ආස කරනවා.

වැඩිපුර කන්න කැමති

ෆ‍්‍රයිඞ් රයිස් වලට හරි ප‍්‍රියතාවක් දක්වන හිමාෂට රසට කෑම උයලා දෙන්න  ඕනලූ. කෑම රස නැත්නම් කන්නෙත් නැහැ කියලා අම්ම කියනවා.

වැඩිපුර ආදරේ

අම්මටයි තාත්තටයි එක වගේ ආදරය කරන ඔහු අයියටත් ගොඩක් ආදරෙයිලූ.

ප‍්‍රියතම ගීත

තාත්තගේ ගීත අතරින් ‘අහසේ පොළවේ සාගරේ විස්කම් පෑ’ ගීයට මෙයා ගොඩක් කැමතියි.

විශේෂ ගුණාංග

ඉක්මනට හිත උණු වීම, අනුකම්පාව හිමාෂගේ හොඳම ගතිගුණ ලෙස හඳුන්වන්න පුළුවනි.

අරමුණු

ලොකු වුණාම සංගීතඥයෙකු වී විදෙස් රටකට යාම මෙයාගෙ අරමුණයි.

ඒ අරමුණ ඉටුවී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන්න කියලා අපි හැමෝම ප‍්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වගේ පුංචි දක්‍ෂයෙක් රටට හඳුන්වා දුන් දෙරණට ඔබගේ ස්තුතිය පුදන්න. පුංචි එකා දක්‍ෂ වැඩි නිසා... හූල්ලන්න එහෙම එපා.. බැති සිතින් ඔහු දිහා බලන්න.. නැතිනම් ඇස්වහ කටවහ දෝෂ ඇතිවේවි. අපි ඔහුට ජයම ප‍්‍රාර්ථනා කරමු.

සටහන/ඡුායාරූප සඳුන් ගමගේ
 


සබැඳි පුවත්


You are here: