2010 මාර්තු මස 9 වැනිදා අඟහරුවාදා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


පියුමි වේදිකාවටත් ඇවිත්...

බොහෝ දෙනෙකුට චරිතාංග රංගන ශිල්පිනියක වීමට ඉඩකඩ ලැබෙන්නේ බොහෝ කලක් ගිය පසුවය. නමුත් පියුමි ශානිකා බොතේජු නමැති මේ රංගන ශිල්පිනිය එ් අතින් හරිම වාසනාවන්තය. කෙටි කාලයකදී චරිතාංග රංගන ශිල්පිනියක ලෙස රංගන ක්‍ෂේත‍්‍රය හැඩ කිරීමට ඇයට අවකාශය ලැබී තිබේ. හැකියාව මුවහත් කර ගනිමින් පැහැබර රංගන රිද්මයක යෙදෙන පියුමි සමග අද සඳැල්ල කතාබහට එක්වෙමු.

නම, ගම, පාසල ආදිය ගැන විස්තර ටිකක් කියමුද?

සම්පූර්ණ නම පියුමි ශානිකා බොතේජු. ගම කළුබෝවිල. ඉගෙන ගන්තෙ පන්නිපිටිය ධර්මපාල සහ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, අයියලා තුන් දෙනයි, මායි. අම්මා ගුරුවරියක්. තාත්තා බැංකු කළමනාකාරවරයෙක්. අයියලා තුන්දෙනා පුද්ගලික ආයතනවල රැුකියා කරනවා.

පවුලේ එකම ගැහැනු ළමයා කලා අංශයට එ්ම ගැන එ් අය මොකද කියන්නෙ?

අපේ පවුල හරිම එකමුතු පවුලක්. අම්මයි, තාත්තයි එක්ක අපිට තියෙන්නෙ ලොකු බැඳීමක්. මව්පියන්ට දක්වන ගරුත්වය උපරිමයෙන් තිබුණත්, වෙලාවකට අපි යාළුවො වගෙයි. ඇත්තටම මම එ් පවුලේ කෙනෙක් වීම ලොකු වාසනාවක්. අපි මොන දේ කළත්, එ් කරන දේ ගැන ලොකු විශ්වාසයක් තිබෙන්නෙ. අපි අතර රහස් නැහැ.

අම්මා ටීචර් කෙනෙක්නෙ, ඔබ මොන අංශයෙන් ඉදිරියට යනවටද ඇය කැමති වුනේ?

කිසිම දෙයක් තෝර ගන්න බල කළේ නැහැ. හොඳට අධ්‍යාපනය කරන්න කීවා. එච්චරයි. මගේ ආසාව තිබුනේ ගුවන් සේවිකාවක් වීමයි. ඒ නිසාම උසස් පෙළට තෝරා ගත්තේ භාෂා අංශයෙන්. නමුත් පසුව ජනමාධ්‍ය අංශයට යොමු වුණා. එ්ත් රංගනයට පැමිණීමත් සමග එ් කටයුතු දැන් නතර වෙලා.

ඇත්තටම ඇයි ඔබට රඟපාන්න හිතුනේ?

විශේෂයෙන් එ් ගැන හිතුවෙ නැහැ. එ්ත් ලැබුණු අවස්ථාවට උපරිම ගරු කළා. එය ලොකු භාග්‍යයක්. එයින් උපරිම දෙයක් කරන්න  ඕනෙ.

අද ඔබ ගැන කතා වෙන්නෙ?

‘පබා’ නාට්‍යයේ හිමාලි නිසා. ලොකු පොඩි හැමෝම ඒ ගැන කතා කරනවා. ඊට අමතරව ‘සුදු හංසයෝ’, ‘සිතක මහිම’ නාට්‍ය වලත් රඟපානවා. ඒ මොන දේටත් වඩා වෙන දෙයක් නිසා මේ දවස්වල මම හරි සතුටින් ඉන්නෙ.

මොකක්ද එ් සතුටට හේතුව?

වේදිකාවේ රඟපාන්න ලැබුණා. ඇත්තටම වේදිකාව කියන්නෙ රංගනය ගැන ඉගෙන ගන්න තියෙන තක්සලාවක් වගේ තැනක්. එතනදී මට රඟපාන්න ලැබුනේ ප‍්‍රවීණතම රංගවේදියෙකු මෙන්ම අපට සිටින ප‍්‍රවීණතම කලාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයේ චරිතයක්. කලක් එම චරිතය කර තිබුනේ ප‍්‍රවීණ රංග වේදිනියක වන මර්සි එදිරිසිංහයි. ප‍්‍රහසනාත්මක නමුත් අර්ථාන්විත ඉදිරිපත් කිරීමේ ප‍්‍රකාශ රීතිය එ් චරිතයේ ගැබ්වී තිබෙනවා. දැන් එහි පෙර පුහුණුවීම් කරනවා. ඇත්තටම මට හිතෙන්නෙ මම රංගනය හදාරණ සරසවියකට ඇතුලත් වී සිටිනවා වගෙයි.

කවදද ‘තාරාවෝ ඉගිලෙති’ නැවතත් වේදිකාගත වෙන්නෙ?

ළඟදීම වේදිකාගත වේවි.

රංගනය කියන විෂය ගැන ඔබ හිතන විදිය?

ඇත්තටම අපට රංගනය ගැන බොහෝ දේ ඉගෙන ගන්න තියෙන්නෙ අපේ ප‍්‍රවීණයින් ගෙන්. ප‍්‍රවීණයින් ඉතිරි කරන දේ අපි තවත් හැඩ වැඩ කරලා ගන්න  ඕනෙ.

ප‍්‍රවීණයින් ගෙන් ඉගෙන ගන්න ඔබ ප‍්‍රවීණයින්ට ගරු කරනවද?

අනිවාර්යෙන්ම ඔව්. හදවතින්ම ගරු කරනවා.

නමුත් අලූත් පරපුරේ බොහෝ දෙනා අතර නැත්තෙත් ඔය ටිකම නේද? අලූත් පරපුරේ බොහෝ නිළියන් හරි උද්දච්චයි නේද?

එහෙම වෙන්නෙ හීනමානය නිසයි. අපට නම් උගන්වලා තියෙන්නෙ වැඩිහිටියෙක් සිටින තැන කකුලක් පිට කකුලක්වත් දාල ඉඳගන්න එපා කියලයි. නමුත් මේ ගතිගුණ නැති අය මොන ක්‍ෂේත‍්‍රයෙත් සිටිනවා.
ඔබ නිළිකමට දෙන ගරුත්වය මොන වගේද?

මම කැමති නැහැ නිළියක් කියනවට.

එහෙනම්?

රංගන ශිල්පිනියක වීම තමයි මගේ අරමුණ. රංගන ශිල්පිනියකට චරිත මගින් කළ හැකි දේ බොහෝමයි. මම මගේ උපරිම කැපවීම, ගරුත්වය මූලිකව ලබා දෙන්නෙ මගේ පවුලට. ඊළඟට රංගනය වෙනුවෙනුයි.

ඔබ හිතන විදියට ඔබ දක්‍ෂතා දක්වන තවත් දේ ගැන සඳහන් කළොත්?

රංගනයට අමතරව මම හඬකැවීම් අංශයට සහ නර්තනයටත් දායක වෙනවා. ප‍්‍රවීණ නර්තන ආචාර්ය ශාන් පෙරේරා මහතා යටතේ වැඩිදුරටත් නර්තනය ගැන ඉගෙන ගන්නවා.

පියුමි ඔබ කොහොම කෙනෙක්ද?

මම ගොඩක් විවෘත කෙනෙක්. හිනාවෙලා ඉන්න, අනෙක් අයට ඊර්ෂ්‍යා නොකරන කෙනෙක්. කොච්චර දුකට පත්වෙන හේතු තිබුණත් හිත යට දුක තියාගෙන හිනාවෙලා ඉන්න මට ශක්තිය තියෙනවා. එය මට මගේ ආදරණීය අම්මාගෙන් ලැබුණු දෙයක්. මම ලෝකයට පෙනෙන්න හඬා වැටෙන චරිතයක් නෙවෙයි.

දීගෙට යන කල වයස ගැන හිතලද තියෙන්නෙ?

ගහකට පැළවෙන්න වතුර අවශ්‍යයි වගේ මිනිහෙකුට x ගැහැනියකට ජීවත් වෙන්න ආදරය අත්‍යවශ්‍යයි. මට පවුලේ අයගෙන් ලැබෙන ආදරය ඉහළයි. දීගෙට යන දවස ගැන තවම හිතලා නැහැ. එ් ආදරය මට ලැබේවි. ඊට පෙර කළයුතු බොහෝ දේ තියෙනවා.

සටහන/ඡුායාරූප සඳුන් ගමගේ

විලාසිතා ප‍්‍රසන්න බතික්

     
<< පෙර
වැදුම් : 567 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.