2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


වේදිකාවේ දණ ගහගෙන පින්තූර ගත් හැටි


රාජ්‍ය නායකයන් හත් දෙනකු සමග වසර විසිපහක්
නිල ඡුායාරූප ශිල්පියාගේ මතක සටහන් - 2

සුදත් සිල්වා නිල් වික‍්‍රමසිංහ මහතා සමග වසර 2ක් පමණ නිල ඡුායාරූප ශිල්පියා ලෙස කටයුතු කළේය. වික‍්‍රමසිංහ මහතා සමග සමීපව ආශ‍්‍රය කරන්නට නොලැබුණත් සුදත්ගේ සේවය එතුමා නිතරම අගය කළ බව සුදත් පවසයි. ” එතුමාගේ ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් ජනාධිපති තුමිය පවරා ගනිද්දීත් අපි ජෝජ් බුෂ් ජනාධිපතිතුමා හමුවන්න ධවල මන්දිරයට ගිහිල්ලා හිටියේ. වික‍්‍රමසිංහ මැතිතුමා සාමාන්‍යයෙන් කලබල වෙන කෙනෙක් නොවෙයි. එතුමා ඉතා සන්සුන් ලෙස ඒ දේශපාලන පෙරළිය බාරගත් බව මා දැක්කා.

ඊළගට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ළගත් ජනාධිපති මහින්ද රාජක්‍ෂ මහතා ළඟත් නිල ඡුායාරූප ශිල්පියා ලෙස සේවය කරන්නට සුදත් සිල්වාට වරම් ලැබිණි. ”මෙතුමා ඉතාම ප‍්‍රායෝගික නායකයෙක්, විවෘත නායකයෙක් රට ජාතිය ආගම ගැන විශාල ඇල්මක් තිබෙන කෙනෙක්. එතුමා මම හමුවුණ මුල්ම දවසේ මගෙන් ඇහුවා ඔයා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ළග නේද වැඩකළේ කියලා. මම කිව්වා මම පේ‍්‍රමදාස මහත්තයා, විජේතුංග මත්තයා, චන්ද්‍රිකා මැතිනිය සමගත් වැඩ කළාය කියලා. ඊළගට ජනාධිපතිතුමා විහිළුවෙන් වගේ කිව්වා ඔයා රනිල්ගේ ෆොටෝ ලස්සනට ගත්තා මගේ ෆොටෝ කැතට ගන්නේ නැහැ නේද? කියලා. ඊට ටික දවසකට පස්සේ මම අගමැතිතුමා ළග වැඩ කරන්න ආවා. එහෙම ආවම එතන හිටපු සමහර ඡුායාරූප ශිල්පියෝ කිව්ව ඔන්න යු.ඇන්.පී. කාරයෙක් ඇවිත් කියලා. ඒත් මම ඒවායින් නොසැලී වැඩ කළා. ඒ සඳහා ජනාධිපතිතුමා මට හුගක් උදවු කළා. ජනාධිපතිතුමාගේ මම දකින තවත් විශේෂම වැදගත් ලක්‍ෂණය වන්නේ එතුමා  ඕනෑමකෙනෙකුට ඇහුම්කන් දෙන නායකයෙක්. ඒක ඉතා හොඳ ලක්‍ෂණයක්.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගිය ගමනට නීතිඥවරුන්ට අමතරව එකතුවුණේ සුදත්ය. මහින්ද රාජපක්‍ෂ මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අපේක්‍ෂකයන් එහි සිටිය දී ජනාධිපතිතුමාට නැකැත් වේලාව මතක්කර දීම නාමයෝජනා දිය යුතු දිශාව මතක්කර දීම වැනි කර්යන්ට ද සුදත් උදවු විය. මහින්ද රාජපක්‍ෂ මහතා නිතර සුදත්ට කතාකොට යම් යම් දේ විමසන ආකාරය ඔහු කලින් වැඩ කළ රනිල් වික‍්‍රමසිංහ මහතා ද බලා සිටියේය. නාමයෝජනාවෙන් පසු ජනාධිතිතුමාගේ ජන්ද ව්‍යාපාරය සඳහා අවශ්‍ය ඡුායාරූප සකස් කිරීම බාර වුයේ ද සුදත්ටය. රට පුරා ඇලවුණ ප‍්‍රධාන පෝස්ටරයට එතුමාගේ ඡුායාරූප රැුසක කොටස් පරිගණකයෙන් එකලස් කොට අලංකාර ඡුායාරූපයක් සකස් කරන්නට සුදත්ට දින දෙකක් ගතවිය.

රාජ්‍ය නායකුගේ නිල ඡුායාරූප ශිල්පියා හරියට එතුමාගේ ආරක්‍ෂකයකු වගෙයි ඉතාම සමීපවයි ඉන්නේ. ඒ නිසා උපරිම විශ්වාසය හා ගෞරවය රැුකෙන විදියට වැඩ කරන්න  ඕනෑ. ඒ විශ්වාසය උපරිම විදිහට රැුකෙන විදිහට මම වැඩ කළා. ඒ වගේම රැුයක් දවාලක් නැතුව කැපවීමෙන් වැඩ කළා. අනික මම දැන් අගමැතිවරුන් ජනාධිපති වරුන් 7 දෙනෙකුට අවුරුදු 25ක් සේවය කරලා තිබෙනවා. වත්මන් ජනාධිපතිතුමාගෙන් පස්සෙ මම නැවතත් රාජ්‍ය නායකයකුට සේවය කරන්න අදහස් කරන්නේ නැහැ. ඊට පස්සෙ මම මගේ පියාගේ සිහිනයක්ව තිබූ වෘත්තීය ඡුායාරූප ශිල්පීන් සඳහා පොඩි පාසැලක් ආරම්භ කරන්න හිතන් ඉන්නවා. අනික විශේෂයෙන් මගේ බිරිඳ සහ දරුවන් මට මේ කරණ දුෂ්කර කි‍්‍රයාව අවබෝධ කරගන ඉවසීමෙන් කි‍්‍රයා කිරීම ගැනත් සතුටු වෙන්න  ඕනෑ. මම මේ රාජ්‍ය නායකයන් සමඟ වැඩ කරන්න ආවට පස්සෙ යාලූවෝ ආශ‍්‍රය කරන්නේ ඉතාමත් සීමිතවයි. ක්ලබ් ගානේ ගිහිල්ලා අපටත් විනෝදවෙන්න පුළුවන්, නමුත් මම ඒ කිසිම දෙයක් කරන්නෙ නැහැ. රාජ්‍ය නායකයගෙ ගෞරවය රකින්න  ඕනෑ නිසා.

සුදත් සිල්වාගේ 25 වසරක වෘත්තීය ජීවිතයේ අමතක නොවනම සිදුවීම කුමක්දැයි දැන් මම අසමි. සුදත් ඊට මෙසේ පිළිතුරු දෙයි. 1985 දී මුල්හිරිගල අතුරු මැතිවරණයක් තිබ්බා. ඒකෙ ප‍්‍රචාරක රැුස්වීමකට අගමැති පේ‍්‍රමදාස මහතාත් එක්ක මම ගියා. මූලික පින්තූර ටික අරන් මම ටිකක් ඈතට ගියා. ඒවෙලාවෙ අගමැතිතුමා මාව හොයලා මම නැතුව කේන්තියට පත්වෙලා හිටියා. ආරක්‍ෂක නිලධාරි මාව හොයාගෙන ඇවිත් වහාම අගමැතිතුමා ළගට යන්න කීවා. මම එනකොට කේන්තියෙන් හිටපු අගමැතිතුමා කොහෙද මිනිහෝ පිස්සු බල්ලෙක් වගේ දුවන්නෙ දනගහනව මෙන්න මෙතන කියලා දහ දාහක් විතර සෙනඟ හිටපු ඒ සභාව ඉදිරියේ ස්ටේජ් එකේ මාව දන ගැස්සුවා. මම එහෙම ඉඳගෙනම පින්තූර ගත්තා ඒකනම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සුදත් පවසයි.

අවසන් වශයෙන් උතුරේ යුද්ධය ගැන විවිධ රාජ්‍ය නායකයන් දැක්වූ ප‍්‍රතිචාර ගැන යමක් කිව යුතු යැයි සුදත් ඉල්ලීමක් කරයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා වරක් කීව මම ප‍්‍රභාකරන්ගේ කඩුව ගෙනල්ලා සිරිකොතේ එල්ලනවා කියලා. පේ‍්‍රමදාස මැතිතුමා කීවා ප‍්‍රභාකරන් මේ රටේ හමුදාපති කමට සුදුසුය කියලා. විජේතුංග මැතිතුමා කීවා අපි කන්න ඇරියේ නැත්තම් ප‍්‍රභාකරන්ට කන්න වෙන්නෙ පොළවෙ මඩය කියලා. චන්ද්‍රිකා මැතිනිය කීවා ප‍්‍රභාකරන්ට අවුරුදු 10කට උතුර භාර දෙමු කියලා. අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කිව්වා තමන් දිවි හිමියෙන් මේ මාතෘ භූමිය රකිනවා. ඒක කෑලිවලට කඩන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා. අද වෙන කොට එතුමා ඒ අරමුණට ළගා වෙමින් සිටිනවා. ලෝකය පුරා ත‍්‍රස්තවාදයට විරුද්ධ ඡුායාරූප දැක්මක් තියලා, එතුමාගේ ඒ ව්‍යායාමයට දායක වෙන්න ලැබීම ගැන මටත් ඉතාම සතුටුයි.

රාජ්‍ය නායකයන් 7 දෙනෙකු සමග වසර 25 ක් සේවය කළ සුදත්ට ජනාධිපති මාධ්‍ය අංශයේ ඡුායාරූප හා වීඩියෝ ඒකකයේ අධ්‍යක්‍ෂ ධුරය ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බව ඔහු කෘත වේදීව සඳහන් කරයි.

නායකයන් 7 දෙනෙකු සමග සුදත් සියවස් කාලයක් කළ කී දේ මෙසේ සාරාංශ ගතකිරීම සාධාරණ නැත. මෙහි සඳහන් වන්නේ සුදත්ගේ මතකයේ ඇති සුවිශේෂ සැමරුම් කිහිපයක් පමණි. නායකයන්ගේ සේවකයන් ලෙස නතතුරු දරන්නන් කරන්නේ ලෝකයේ අමාරුම රස්සාව බව ඔහුගේ අත්දැකීම් වලට සවන් දෙන විට හැෙඟ්. එහෙත් කැපවීම විශ්වාසය ගෞරව සම්ප‍්‍රයුක්ත භාවය ඇති කෙනෙකුට  ඕනෑම රාජ්‍ය සභාවක චරිතයක් වීම අපහසු නොවන බව සුදත්ගේ මාධ්‍ය භූමිකාව අධ්‍යයනය කරන විට පසක්වෙයි.

















සටහන
රංජිත් ආනන්ද ජයසිංහ

 

     
<< පෙර
වැදුම් : 116 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.