පනස්තුනේ හර්තාලය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මට හමුවූ දේශපාලකයෝ - 31

මගේ ජීවිතයේ තවත් අමතක නොවන සිද්ධියක් ගැන මා සඳහන් කළ යුතුයි. ඒ කුඩා පොතක් ගැනය. පිටු එකක් ඇති මේ පොත බැලූ බැල්මට නම් දෙවරක් බැලීමට හෝ කියවීමට සිතුනේ නැත. එහෙත් මේ පොත මේ කුඩා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේ ”අගමැති පොරය” යනුවෙන් හැඳින්වූ නිසායයි සර් ජෝන් මා සමග කීවේය.

දැන් බෙහෙතකට වත් ඒ පොත් සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා. ඒ නිසයි මා කියන දෙය ප‍්‍රවේසමෙන් අසා ගන්න.

මගේ සතුරන් පමණක් නොව මගේ හිත මිතුරන් ලෙස පෙනී සිටි අය පවා මට විරුද්ධව නැගී සිටි බව මට පෙනී ගියා. අවුල් වියවුල් සමස්ත මා තුළ ඇති වූ හැඟීම් මේ වැඩ පොතේ සමහර කරණු නිවරදි වුවත් බොහෝ තැන් පොතේ කතුවරයාට අවශ්‍යව වෙනස් කර තිබුණා. මේ පොතෙන් පෙන්වා දුන්නේ අගමැතිකම නොලැබීම නිසා කලකිරුණු ස්වභාවයක් ඇතිවී තිබෙන බවය.

සර් ජෝන් මේ පොත තවදුරටත් විස්තර කරමින් කියා සිටියේ මේ පොත පළවූූූ පසු සේනානායක රජයේ සිටිය නොහැකි බවය. මේ පොත නව කථාවකට වඩා ජනප‍්‍රිය වුණා. ලොකු කුඩා සෑම කෙනෙකුම මේ පොත මිලදී ගෙනම කියෙව්වා. සේනානායක මහතා එතරම් සැලකිල්ලක් නොදැක්වුවත් පසුව කැනඩාවේ ඔටාවා නගරයේ පැවැත්වූ අන්තර් පාර්ලිමේන්තු සම්මේලනයට සහභාගිී වීම සඳහා යමින් සිටියදී. මට සේනානායක මහතාගෙන් කේබල් පණිවිඩයක් ලැබුණි. මේ පණිවුඩය කියවද්දී මට වැටහුනේ සේනානායක මහතා ඒ පණිවිඩය එවා ඇත්තේ කිසිවකුගේ අනුබලය ඇතිව බවයි.

ඒ පණිවුඩයේ කියා තිබුණේ 1952 ”අගමැති පොරය” නමැති පොත පළවීම නිසා තවදුරටත් ඔබ මගේ කැබිනට් මණ්ඩලයේ තබා ගැනීමට නොහැකියි.ඒ නිසා ඔබ ඇමැති මඩුල්ලෙන් ඉල්ලා අස්වී ඒ ලිපිය මට වහාම එවන්න. මෙය රහස් විදුලි පණිවුඩයක් ලෙස සලකන්න. මම මේ කේබල් පණිවුඩය හොඳින් කියවා බැලූවා.

මා මේ පණිවුඩයට පිළිතුරු යැව්වේ ඉතාමත් පැහැදිලි වචනවලින්ය.

මා ඔටාවෝ සිට කොළඹ ආවේ දිගු ගමනක්. මේ නිසා ලංකාවේ පුවත්පත්වල සඳහන් වුයේ ”සර් ජෝන් අතුරුදන් වෙයි” යන ශිර්ෂපාඨවලින් ලියූ ප‍්‍රවෘත්ති. සමහරු කියා සිටියේ සර් ජෝන් ලංකාවට එන්නේ විප්ලවයක් කරන්න යැයි සඳහන් වූ ප‍්‍රවෘත්ති බවයි.

කෙසේ වෙතත් මා කොළඹදී පිළිගත්තේ වීරයකු මෙනි. එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ තරුණයින් ගුවන් තොටුපොළට පැමිණ සිටියේ මා පිළිගැනීමටය. මගේ අම්මාද පැමිණ සිටියාය.

ගුවන් තොටුපොළේ සිටි පත‍්‍රකලාවේදියෙක් මගෙන් නොයෙකුත් ප‍්‍රශ්න කරන්නට පටන් ගත් විගස මා ඔහුට කීවේ දැන් මට සිදුවී තිබෙන්නේ මගේ සතුරන්ගෙන් ආරක්ෂාවට නොව මා දෙවියන්ට කිය යුත්තේ මා ආරක්ෂා විය යුත්තේ මිත‍්‍රයින් යයි කියාසිටින උදවියගෙන්. භායානක ඒ මිත‍්‍රයින් කියන පුද්ගලයින්. මා කඳවලට ගියේ මගේ අම්මා සමගයි. ඩඞ්ලි සේනානායක මහතා මා හමුවීමට පැමිණියේ කඳවලටයි මා සිප ගත්විගස මා දුටුවේ සේනානායක මාගේ ඇස්වලින් කඳුලූ වැටුන ආකාරයයි. මටත් වූයේ එයමයි. අගමැති පොරය නැමැති පොතට මා කිසිම සම්බන්ධයක් නැති බව කියන ප‍්‍රවෘත්තියක් මාධ්‍යවලට නිකුත් කළා. මා කළ ප‍්‍රකාශයක් වශයෙන් සඳහන් වූ යම් දෙය ඒ අගමැති පොරයේ සඳහන්වී තිබුණා ඒවා අසත්‍යයයි.

ලංකාවේ එදා සිට අද දක්වාම බොහෝ විට පෞද්ගලික නොමනාපකම් ඊර්ෂ්‍යාකාරී හැඟීම් දේශපේ‍්‍රමී හැඟීම්වලට වඩා බල පවත්වන බව බොහෝ අවස්ථාවලදී ඔප්පුවී තිබෙනවා. මේ නිසා බොහෝ අවස්තාවලදී සැලකිය යුතු පුද්ගලයන්ට පවා නිවැරදි තීරන ගැනීමට බැරිව යාම පුදුමයට මෙන් අමුතු දෙයක් නොවෙයි. ආණ්ඩුවක ස්ථාවර භාවයට කුමක් වුවත් රටේ අභිවෘද්ධිය මකබෑවී ගියත් මා මොන අන්දමින් හෝ ප‍්‍රසිද්ධ ජීවිතයෙන් නෙරපා දැමීමට නිතර උපක‍්‍රම යෙ¥ මගේ සතුරන් සමග.....කිරීමට මගේ මිතුරන් හා සහකාරයෝ වශයෙන් පෙනී සිටි සමහරු එදා ඉදිරිපත් වූහ.

උදේ පාන්දර මගේ නිවසේ බිත්තර ආප්ප කන්නට ඉදිරිපත්ව සිටි අය මගේද මිතුරන් නොවේ. ඔවුන් එසේ ආවේ බිත්තර ආප්ප කන අය ලෙස ප‍්‍රසිද්ධවීම වැදගත් යැයි සිතු නිසාය. ඒ හැම එකාටම මා දැනගත් පසු අඩ සහ බිත්තර ආප්ප දුන්නා. ඒ අය මා දැන සිටියා ඔවුන් කුමන්ත‍්‍රණකාරයින් බව. මට අවංකව හිතවත් වූ අයට උදේට මගේ නිවසේ බිත්තර ආප්ප කා ප‍්‍රසිද්ධිය ලබා ගැනීමට වුවමනා නැති බවද මා දැන සිටියා.

මේරටේ කුමන්ත‍්‍රණ තත්ත්වය කිසි දිනක වෙනස් වන්නේ නැත. කලින්ම ”හිතවත් කුමන්ත‍්‍රණකාරයා” දැනගත යුතුයි. අමාරු දෙයක් නම් කුමන්ත‍්‍රණකාරයින් සහ කපටි මිනිසුන් තෝරා ගැනීමය.

අවුරුදු 10කට පසුව හෝ මා මේ කියන දෙය මතක තියාගෙන කල්පනා කරන්න ”කුමන්ත‍්‍රණ” තත්ත්වය වෙනස් වී නැති ආකාරය සර් ජෝන් මේ විස්තරය මා සමග කළේ සැහැල්ලූවෙන් නොව එය අවංකව සිතේ තබාගත යුතු ලෙසයි.

ඔබතුමා කුමන්ත‍්‍රණකාරයින්ට බයද? බයෙන් සිටියානම් මා අද මෙතැන ඉන්නෙ නැත. ඒ කුමන්ත‍්‍රණකාරයින්ගේ උගුල්වලට අසු වුනා නම් මා අද දේශපාලනයේ නැතැයි සර්. ජෝන් මා ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේය.

මගේ ජීවිත කාලය තුලදී ඇතිවු එක් සිද්ධියක් මට අමතක කරන්නට බැහැ. ලංකාවේ අඳුරු දිනයක් ලෙසයි මා එය විස්තර කළ හැක්කේ. ඒ 1953 අගෝස්තු 12 වෙනිදා යන්තම් පස්විය ගෙවූ නිදහසට පසුවයි. හර්තාලය නමින් හැඳින්වූ මේ වැඩ වර්ජනය සංවිධානය කළේ විප්ලවකාරී පක්ෂවල නායකයින් යැයි සර් ජෝන් පෙන්වා දුන්නේ රටට සිදුවූ හානිය ගැන පෙන්වා දෙමින්ය.

සර් ජෝන් ඒ හර්තාලය විස්තර කළේ මේ අන්දමටයි.

හර්තාලය සිදුවූ දිනට සති දෙකකට කලින් ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළ අගමැතිවරයා රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා ගතයුතු හැම පියවරක්ම ගැනීමට ආණ්ඩුව ලෑස්ති බව කියා සිටියේය. දාමරිකයන්ගෙන් හෝ තර්ජනවලට ගොදුරු නොවී සාමාන්‍ය මහජනතාවට තම යෙදීම් හැකිවන බවත් කඩාකප්පල්කාරී විප්ලවවාදීන්ගේ තාඩන පීඩනවලට සාමනිමී නීතිගරුක පුරවැසියන් ලක් නොවන බවත් අගමැතිවරයා පැහැදිලි කළේය.

කෙසේ වෙතත් 1953 අගෝස්තු 12 වැනිදා රටේ සාමාන්‍ය ගමනා ගමනය අඩාලවනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු වූයේ නැත. දුම්රිය හා බස් සේවාව කඩාකප්පල් වී ගියහොත් ගත යුතු ප‍්‍රතිකර්මද සංවිධානය කර තිබුණේ නැත. රටේ නොයෙක් පලාත්වල දාමරික සිද්ධීන් පැතිරිලා. ත‍්‍රස්තවාදීන් විසින් පැතුරුවා හරින ලද ¥ෂමාන ආරංචි නිසා සාමාන්‍ය ජනයා කැළඹුනේය. වැඩ වර්ජනයට විරුද්ධ වූ පුරවැසියන්ට ගුටි බැට දුන්නේ කඩාකප්පල්කාරින්ය. ඔවුන්ට දාමරිකයන්ගේ පොලූ පහරවලින් පැන යෑමට සිදුවිය. රජයේ හෝ පෞද්ගලික අංශවල සේවය කළ සේවක සේවිකාවන්ට කාර්යාලයේ සිට ගෙවල්වලට යෑමට සිදුවූයේ පයින්මය. මගේ පියා ඔහු තැපැල් සේවකයෙක් කොළඹ සිට ගම්පහට ගියේ රේල් පාර දිගේ පයින්මය.

බස් සේවය හා දුම්රිය අඩුපාඩු නිසාම එයට වැරැුද්ද පැවරුවේ මටයි ඒ ගමනා ගමන ඇමැති වූ නිසාය. තත්ත්වය උග‍්‍ර වූ නිසා රට පුරා හදිසි අවස්ථාවක් ප‍්‍රකාශ කළා. සවස හයෙන් පසු වීදි සංචාරය කිරීම තහනම් වුණා. මුරකාවල් යොදන්න අණ කළා. මේ හර්තාලය නිසා රටේ ජාතික ධනයෙන් රුපියල් 30,00,000ක් පමණ විනාශ වුණා. කීපදෙනෙකුම මරණයට පත්වුනා.

මේ තත්ත්වය ඇති කිරීමට වගකිව යුත්තේ කවුද? හාල් ප‍්‍රශ්නය ඇමැති මණ්ඩලයට මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළේ කවදාද? එය ඉදිරිපත් කිරීමට පෙර ඇමැති මණ්ඩලයේදී සාකච්ඡුා කළාද? කොළඹ තත්ත්වය සාමාන්‍යයි. ආරක්ෂක අංශවලට රටේ තත්ත්වය ගැන අවබෝධ කර දුන්නාද? එය කළා නම් කළේ කව්ද? මෙයට වඩා ප‍්‍රශ්න මේ තත්ත්වය ගැන මට අසන්නට පුළුවන් නමුත් එය නොකරන්නේ රටේ විශාල අරගලයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසයි. වගකිව යුත්තන් ගැන අදත් කටකතා ඇත. එහෙත් නියම සත්‍ය අදත් හෙළිවී නැත. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලෙස මා එය දැන සිටියා. මා නිහඬව සිටින්නේ නැවත නැවත වරක් මාව කැබිනට් මණ්ඩලයෙන් අස් කිරීමට ඉඩ තිබෙන නිසයි.

ඩඞ්ලි සේනානායක අගමැති කමෙන් අසුවුණා. ඔහු අස්වුනේ ඒ හර්තාලය නිසා රටේ ඇතිවූ ජාතික අර්බුදය නිසයි. සේනානායක මහතා හමුවූ අවස්ථාවදී මට නම් පෙනී ගියේ. මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට නොහැකි බවයි. ඔහුට ඉවසීමට නොහැකි බවත් ලෙසයි. මේ තත්ත්වය දැනගත් පසුව ඇමැතිවරුන් දෙදෙනකු අගමැති පුටුවේ වාඩිවීමට ලෑස්ති වුණා. සමහරු මාගේ නමත් සඳහන් කළා. මා අවංකව එවැනි තරගයක් ගැන සිතුවේ නැහැයි සර් ජෝන් ඩඞ්ලි සේනානායක මහතා අගමැතිකමෙන් අස්වූ ආකාරය මෙසේ විස්තර කළේය.

”හර්තාලයෙන් පැහැදිලි වූ එක් කරුණක් නම් රටේ නායකත්වය එවකට වඩා ශක්තිමත් වියයුතු බවයි. මේ තත්ත්වය නිසා සේනානායක මහතාගේ ආත්ම ශක්තිය තව තවත් දුර්වල විය. සේනානායක මහතා කිට්ටුවෙන් ඇසුරු කළ ඥාතීන් කියා සිටියේ ඔහු රෝගාතුරව සිටින බවයි. අවශ්‍යතාත් අමතක කර දමා රටේ පාලනය ගැන සම්පූර්ණයෙන් සිත යොමු කිරීම ඔහුට පහසු කරුණක් නොවන බවද ඔවුන්ගේ මතය විය.

මට පසුව දැනගන්නට ලැබුනේ සේනානායක මහතාගේ කිට්ටුම ඥාතීන් ඔහුට අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට ඉඩ නොදෙන බවයි.

මේ තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසයේ අගහරියේදී සේනානායක මහතා ඉල්ලා අස්නොවීමට තීරණය කළේය. මාගේ සිතට විශාල සහනයක් ලැබුණේ සේනානායක මහතා ගත් තීරණය දැනගත් පසුවයි. එහෙත් ඔහුට විවේකයක් අවශ්‍ය බව ඔහු කිට්ටුවෙන් ඇසුරු කළ වෛද්‍යවරයෙක් කියා සිටියේය. මා ඒ පණිවිඩය සේනානායක මහතාගේ ඥාතීන්ට යැවීමි. මේ අනුව සේනානායක මහතා පිටරට ගියේ විවේක ගැනීමටය. එහෙත් ඒ විවේකයෙන් ඔහුගේ තත්ත්වය සැහැල්ලූ වූයේ නැත. ලංකාවට ආපසු පැමිණි පසුව උපදේශකයින්ගේ උපදෙස් නොතකා ඔහු ඉල්ලා අස්වීමේ ලියකියවිලි සොල්බරීසාමිට යැවීය.

ඞී. එස්. සේනානායක මහතාගේ මරණයෙන් පසුව ඩබ්ඞ්ලි සේනානායක මහතා අගමැති ලෙස පත් කිරීමේදී මා සෝල්බරීසාමිට නොයෙකුත් අන්දමේ ලිපි යැවූ බව අසත්‍යයක් නොවේ. දැන් අගමැති පුටුව හිස්ව තිබියදී සුදු වෙළඳ ව්‍යාපාරිකයෙක් මට කතාකොට කිව්වේ ලයනල් ඔබ සෝල්බරීසාමිට යැවූ. ලිපිවලින් සෝල්බරීසාමිට අපහාස කළ බවයි. ඒ නිසා තමාගේ ඒ ප‍්‍රකාශ ඉල්ලා අස්කර ගත් බව සාමිවරයාට දන්වන්න. ආඩම්බරයෙන් වුවත් ඒ ප‍්‍රකාශ ඉල්ලා අස්කර ගත්තා. මට අගමැතිකම ලබා ගැනීම පසුව ප‍්‍රශ්නයක් වූයේද නැත. මා සෝල්බරීසාමිට යැවු සමහර ලිපිවල මා ඔහුට අපහාස කළේ නැත. නමුත් සිද්ධිය ගැන වේගයෙන් අදහස් පළ කළා.

ලංකාවේ දක්නට තිබුණ ශක්තිමත් පාලනය තවදුරටත් තහවුරු කිරීම ගැන උනන්දුවක් දැක්වූ හැම කෙනෙක්ම අගමැති තනතුරට පත්කළ යුත්තේ මා බව එක හෙලාම කියා සිටියා.

1953 ඔක්තෝබර් 12 වැනිදා මා ලංකාවේ තුන්වැනි අගමැතිවරයා ලෙස පත්වුණා. අගමැති වශයෙන් පත්වීමට මොහොතකට කලින් සෝල්බරී සාමිවරයා රජගෙදර පියගැටපෙලේදී අතට අතදී මා පිළිගනිමින් කියා සිටියේ ”යට ගියදේ යට ගියාවේ” කියමින්ය. එදා සිට අපි දෙදෙනා හොඳහිත මිත‍්‍රයෝ වුනා. ලංකාවේ අගමැතිවරයා ලෙස 1953 ඔක්තෝබර් 13 පත්වූයේ මා කලින් විස්තර කළ ආකාරයටයි සර් ජෝන් මා සමග කියා සිටියේය.

ප‍්‍රවීණ මාධ්‍යවේදී
එල්මෝ ගුණරත්න ලියයි 

 
 

 


සබැඳි පුවත්


You are here: