ත‍්‍රස්තවාදය අවසන් කළ පසු ආර්ථික යුද්ධය ජයගත යුතුයි
.jpg)
ගම්පහ දිස්ති‍්‍රක් එජනිස අපේක්ෂක
ශාලිත විජේසුන්දර
කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ශාලිත විජේසුන්දර මහතා ඇ.එ.ජ. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක්ද ලබා ගෙන ඇත. අධිනීතිඥයකු ලෙසද කටයුතු කරන ශාලිත විජේසුන්දර මහතා බියගම ආසනයේ ශ්‍රීලනිප ප‍්‍රධාන සංවිධායකවරයායි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති දිවංගත මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පුත‍්‍රයකු වන ශාලිත විජේසුන්දර මහතා උපාලි විජේවර්ධන මහතාගේ බෑණනුවන්ය. කැලණිය රජමහ විහාරයේ ප‍්‍රධාන බස්නායක නිලමේවරයා ලෙස වසර 16ක්ම කටයුතු කිරීමටද ශාලිත විජේසුන්දර මහතාට හැකි විය.
ඔබ මෙවර ඡුන්දයට ඉදිරිපත් වීමට හේතු වූ කරණාව ගැන පැහැදිලි කළොත්..?
මම පළාත් සභා දේශපාලනයට ආවේ ජනාධිපතිතුමා කළ ආරාධනාවට අනුවයි. එතුමා මගෙන් ඉල්ලා සිටියා ගම්පහ දිස්ත‍්‍රික් කණ්ඩායම ශක්තිමත් කරන්න තරුණ නායකත්වයක් අවශ්‍යයි. එනිසා මෙවර ඡුන්දය ඉල්ලන්න කියලා. ඒ අනුවයි මෙවර පළාත් සභාවට මම තරඟ කරන්නේ. ජාතික තලයේ දේශපාලනයකට යන්නත් මෙය මට තවත් පෙරහුරුවක් කරගෙන මැතිවරණයට තරග කිරීමට තමයි මගේ අපේක්ෂාව.
ගම්පහ දිස්ත‍්‍රික්කයට ඔබ කළ සේවාව හා මේ වනවිට ගම්පහ ජනතාවට බලපාන මූලික ගැටලූ හඳුනාගෙන ඒවාට ලබාදිය හැකි විසඳුම් මොනවාද?
ජනතාවට සේවය සැපයීමේදී රුපියල් කෝටි 950ක පමණ සැලැසුම් ගත ව්‍යාපෘති ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇති කිරීමට මම ඉදිරිපත්ව සිටිනවා. විශේෂයෙන්ම මම මෙවර පළාත් සභාවට ඉදිරිපත් වෙන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ බියගම ආසනයේ ශ්‍රීලනිප ප‍්‍රධාන සංවිධායකවරයා ලෙසටයි. කිසිදු දේශපාලන තනතුරක් නොමැතිව වසර හතරක් වැනි කෙටි කාලයක් තුළදී බියගම ජනතාවට සහන ලබාදීමට මට හැකිවුණා. තැන තැන ගොස් බොරු පොරොන්දු දෙන දේශපාලනයක් මට නැහැ. මම වැඩකරපු කෙනෙක්. ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය යටතේ ”ගම නැගුම” ව්‍යාපෘතිය මගින් ලක්ෂ 300ක හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ මගනැගුම ව්‍යාපෘතියෙන් ලක්ෂ 300ක මංමාවත් ඇති කළා. ඒවා සංවර්ධනය කළා. එසේම සපුගස්කන්ද තෙල්පිරිපහදුව මංසන්ධියේ සිට සියඹලාපේ මංසන්ධිය දක්වා දිවෙන ප‍්‍රධාන මහාමාර්ගය රුපියල් ලක්ෂ 3000ක් වියදම් කොට ප‍්‍රතිසංස්කරණය කළා. බියගම ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායන පැවැත්වීම, නොමිලේ රෝද පුටු ප‍්‍රදානය, ඇස් කණ්ණාඩි ලබාදීම සිදුකළා. මගේ පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 50ක් වෙන්කොට බියගම රෝහලට නවීන පහසුකම් සහිත උපාංග ලබාදුන්නා. බියගම ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට රැුකියා අවස්ථා 3300ක් ලබාදුන්නා. වෘත්තීය පුහුණු ආයතන රැුසක් පවත්වා නොමිලේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාදීම, ස්වයංරැුකියා සඳහා රුපියල් ලක්ෂ 200ක් බියගම ජනතාවට ලබාදුන්නා. රණවිරුවන්ට ලක්ෂ 20ක් වටිනා උපකරණ ලබාදුන්නා. ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සහයෝගයෙන් වියළි ආහාර, මැෂින්, පාපැදි ආදී භාණ්ඩ රැුසක් බියගම ජනතාවට ලබාදීමට මට හැකිවුණා. එසේම රුපියල් ලක්ෂ 200ක වියදමින් බොල්ලෑගල ගම සංවර්ධනය, පානීය ජල අවශ්‍යතාවට පිළියම් යෙදීම, ගම්පහ දිස්ත‍්‍රික්කයේ විශාලතම පානීය ජල ව්‍යාපෘතිය වන ”බියගම නිල් දියවර” යටතේ බියගම ප‍්‍රදේශයේ පවුල් 22000ක් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීම අරඹා තිබෙනවා.
මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික් ජනතාවට බලපාන ගැටලූවලට මම විසඳුම් දීමට ඉදිරිපත් වෙනවා. බියගමට තිබූ විශාලතම ගැටලූව තමයි පානීය ජල ප‍්‍රශ්නය. මම මැදිහත්ව ආණ්ඩුවේ සහයද ඇතිව පිළියම් සෙවීමට කටයුතු කරනවා.
ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණ ප‍්‍රශ්නවලට විසඳුම් දීම ඔබ වැනි තරුණ නායකයන්ගේ යුතුකමක්. තරුණ ශ‍්‍රමය යොදාගෙන ගම්පහ දිස්ත‍්‍රික්කය සංවර්ධන සැලසුම් ඔබට තිබෙනවද?
ගම්පහ තරුණ පරපුරේ දක්ෂතා මොනවාද, ඔවුනට ඇති අඩුපාඩු මොනවාද කියා මේ වනවිට මම හඳුනාගෙන අවසානයි. එනිසා මේ අයගේ රැුකියා ප‍්‍රශ්නය විසඳීමට ස්වයං රැුකියා ඇරඹීමට අඩු පොලියට ණය දීමේ වැඩපිළිවෙළක් අප සකස් කළා. අද තරුණයන්ට ප‍්‍රධාන වශයෙන් ආර්ථික ප‍්‍රශ්න තමයි බලපා තිබෙන්නේ. ඊට මම වැඩපිළිවෙළක් හැදුවා. එදා ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ පසු නැගී සිටියේ ඔවුන්ගේ දක්ෂතා නිසයි. ඔවුන් නැගී සිටියේ විද්‍යුත් ක්ෂේත‍්‍රය නගා සිටුවීමට දී තිබූ සහන නිසයි. අපත් එවැනි වැඩපිළිවෙළකට ගොස් බිම් මට්ටමේ ජනතාවට අවශ්‍ය සහන, පුහුණුවීම් ඒ ක්ෂේත‍්‍රයට අවශ්‍ය අධ්‍යාපනය ලබාදිය යුතුයි.
එසේම ප‍්‍රදේශයේ ඇති පශු සම්පත් පාලනය දියුණු කිරීමට වැඩපිළිවෙළක් ඇරඹුවා. දැනට කිරි දෙවීම සිදුවෙන්නේ උදේට පමණයි. අප හවසටත් කිරි දෙවීමේ වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ ඒ ක්ෂේත‍්‍ර හඳුනාගෙන ඒවාට තරුණ ව්‍යවසායකත්වය යොදාගත හැකියි. අද තරුණ පිරිස ඉන්නේ ඍණ ආකල්පයෙන්. අප මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ඇ.එ. ජනපදයේ කළු ජාතිකයෙකුට ජනාධිපතිවීමට හැකිවුණේ උත්සාහවන්තයාට ජයග‍්‍රහණයට පාර විවෘතව ඇති නිසයි. අපත් එවැනි උත්සාහවන්ත තරුණ පිරිස තෝරා ප‍්‍රදේශයේ සංවර්ධනයට යොදාගත යුතුයි. එවැනි සැලැසුමක් ඇතිවයි මම ක‍්‍රියා කරන්නේ. උපාලි විජේවර්ධන මගේ මාමා. එතුමාට රට හදන්න හොඳ වැඩපිළිවෙළක් තිබුණා. ඒ ආභාෂය මටත් තිබෙනවා. කුබෝටා කියන අත්ට‍්‍රැක්ටරයේ සැලසුම හැදුවේ අපේ රටේ කෙනෙක්. මේ රටට අවශ්‍ය පුද්ගලයෝ හදන්න ඕන. හොඳ සංකල්ප අපට තිබෙනවා. දක්ෂ අය අපට ඉන්නවා. අපේ තරුණ පිරිසෙන් වැඩක් ගන්න පෙර ඒ අයට රට ගැන අභිමානයක් ඇති කළ යුතුයි.
යුද්ධය අවසන් වූ පසු අපට ආර්ථික යුද්ධය ජයගත යුතු වෙනවා. බඩු මිල අඩු කළ පමණින් කුස්සියේ යුද්ධය අවසන් වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් අපේ නිෂ්පාදන වැඩිකරන්න ඕන. අපට අවශ්‍ය තරම් මානව සම්පත තිබෙනවා. එනිසා අවශ්‍ය මග පෙන්වීමයි කළ යුත්තේ. බඩගින්නේ ඉන්න මිනිහෙකුට මාළු කූරියෙක් දෙන්න එපා. බිලී පිත්තක් දෙන්න කියන සංකල්පයට අප යා යුතුයි. අප ජනතාවට මොනතරම් සහන දුන්නත් වැඩක් නැහැ ඒ අයට ඉදිරියට යන්න ආර්ථිකයක් හදන්නේ නැතිව. අප මේ දේ වෙනස් කළ යුතුයි.
මේ රටේ හැමදේම දේශපාලනීකරණයට හසුව තිබෙන මොහොතක ඔබේ සංකල්පය කොතරම් දුරකට සාර්ථක කරගත හැකිද?
අද මේ රටේ හැමදේම දේශපාලනය වෙලා. යුද්ධයත් දේශපාලනය වෙලා. ජනතාවගේ හිතයි පපුවයි දිනන්න තමයි අප කටයුතු කළ යුත්තේ. දේශපාලන සහය නැතිව යුද්ධයකට වුවත් යන්න බැහැ. ඇ.එ.ජ. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් කළ යුද්ධයේ අතුරු ප‍්‍රතිඵල ඔහු වින්දා. අපේ රටේ අද පවතින්නේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්. එනිසා ජාත්‍යන්තරය සමගත් අපට යුද්ධ කරන්න වෙලා. එදා දුටුගැමුණු රජතුමා යුද්ධ කළේ සොළීන් එක්ක පමණයි. නමුත් අපට ජාත්‍යන්තරය සමගත් යුද්ධ කරන්න වෙලා. වසර 500කට පසුව මේ රට එක්සේසත් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි. මේවාට ජනතා මතය අත්‍යවශ්‍යයි. ජනතා මතය හොඳට තිබුණොත් අප කාටවත් බියවිය යුතු නැහැ. එනිසා දේශපාලනය කිරීමේදී සෑම කටයුත්තකදීම ගැටලූ මතුවෙනවා. ඒවාට මුහුණ දී සාර්ථකව කටයුතු කළ යුතුයි. රට සංවර්ධනයට යනවිට අභියෝග එනවා. ඒවා කොහොම එනවද කියන එක ගැටලූවක්. එම ගැටලූවලට මුහුණදීමට අපට ධෛර්යය තිබෙනවා. මම කරන්නේ ජනතා සේවාවක්. ඒ සේවාව බාධක මැද වුවත් මම ඉටුකරනවා.
බොහෝ වෙලාවට ඔබ සිංහල බෞද්ධ ඡුන්ද පමණක් ඉලක්ක කරන බවකුයි දකින්නට තිබෙන්නේ.
ලංකාව තමයි ලෝකයේ තිබෙන එකම ථෙරවාදී බෞද්ධ රට. ඒ වගේම ගම්පහ දිස්ත‍්‍රික්කයේ 80%ක් පමණ බෞද්ධ ජනතාව ඉන්නවා. අපි ආගමානුකූලව ඉන්න නිසා ජනතා සේවයේදී හොඳ සේවාවක් දිය හැකියි. පසුගිය වතාවලදී විවිධ බාධක මා වෙත ආවා. නමුත් මම සෑම ආගමකටම ගරු කළා. ඒ නිසා සෑම ආගමකම ජනතාව මා සමග සිටිනවා. මා බියගමට, ගම්පහට කළ වැඩ කොටස කුමක්ද කියා ඔවුන් දන්නවා. අවංකව වැඩකරන විට සෑම අයෙකුගේම සහය ලැබෙනවා.
ගම්පහ දිස්ත‍්‍රික් ජනතාව ඉලක්ක කර ගනිමින් ඔබ දෙන පණිවුඩය කුමක්ද?
මම ගම්පහ ජනතාවට සේවයක් කළා. කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන වැඩකටයුතුවලට මම මූලික වී දායකත්වයක් ලබාදුන්නා. ගම්පහ ජනතාවගේ මූලික ගැටලූවලට පිළියම් දුන්නා. මේ රට ඉදිරියට යන්න නම් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි. ඊට සැලැසුම් මා ළඟ තිබෙනවා. විදේශ ආධාර ඇතිව අප එය කළ යුතුයි. බොහෝ වෙලාවට අපේ සමහර දේශපාලන ගැටලූ නිසා දුක් විඳින්නේ ජනතාවයි. අප සැලැසුම් ඇතිව වැඩ කළොත් ජනතාවට හොඳ සේවාවක් ලබාදිය හැකියි. එනිසා මම ගම්පහ දිස්ත‍්‍රික් ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ වටිනා ඡුන්දය වැඩක් කරන දක්ෂ කෙනකුට දෙන්න කියායි. ශක්තිමත් කණ්ඩායමක් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තෝරා බස්නාහිර පළාත් සභාවට යවන්න කියායි.
සංවාද සටහන
ප‍්‍රගීත් සම්පත්
ඡුායාරූපය - ඩික්සන් වසන්ත
මේ පාලනය වැරැුදියි කියන සංඥාව බස්නාහිර ජනතාව රජයට දෙනවා

කොළඹ දිස්ති‍්‍රක් එජාප අපේක්ෂක
නීතිඥ ශිරාල් ලක්තිලක
මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ශිරාල් ලක්තිලක කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලබාගෙන නීතිඥ වෘත්තියට පිවිසියේය. ඇමරිකාවේ ෆිලඩෙල්පියා නුවර ආකේඩියා සහ ටෙම්පල්ස් යන විශ්වවිද්‍යාල දෙකෙන් ජාත්‍යන්තර නීතිය හා ගැටුම් කළමනාකරණය ගැන පශ්චාත් උපාධිය ලබා ඇති ඔහු ඉන්දියාවේ බැංගලෝර් නීති විද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාවද ලබාගෙන ඇත. ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් සරසවියෙන් රාජ තාන්ත‍්‍රික කටයුතු පිළිබඳ කළමනාකාරිත්ව ඩිප්ලෝමාවත් ලබාගෙන ඇති ශිරාල් ඉන්දියාවේ යූ.එස්.අයි. ආයතනයේ සහ දකුණු ආසියානු සංවර්ධන ආයතනයෙන් සැලසුම්කරණය පිළිබඳ පුහුණුවක්ද ලබාගෙන තිබේ.
ප‍්‍රශ්නය: එජාපය බස්නාහිර පළාත් සභාවට තරග කරන්නේ පරාජිත සලකුණු රාශියක් සමගයි. එනිසා මේ පළාත් සභාවෙනුත් සිදුවන්නේ ඒ පරාජිත සලකුණු ගොඩ වැඩිවීමක් නොවෙයිද?
පිළිතුර: අනෙක් පළාත් සභා සමග සසඳා බලනවිට මේ පළාත් සභාවේ එජාපයට විශාල ජන පදනමක් තිබෙනවා. කොළඹ දිස්ත‍්‍රික්කය කවුරුත් පිළිගන්නේ එජාප බලකොටුවක් හැටියටයි. ඒ බලකොටුව තුළ එජාපයට නැඹුරු විශාල ජන පදනමක් තිබෙනවා. ඒ ජන පදනම භාවිත කරමින් මේ රජයේ ප‍්‍රතිපත්තිවලට එරෙහිව යම් සංඥාවක් නිකුත් කිරීමේ හැකියාව මේ පළාත් සභාවට තිබෙනවා.
ඒ වගේම මේ රජයේ වැරැුදි කළමනාකරණය නිසා විශාල වශයෙන් පීඩාවට පත්වන්නේ නාගරික පංතියයි. බස්නාහිර පළාත් සභාව තුළ වැඩි වශයෙන් කේන්ද්‍රගතවී සිටින්නේ නාගරික ජනතාවයි. මේ අය විශේෂයෙන්ම ඉඩම් හිමියන් නොවෙයි. මේ අය මාසික වේතනයක් ලබන අයයි. ඒ ජනතාව අදවන විට ඉතාම දරිද්‍රතාවට පත්වී තිබෙනවා. මේ රජයේ වැරැුදි ආර්ථික කළමනාකරණය, ¥ෂණය, වංචාව ආදී කරුණු නිසා මේ ජනතාව විශාල වශයෙන් කලකිරීමට පත්වී සිටිනවා. ඒ පිරිස මේ පළාත් සභා මැතිවරණය හරහා රජයට එරෙහි යම් සංඥාවක් නිකුත් කිරීමේ සූදානමින් සිටිනවා. මේ තත්ත්වය යටතේ අනෙක් පළාත් සභාවලට වඩා වෙනස් තත්ත්වයක් ඇතිවන බව විශ්වාසයි.
පසුගිය වසර 15ක කාලය තුළ කොළඹ දිස්ත‍්‍රික්කයේ තිබෙන ගමට සේවය කිරීමට නොහැකිවීම තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත් පළාතේ සෞඛ්‍ය, අධ්‍යාපනය, මාර්ග ආදී සියලූ විෂයන් තිබෙන්නේ පළාත් සභාව යටතේයි. ඒ වුවත් මේ සමාජයට කිසිම දෙයක් ලබාදීමට ඒ පළාත් සභාවට නොහැකිවී තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගතහොත් හෝමාගම ආසනයට ජාතික පාසලක් නෑ. කඩුවෙලට ජාතික පාසලක් නෑ. තිබෙන සියලූ පාසල් තිබෙන්නේ පළාත් සභාව යටතේ. එහෙත් මේ පාසල්වලට කිසිදු පහසුකමක් ලබාදීමට පළාත් සභාවට නොහැකිවී තිබෙනවා. සංඛ්‍යාලේඛන අනුව ගතහොත් කොළඹ දිස්ත‍්‍රික්කයේ පාසල් සිසුන් 1,53,000 සිටිනවා. මේ පිරිස වෙනුවෙන් ජාතික පාසල් තිබෙන්නේ 33යි. පළාත් සභාව යටතේ නවෝද්‍යා පාසල් 44ක් තිබෙනවා. තවත් පාසල් තුන්සිය පනස් ගණනක් පළාත් සභාව යටතේ තිබෙනවා. මේවායේ ගුරුවරු නෑ. විද්‍යාගාර නෑ. අනෙක් පහසුකම් නෑ. පළාත් සභාව පසුගිය කාලයේ අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල් කිසිසේත්ම මේ පාසල්වල යටිතල පහසුකම් දියුණුවට යොමුවී නෑ.
සෞඛ්‍ය අංශයෙන්් කොළඹ දිස්ත‍්‍රික්කයටම තිබෙන්නේ මහ රෝහල් දෙකයි. අනෙක් සියලූ දිස්ත‍්‍රික් හා ග‍්‍රාමීය රෝහල් තිබෙන්නේ පළාත් සභාව යටතේ. මේ රෝහල් පාලනය හා පහසුකම් ගොඩනැගීම පසුගිය වසර 15 තිස්සේම කර නෑ. බී හා සී ශ්‍රේණියේ සියලූ මාර්ග අයත් පළාත් සභාවටයි. මේ මාර්ග දියුණු කිරීම සිදුවී තිබෙන්නේ අක‍්‍රමික ආකාරයෙනුයි. මේ කරුණු අනුව සංවර්ධනාත්මකව බැලූවත් මේ කරගෙන යන පාලනය වැරැුදියි කියන සංඥාව රජයට එරෙහිව නිකුත් කිරීමට කොළඹ ජනතාවට සිදුවෙනවා. මේ සමස්තය යටතේ මේ පළාත් සභාවේදී ඡුන්දය පාවිච්චි කළ යුත්තේ මේ කරුණු ගැන අවධානය යොමු කරලයි.
ප‍්‍රශ්නය: මේ පළාත් සභාවේදී රජයට එරෙහි සංඥාවක් නිකුත් කිරීමට නම් පක්ෂය ශක්තිමත්ව ජනතාව අතරට යා යුතුයි. එහෙත් පසුගිය දිනවලදී පක්ෂයේ අර්බුදකාරී තත්ත්වයක් පැවතියා. මේ පසුබිම යටතේ ජයග‍්‍රණය ලබා ගැනීමට අසීරුයි නේද?
පිළිතුර: මෙය නැවතත් රජය කරන සටකපට වැඩක ප‍්‍රතිඵලයක්. ඡුන්දය අවසන් වනතුරු එජාපයේ අර්බුදය තියෙන්න පුළුවන් කියා ජනාධිපතිවරයා කියූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙය පසුගිය දශක ගණනාවක් තස්සේ රාජ්‍ය බලයේ සිටින අය භාවිත කළ කුප‍්‍රකට උපක‍්‍රමයක්. විපක්ෂය තුළ අර්බුද ඇති කර ඒ හරහා පාක්ෂිකයන්ගේ හා මධ්‍යස්ථ මතධාරීන්ගේ මානසික භාවය අඩපණ කර ඔවුන් ඡුන්දය පාවිච්චි නොකරන තත්ත්වයට පොළඹවා රජයේ ජයග‍්‍රහණය තහවුරු කර ගන්නවා. ඒත් අද වනවිට එජාප පාක්ෂිකයන් මේ ගැන තේරුම්ගෙන සිටිනවා. නායක මට්ටමෙන් පක්ෂයේ අර්බුද තිබෙන බව කිව්වට තමන්ගේ ශක්තිය නිශ්චිතව පෙන්නුම් කිරීමට පාක්ෂිකයන් තීරණය කර තිබෙනවා.
එජාපය හැමදාමත් සුවිශේෂී පක්ෂයක්. කවුරු නායකයා වුවත් පක්ෂය රැුකගත්තේ පාක්ෂිකයන්. පක්ෂය හැරදා කවුරු ගියත් ඒ ගිය අය කොතරම් ජනප‍්‍රිය වුවත් පාක්ෂිකයන් පක්ෂය දමා ගිහින් නෑ. මේ පදනම යටතේ තමන්ගේ මතය නිශ්චිතව ප‍්‍රකාශ කර ඔය අර්බුද තමන්ට බල නොපාන බව පෙන්වීමට පාක්ෂිකයන් තීරණයකර තිබෙනවා. ඒ නිසා ගැටලූ තිබේනම් ඒවා වහා සමනය කරගෙන පාකෂිකයන්ගේ ධෛර්යය තවත් වැඩි කිරීමට සහාය දෙන ලෙස නායකයාගෙන් ඉල්ලා සිටිනවා.
ප‍්‍රශ්නය: යුද්ධය හරහා රජය මේ වනවිට ඉහළ ජනප‍්‍රියත්වයක පසුවන බව කියැවෙනවා. එජාපයේ ජයග‍්‍රහණයට මෙය අභියෝගයක් නොවෙයිද?
පිළිතුර: රජයේ ජනප‍්‍රිය බව පවත්වාගෙන යන ක‍්‍රමයක් තිබෙනවා. බස්නාහිර පළාතේ තිබෙන්නේ රජයේ ගුණ්ඩු ගිලින සමාජයට වඩා වෙනස් සමාජයක්. අද රජය දේශපාලනය කරන්නේ ජනතාවට සංවර්ධනය ගෙනල්ලා නොවෙයි. ජනතාවගේ ආර්ථිකය සුවපත් කරල නොවෙයි. ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරල නොවෙයි. රජය දේශපාලනය කරන්නේ රාජ්‍ය මාධ්‍ය හරහායි. ඒ අනුව අනෙක් මාධ්‍ය ආයතන සෘජුව හෝ වක‍්‍රව මර්දනයකට ලක්කර ජනතාවට ලැබිය යුතු තොරතුරු ලැබීමට ඉඩ නොදී කටයුතු කරනවා. එහෙත් බස්නාහිර පළාත ගත්තම එහෙම වැළැක්වුවත් ජනතාවට තොරතුරු යනවා. මේ නිසා රජයේ ජනප‍්‍රිය භාවය තීරණය කර ඇති යුද්ධය පිළිබඳ ජනතාව ක‍්‍රමානුකූලව යම් දෙයක් තේරුම් ගනිමින් සිටිනවා. කියන තරම් දේවල් වෙන්නෑ නේද කියන මට්ටමක් දැක ගන්න පුළුවන්. ඒ වගේම යුද ජයග‍්‍රහණවලට මුවාවී ¥ෂණය කරනවා. යුද ජයග‍්‍රහණ මත දමා තමන්ගේ ආර්ථික කළමනාකරණ නොහැකියාව වසා ගන්න රජය උත්සාහ කරනවාය කියන හැඟීම ජනතාව තුළ වර්ධනය වෙමින් තිබෙනවා. අප අපේ්ක්ෂයන් හා පක්ෂය හැටියට එය තවදුරටත් සමාජගත කරනවා නම් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියා මම දැඩිව විශ්වාස කරනවා.
ප‍්‍රශ්නය: ඔබ බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වන නව අපේක්ෂකයෙක්. මොනවගේ ගැටලූද ඔබ මේ පළාත් සභාව තුළ හඳුනාගෙන තිබෙන්නේ?
පිළිතුර: මම තරග කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයට. කොළඹ කියන්නේ රටේ අගනුවර. මේ දිස්ත‍්‍රික්කයේ සිටින අය යම්යම් පහසුකම් යම් ජීවන මට්ටමක් බලාපොරොත්තු වෙනවා. එහෙත් මේ කොළඹ දිස්ත‍්‍රික්කය තුළ ගමක් තිබෙන බව අමතක කරන්න හොඳ නෑ. මේ ගම කිසිසේත්ම සංවර්ධනය වෙලා නැහැ. මේ ජනතාව ජීවත් වන්නේ ඉතාම අමාරුවෙන්. ඔවුන් අසීරු තත්ත්වයකට පත්වී සිටිනවා. බොරැුල්ල ප‍්‍රදේශයේ තිබෙන වතු දෙස බැලූවත් අවිස්සාවේල්ල, හෝමාගම, කඩුවෙල ආදී ප‍්‍රදේශ දෙස බැලූවත් ඒ ප‍්‍රදේශවලට සංවර්ධනය ගමන් කර නෑ. මගේ සටන් පාඨය වෙලා තිබෙන්නේ ”අගනුවර තිබෙන ගම සංවර්ධනය කරමු” යන්නයි. ඒ වගේම ”වත්මන් රජය දේශපාලනිකව පරාජය කිරීමට පියවර ගනිමු” යන්න දෙවැන්නයි. මගේ දේශපාලන ව්‍යාපාරය ගෙනයන්නෙ මේ පණිවිඩ දෙක ඔස්සේයි. මම මුලින් කියූ ගම තුළ තිබෙන ගැටලූ අසීමිතයි.
ප‍්‍රශ්නය: ඔබ ඔය කියන ජනතා ප‍්‍රශ්න විසඳීමට ගම දියුණු කිරීමට ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ කුමක්ද?
පිළිතුර: ඒ වැඩ පිළිවෙළේදී එක් එක් අංශවල දියුණුව ඇති කරන ආකාරයක් තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගතහොත් පළාත් සභාව යටතේ තිබෙන නවෝද්‍යා, පාසල් සහ ”බී” හා ”සී” ශ්‍රේණියේ පාසල් අතරින් අඩුම වශයෙන් එක් ආසනයකට එක් පාසලක්වත් විසි එක්වැනි සියවසට සරිලන වඩා දියුණු පාසලක් එක් වසරක් තුළ බිහි කිරීම එක් කරුණක්. රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නා ශිෂ්‍යයාත්, හෝමාගම, මහරගම සාමාන්‍ය පාසලකින් උසස් පෙළ සමත්වන ශිෂ්‍යායටත් විශ්වවිද්‍යාල පිවිසුම්කරණයේදී සලකන්නේ එකම විදියටයි. මෙහිදී ගමේ පාසලේදී ඉගෙන ගන්නා ශිෂ්‍යයාට විශාල අසාධාරණයක් සිදුවෙනවා. එයට තිබෙන එකම විසඳුම ආසන මට්ටමින් ඉතා දියුණු පාසල් පද්ධතියක් ගොඩනැගීමයි. එය පළාත් සභාව හරහා කරන්න පුළුවන්. මේ වගේම එයට අවශ්‍ය මුදල් තිබෙනවා. මුදල් සොයා ගන්න පුළුවන්.
සෑම ආයතනයකම තිබෙන ග‍්‍රාමීය රෝහල්වල ප‍්‍රශ්න රාශියක් තිබෙනවා. මේ නිසා පීඩාවට පත්වන්නේ අහිංසක ජනතාවයි. මේ රෝහල් පද්ධතිය පිළිසකර කර වැඩිදියුණු කර නවීන රෝහල් බවට පත් කිරීම පළාත් සභාව හරහා කරන්න පුළුවන්.
ඒ වගේම විශේෂයෙන් නගරය තුළ උදාහරණයක් වශයෙන් ගතහොත් උතුරු කොළඹ, මැදකොළඹ ආදී ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම විශාල ප‍්‍රශ්නයක් වී තිබෙනවා. මළද්‍රව්‍ය ඉවත් කිරීම බරපතළ ගැටලූවක්. මේ ප‍්‍රදේශවල වතු ඇතුලේ තිබෙන මාර්ග, ජලය, විදුලිය පිළිබඳ ප‍්‍රශ්න බරපතළ ආකාරයෙන් මතුවී තිබෙනවා. මේ ප‍්‍රශ්න නිසා නාගරික දිළිඳු සමාජය විශාල වශයෙන් පීඩාවට පත්කර තිබෙනවා. මාර්ග කවුරු යටතේ පාලනය වනවාද කියා කවුරුත් දන්නෑ. මේ මාර්ග සංවර්ධනය, නඩත්තුව, වැඩිදියුණු කිරීම අයිති කුමන ආයතනයටද යන්න නීතිගත කිරීමට අවශ්‍ය ප‍්‍රඥප්ති ගේන්න අපි සූදානම්.
කොළඹ නගරයේ තිබෙන මළ ප‍්‍රවාහන පද්ධතිය ඉංග‍්‍රීසි ආණ්ඩු කාලේ හැදුවට පස්සේ අද වනතුරු දියුණු කර නෑ. ඒ නිසා නගර සභාවත් සමග සාකච්ඡුා කර මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්න ඕන. ඒ වගේම එයට අවශ්‍ය නව සැලසුම් ඉදිරිපත් කරන්න ඕන.
නාගරික දිළිඳු සමාජය ජීවත්වන ප‍්‍රදේශ ඉතාම ඛේදනීයයි. එය වහාම වෙනස් කිරීම අවශ්‍යයි. මේ ජනතාවට ලැබෙන ජලය, විදුලිය, මාර්ග වැඩිදියුණු කළ යුතුයි. කොළඹ නගරයේ තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය වන කසළ ඉවත් කිරීම පිළිබඳව විසි එක්වැනි සියවසට සුදුසු ක‍්‍රමයක් ඇති කරන්න ඕන. ඒ ක‍්‍රමය අපි බ්ලූමැන්ඩල්වල දකින කුණු කන්ද වෙනුවට මේ කුණු ප‍්‍රතිචක‍්‍රීකරණය කරන ක‍්‍රමයක් විය යුතුයි. මේ කුණු දහනය කර දහනයේදී පිටකරන තාපය භාවිත කර විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ ක‍්‍රමවේදයකට යාම අවශ්‍යයි.
කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ පෝෂණ තත්ත්වය කෙරෙහිත් අවධානය යොමුකළ යුතුයි. නාගරික දිළිඳු ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කළ යුතු වෙනවා. ඒ සඳහා පෝෂණ වැඩපිළිවෙළක්ද අවශ්‍ය වෙනවා. මේ ආකාරයට අගනුවර තුළ තිබෙන ගම සංවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ප‍්‍රශ්නය: මේවා හුදෙක් ඡුන්ද පොරොන්දු පමණක් බවට කවුරුන් හෝ තර්ක කළොත්?
පිළිතුර: ඡුන්ද පොරොන්දු නොවෙන්න නම් කළ යුතු නිශ්චිත කාර්යභාරයක් තිබෙනවා. පළාත් සභාව දැන් රඳා පවතින්නේ මධ්‍යම ආණ්ඩුවෙන් ලබාදෙන ප‍්‍රදාන මත පමණයි. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගතහොත් පළාත් සභාවේ ආදායම් වැඩි කිරීමට ප‍්‍රදාන, ණය, බදු ඇති කරන්න පුළුවන්. අපි පළාත් සභාවට ගියොත් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරන්න නීතිය හරහා පියවර ගන්නවා. මේ තිබෙන බලතල පළාත් සභාවට ලබාගත යුතුයි. එසේ කිරීමට නම් එජාපයම පළාත් සභාවේ බලය ලබා ගන්න ඕන.
දැනට පළාත් සභා සුදු අලියෙක් බවට පත්වී තිබෙන්නේ ලබාදෙන ප‍්‍රතිපාදනවලින් සියයට අනූවක් පුනරාවර්තන වියදම්වලට වෙන් කිරීම නිසයි. නැතිනම් පළාත් සභාවේ සිටින නිලධාරීන්ගේ පඩි නඩි ගෙවන්නයි. ප‍්‍රාග්ධන වියදම් සඳහා යොදවන්නේ සියයට දහයයි. මේ සියයට දහය සියයට පනහ දක්වා වැඩි කරන්න ඕන. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී අංශ දියුණු කරන්න පුළුවන් වෙන්නේ එසේ කළොත් පමණයි.
පළාත් සභා හරහා ණය ලබා ගැනීමේ ශීර්ෂයක් තිබෙනවා. විදේශ ආයතන සමග සාකච්ඡුාකර පළාත් සභාවට විදේශ ආධාර ලබාගෙන මේවා කරන්න පුළුවන්. එහෙම කරනවා නම් අද සුදු අලියෙක් බවට පත්වී තිබෙන පළාත් සභාව කාර්යක්ෂම ආයතනයක් බවට පත්කරන්න පුළුවන්. මගේ විශ්වාසය එයයි.
ප‍්‍රශ්නය: ඔබ මේ පළාත් සභාවට තරග කරන්න තීරණය කළේ ඇයි කියන ප‍්‍රශ්නයට සෘජු පිළිතුරක් දෙන්න?
පිළිතුර: පසුගිය වසර දහයක් දොළහක් තිස්සේ විවිධ ව්‍යාපාර හරහා නව ප‍්‍රතිපත්ති හඳුන්වා දෙන්න උත්සාහ කළා. එහෙත් ඒවා සාර්ථක වුණේ නැහැ. ලංකාවේ තිබෙන්නේ දේශපාලන සමාජයක්. ලංකාවේ තිබෙන්නේ පුරවැසි සමාජයක් නොවෙයි. ඒ නිසා මේ තීන්දු ගැනීම සඳහා දේශපාලන කළමනාකරුවන්ගේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ කළමනාකරුවන් වෘත්තීමය විය යුතුයි. ඔවුන් යම් විෂයයක් අධ්‍යයනය කර එය පරිපාලනය කිරීමට සුදුසු විය යුතුයි. එවැනි අඩුවක් තිබෙනවා. ඒ නිසා මගේ තිබෙන හැකියාවත් සමග වෘත්තීමය දේශපාලන කළමනාකරුවෙක් හැටියට ඒ කළමනාකාරිත්වය ලබාදෙන්න ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසිය යුතුයි කියා මා තීරණය කළා. ඒ තුළින් අපට අවශ්‍ය සංවර්ධනය සමාජයට ගේන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා. එයට හොඳම පක්ෂය එජාපය බව මම විශ්වාස කරනවා. මම දේශපාලනයට ආවේ ඒ නිසයි.
සංවාද සටහන
චමින්ද මුණසිංහ
ඡුායාරූපය - ජානක ගලප්පත්ති


