2010 මාර්තු මස 9 වැනිදා අඟහරුවාදා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


රටට වැඩක් කළේ කවුද කියා අමුතුවෙන් කිවයුතු නැහැ



කොළඹ දිස්ති‍්‍රක් එජනිස අපේක්ෂක - ඉසුරු දේවපි‍්‍රය

කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙන් මූලික අධ්‍යාපන හැදෑරූ ඉසුර දේවප‍්‍රිය දේශපාලනයට පිවිසෙන්නේ 1991 දීය. ඒ මහජන එක්සත් පෙරමුණ යටතේ මහරගම ප‍්‍රාදේශීය සභාවට තරග කරමිනි. මහරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිධුරයටද පත් ඉසුරු දේවප‍්‍රිය මහතා 1997දී ශ්‍රීලනිපය හා එක් විය. ඉන්පසු 1999 දී බස්නාහිර පළාත් සභාවට තරග කරමින් පළාත් සභාව නියෝජනය කිරීමටද ඉසුර දේවප‍්‍රිය මහතාට හැකිවිය. දෙවරක්ම පළාත් සභා නියෝජනය කළ ඉසුර දේවප‍්‍රිය මහතා මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදියි.



* මෙවර ඡුන්දයේදී ජනතාව අතරට යාමට ඔබ ඇතුළු කණ්ඩායම සැලැසුම් කොට ඇත්තේ කෙසේද?



බස්නාහිර පළාත් සභාව අපි දිනනවා කියා ජනතාව දන්නවා. නමුත් ඡුන්දය ඉල්ලන අපේක්‍ෂකයෝ ජනතා ඡුන්දයෙන් ඉදිරියට එන්නයි උත්සාහ ගන්නේ. හැමෝම තරගයක නිරත වෙනවා. ඒ ගැන අපේ කවුරුත් ගැටලූවක් කරගෙන නැහැ. අපටත් වඩා මේ ඡුන්දය ගැන උනන්දුව තියෙන්නේ මහජනතාවටයි. ලයිස්තුවේ ඉන්න අපේක්‍ෂකයන් ගැන ජනතාව අවබෝධයකින් ඉන්නේ. අවංක, පක්‍ෂය හැරදා නොයන සමාජ දේශපාලනයේදී වැරැුදි නොකරපු අයව තෝරා ගන්න ජනතාව උනන්දු වේවි.



* පොඑපෙ පළාත් සභා පාලන කාලයේදී තමන්ට සේවයක් සිදු නොවන බවටයි ජනතාව චෝදනා කරන්නේ. එවිට එජනිසයට ජනතා මතයක් තිබෙනවා යැයි කිව හැකිද?
 


මම තරග කරන තුන්වන පළාත් සභාව තමයි මේ. පසුගිය පළාත් සභා දෙකේදීම අපි පොරොන්දු වුණා ජනතා ගැටලූ විසඳනවා කියා. අපි බොහෝ වැඩ කොටසක් කළා. එසේම තව ටිකක් ඉතිරි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජනතාවට තිබෙන ලොකු ප‍්‍රශ්නයක් තමයි ජනප‍්‍රිය පාසල් මානසිකත්වය. මේ නිසා ගම්වල ඇති කුඩා පාසල් විශාල ප‍්‍රමාණයක් වැසී ගියා. නමුත් මෙයට අප විසඳුමක් දුන්නා. සමහර අය කළේ මෙය විවේචනය කිරීම පමණයි. අප කළේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත සියලූ පක්‍ෂවල සහය ඇතිව ප‍්‍රතිව්‍යුහගත වැඩසටහනක් ඇති කළා. එය සාර්ථක වුණා. බස්නාහිර පළාතේ ප‍්‍රවාහන පද්ධතිය විධිමත් කළා. එහි යම් යම් අඩුපාඩු තිබුණත් ප‍්‍රවාහන පද්ධතිය බොහෝදුරට විධිමත් කරන්න හැකිවුණා. මාර්ග පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කළා. ආසියානු සංවර්ධන බැංකු ආධාර ඇතිව එම කටයුතු කළා. සමුපකාර ක‍්‍රමය නැවත ගොඩගැනීමට අවශ්‍ය පියවර ගත්තා. රෝහල් පද්ධතිය වැඩි දියුණු කළා. ඒවාට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. පළාත් සභාව කියන්නේ සුදු අලියෙක් කියන චෝදනාව අපි මිථ්‍යාවක් කළා.



* ඔබ ජනතාවට කළ සේවාව ගැන තෘප්තිමත්ද?



අප කළ දේ ගැන තෘප්තිමත් වෙන්න අපට පුළුවන්. විශේෂයෙන්ම මම 1991 දී මහරගම සභාපති ලෙස වැඩභාරගන්න විට ජනතා ප‍්‍රශ්න ගොඩක් තිබුණා. ජනතාව බදු ගෙවන්නන් ලෙස නොව වන්දි ගෙවන්නන් ලෙසයි හිටියේ. නමුත් ඒ මතය වෙනස් කරමින් මහරගම නගර සභාව ප‍්‍රදේශයේ දියුණුවට යොදා ගත්තා. නගර සභාවට ආදායම් තිබුණත් ඒවා එකතු කර ගන්න බැරිව විශාල ගැටලූ රැුසකට මුහුණ දුන්නා. ඒවාට පිළියම් සොයමින් ජනතාවට උපරිම සේවයක් දෙන ආයතනයක් බවට පත් කළා. කුණු ඉවත් කිරීමට අවශ්‍ය වාහන, මහරගම ආදාහනාගාරය, මහරගම ක‍්‍රීඩාපිටිය වැනිදේ හදන්න මගේ කාලයේ අරඹපු වැඩ සටහන්. අද එහි ප‍්‍රතිඵල ජනතාවට තිබෙනවා. මහරගම නගරයේ සංවර්ධන සැලැසුමක් තිබුණේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය හා එකතුව මහරගම නගර සැලැසුම හැදුවා. ඊට පෙර මහරගම දියුණු වූවාට ක‍්‍රමවත් වැඩපිළිවෙළක් නැහැ. මහරගම ජනතාවට වග කියන ආයතනයක් ඇරඹුණේ 1991න් පසුවයි. නමුත් පළාත් සභාවට පමණක් මහරගම සංවර්ධනයේ ඉතිරි වැඩටික කරන්න අපහසුයි. නගර සභාවෙන් ඉටුවිය යුතු කාර්යභාරයක් කළ යුතුයි.



* කොන්ක‍්‍රීට් කරපු පාරවල් බාගෙට. පාසල් ගොඩනැගිලි අවසන් නැහැ. මෙවන් දේ තුළින්ද ඔබලා ජනතා සේවයක් කළා කියන්නේ.



පසුගිය පළාත් සභාව කාලයේදී පාසල් ගොඩනැගිලි රැුසක් ඉදි කළා. සමහර ඒවායේ වැඩ අවසන් වෙලා නැහැ. මෙවර පළාත් සභාව ජයගෙන ඒවායේ වැඩකටයුතු අවසන් කළ හැකියි. නගර සභා හා පළාත් සභා පාරවල්වල වැඩ ඉවර කරන්න තිබෙනවා. ඒවායේ වැඩ ඉක්මනින් අවසන් කරනවා. මහරගම ජනතාවට මුහුණ දීමට සිදුව ඇති අනෙක් ගැටලූව තමයි කැළි කසළ ප‍්‍රශ්නය. මේ සඳහා ජාතික වැඩපිළිවෙළක් ඇතිකොට ඊට වැඩසටහනක් ආරම්භ කළා. එය ඉදිරි පාලන කාලයේ තව තවත් විධිමත් කරනවා. අනෙක් පළාත් සභාවල ප‍්‍රතිඵල දෙස බැලූවහොත් සබරගමුව හා උතුරු මැදට වඩා වයඹ හා මධ්‍යම ප‍්‍රතිඵල, ආණ්ඩුවට වාසි වුණා. නැගෙනහිර ඡුන්ද ප‍්‍රතිඵලයට වඩා ඡුන්දය පවත්වපු සෙසු පළාත්වල ප‍්‍රතිඵල හොඳ වුණා. බස්නාහිර පළාතේ කොළඹ දිස්ති‍්‍රක්කය තුළ උගත්, බුද්ධිමත් පිරිසක් ජීවත් වෙනවා. මේ අය දන්නවා රටට වැඩ කළේ කව්ද? වසර ගණනාවක් පැවැති යුද්ධය නිම කිරීමට මූලික වුනේ කව්ද කියා. එසේම මම ඉදිරිපත් වෙන පස්වන මැතිවරණය තමයි මේ. මම මුලින්ම මැතිවරණයට ගියේ 1991 දී. ඒ කාලයේ මිනිස්සුන්ට තිබුණා පැවැති පාලන කාලය වෙනස් කරන්න. එනිසා අපට ඒ මැතිවරණය කරන්න පහසු වුණා. 94 දීත් ඒ උනන්දුව ජනතාවට තිබුණා. නමුත් ඊට පසු ජනතාවට ඒ උනන්දුව තිබුණේ නැහැ. එදා එජාපය එළවලා පො.එ.පෙ. බලයට ගෙන එන්න තිබූ උද්යෝගය වාගේ උද්යෝගයක් අද ජනතාවට තිබෙනවා. ඒ ජනාධිපතිතුමා උතුරේ යුද්ධය නිමකරන්න කැපවුණ නිසා. අද ජනතාව කියන්නේ ඔයාලාට දෙන්නේ නැතිව කාටද ඡුන්දය දෙන්නේ අහනවා. මේ මැතිවරණය ගැන සෑම අයෙකුටම උනන්දුවක් තිබෙනවා. එනිසා අනෙක් පළාත් සභා ජයග‍්‍රහණවලට වඩා විශිෂ්ට ජයක් බස්නාහිර පළාතේ එජනි සන්ධානය ලබනවා.



* කොළඹ දිස්ත‍්‍රික් ජනතාව වෙනුවෙන් ඔබ දෙන පණිවුඩය කුමක්ද?



එනිසා මම බස්නාහිර පළාතේ ජනතාවගෙන් ඉල්ලන්නේ හොඳ විශිෂ්ට වැඩකළ හැකි කණ්ඩායමක් පළාත් සභාවට යවන්න කියායි. ජනතාවට ඒ සඳහා මනාප තුනක් ලබාදිය හැකියි. තමන්ගේ වටිනා ඡුන්දය නිවැරැුදි අවංක නායකත්වයකට ලබාදීමට කටයුතු කරන්න කියායි බස්නාහිර ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ.
 

සංවාද සටහන
ප‍්‍රගීත් සම්පත්
ඡුායාරූපය x ඩික්සන් වසන්ත

 

     
<< පෙර
වැදුම් : 79 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.