
කොළඹ දිස්ති‍්‍රක් එජාප අපේක්ෂක - ජයන්ත සිල්වා
1984 ප‍්‍රාදේශීය සභා ඡුන්දයෙන් ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත සිල්වා මහතා ඉන්පසු කොළඹ මහ නගර සභාවටද තේරී පත්විය. 1994 දී පළාත් සභා ඡුන්දය හරහා බස්නාහිර පළාත් සභාව නියෝජනය කිරීමට ජයන්ත සිල්වා මහතාට හැකිවිය. ඉන්පසු දෙවරක් පළාත් සභාව නියෝජනය කළ ජයන්ත සිල්වා මහතා මෙවරද බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදියි.
* දිගින් දිගටම ඡුන්ද පරාජය වෙන එජාපයට මෙවර බස්නාහිර පළාත් සභා ඡුන්දය ජය ගැනීමට ඇති වැඩපිළිවෙල කුමක්ද?
බස්නාහිර පළාතට වැඩක් කළේ එජාපයයි. එජාපය කළ වැඩ කොටස තමයි අදටත් ඉතිරි වී තිබෙන්නේ. අඩුම තරමේ මේ ආණ්ඩුවට පළාත් සභාව යටතේ හෝ නගර සභාව යටතේවත් කොළඹ දිස්ත‍්‍රික් ජනතාවට සහන දීමට හැකිවී නැහැ. වසර 16 ක් තිස්සේ පැවැති පොඑපෙ පාලන කාලයේ තමයි බස්නාහිර ජනතාවගේ ගැටලූ වැඩි වුණේ. ජනතාවට සභාවෙන් විය යුතු සේවය මග හැරලා. අප මේ ගැන ජනතාව දැනුවත් කළා. ජනතාව දැනුවත් කිරීමෙන් පමණක් නොව ඔවුන් පෙළ ගැස්වීමටත් එජාපය නායකත්වය දෙනවා. පොකුරු රැුස්වීම් තබමින් ගෙයින් ගෙට යමින් කොළඹ දිස්ත‍්‍රිික් ජයග‍්‍රහණය කිරීමේ සටනේ අප නිරතව ඉන්නවා.
* කොළඹ දිස්ත‍්‍රික් ජනතාවගේ ගැටලූ වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින ඔබ ඒ ගැටලූ විසඳීමට ගෙන ඇති පියවර ගැන සඳහන් කළොත්?
බස්නාහිර පළාත තුළ මම විශාල සේවයක් කර තිබෙනවා. මන්ත‍්‍රීවරයකුට වඩා සමාජ සේවකයකු ලෙසයි කොළඹ ජනතාව අතර මා ප‍්‍රසිද්ධව ඉන්නේ. ප‍්‍රඥා ප‍්‍රදීප, ගැල් සරණ, දිවි ශක්ති, වැඩිහිටි සරණ සංකල්ප ඔස්සේ ප‍්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් කිරීමට මට හැකිවුණා. පාසල් ළමුන්ට නොමිලේ පොත් ලබාදෙන වැඩපිළිවෙල පළමුවෙන්ම ඇති කළේ මමයි. එය අදටත් බොහොම සාර්ථකව සිදුකරනවා. ඒ වගේම පොඑපෙ පාලන කාලයේදී කොළඹ දිස්ත‍්‍රික්ක ජනතාවට විය යුතු සේවාව මග හැරලා. කොළඹ දිස්ති‍්‍රක්කයේ ජලය බැසයන කානු පද්ධති ක‍්‍රමවත් නැහැ. පොඩි වැස්සටත් කොළඹ යටවෙනවා. එසේම කුණු ප‍්‍රශ්නය ජනතාවට බලපාන විශාල ගැටලූවක්. කොළඹ කුණු ටිකවත් ඉවත් කරන්න බැරි රජයකට නැවත පළාත් සභාව බාර දෙනවාද කියන ගැටලූව ජනතාව තුළ තිබෙනවා. පසුගිය කාලයේ පැවැති පළාත් සභා ජය පොදුජන එක්සත් පෙරමුණ ගත්තා. එනිසා මම ජනතාවගෙන් ඉල්ලන්නේ බස්නාහිර පළාත් සභාව එජාපයට බාර දෙන්න. අපිට වැඩ කළ හැකි බව ජනතාව දන්නවා. අප ඒ බව ඔප්පු කරලා පෙන්නලත් තිබෙනවා.
* එහෙත් ආණ්ඩුව ඡුන්දය ඉල්ලන්නේ යුද ජයග‍්‍රහණය ශක්තිමත් කරන්න ආණ්ඩුවට බලය දෙන්න කියායි. මෙවන් තත්ත්වයක් යටතේ එජාපයට බලයදීමට ජනතාව කැමැති වෙයිද?
මේ අවස්ථාව වනවිට ජනතාව නොමග යැවීමට රජය උත්සාහ ගන්නවා. යුද්ධය කිය කිය ජනතාව වෙත බර පටවනවා. ජනතාව මානසික පීඩනයකට පත්කරලා. යුද්ධය කරන්නේ එජනිස, එජාප, ජවිපෙවත් නොවේ. යුද්ධයට ගොස් තිබෙන්නේ මේ රටේ ජනතාවගේම සහෝදර සහෝදරියෝ. දුවා දරුවන්. මේ අය රට වෙනුවෙන් යුද පෙරමුණට ගිහින් ජයග‍්‍රහණ ලබා ගන්නවා. ඒකේ තනිකරම වාසිය එජනිස ගන්නවා නම් එය මේ රටේ ජනතාවට කරන බලවත් අසාධාරණයක්. යුද්ධය කියන කාරණාව මුලට දාගෙන පොදුජන එක්සත් පෙරමුණේ අය විතරක් එයට මුලාවෙන කරන ප්‍රෝඩාව නිසා ජනතාව අමාරුවේ වැටිලා. එනිසා කොළඹ දිස්ත‍්‍රික්කයේ සියලූම ජනතාවට මම කියන්නේ පළාත් සභාව හා යුද්ධය අතර කිසිදු සබඳතාවක් නැහැ. ඔබලාගේ ප‍්‍රශ්න විසඳන්න බැරි පාලක පිරිසක් යුද්ධයට මුවාවී නැවත බලය ඉල්ලනවා. එය වෙනස් කොට එජාපයට බලය දී ඔබේ ජීවිතය දියුණු කරගන්න එකතුවෙන්න කියායි. එජාපය ඉදිරිපත් කරලා තිබෙන කණ්ඩායම බොහෝම දක්‍ෂ උගත් පිරිසක්. නමුත් කුඩුකාරයේ, ස්ත‍්‍රී ¥ෂකයෝ, හොරු, මංකොල්ල කාරයෝ තමයි ආණ්ඩුවේ ලැයිස්තුවේ ඉන්නේ. ජනතාවට දෙයක් දෙන්න පුළුවන් අය නෙමේ එජනිස ලැයිස්තුවේ ඉන්නේ. ජනතාවගේ පොකැට්ටුවෙන් දෙයක් කඩාගන්න තමයි ඔවුන් බලන්නේ. එනිසා මෙවැනි ¥ෂණ පාලකයන් පරාජය කොට දක්‍ෂ පිරිසක් පත්කර ගැනීම ජනතාවගේ වගකීමක්. යුද්ධය ගැන කෑගහන පළාත් සභාවේ ඇමැතිවරුන්ට පුළුවන් වෙලා තිබෙනවද රණවිරුවන්ට නිවසක් හදලා දෙන්න. අතක් හෝ පාදයක් ලබා දෙන්න. රෝද පුටුවක් ලබා දෙන්න. ඒවාට දෙන්න මුදල් නැති වුණා. ඡුන්දයට කෝටි ගණන් වියදම් කරන්නේ. මේවා මහජන මුදල්. මෙවැනි නාස්තිකාර දේ නැවැත්විය යුතුයි.
* කොළඹ දිස්ත‍්‍රික් ජනතාව වෙනුවෙන් ඔබ දෙන පණිවුඩය කුමක්ද?
අපි සෑම විටම අඩු ආදායම් ලාභීන්ට උපකාර කරනවා. අඩුම තරමේ වැසිකිළි පහසුකම්වත් නැති අයට අවශ්‍ය පහසුකම් දුන්නා. පාරවල් යටවෙනවා. දවටගහපල්ලිය, තාරවත්ත වැනි ප‍්‍රදේශවල ජනතාව මෙන්ම කොළඹ දිස්ත‍්‍රික්කයේ සියලූම ජනතාව ගැටලූ රැුසකට මුහුණ දී ඉන්නවා. එජාපයට ලැබෙන ලක්‍ෂ 50 ජනතා සේවයට යොදවනවා. එජාපයට කියා වෙන ශතයක්වත් ආණ්ඩුව දෙන්නේ නැහැ. නමුත් ඒ අයගේ මැති ඇමැතිවරුන්ට ලක්‍ෂ 50x60 ලබාදෙනවා. එජාපය සැලැසුම් ඇතිවයි ජනතාව අතරට යන්නේ. එනිසා බස්නාහිර පළාත දියුණු කිරීමේ වගකීම ඇත්තේ එජාපයටයි.
මම හැමදාම ජනතාව සමගයි හිටියේ. එහෙත් සමහර දේශපාලකයන්ගේ ගෙවල් දොරවල් ඇරෙන්නේ ඡුන්ද කාලයට විතරයි. නමුත් මම වසර 26 කට වැඩි කාලයක් තිස්සේ ඉඳලම ජනතාව සමග ඉන්නවා. හැමදාම මගේ නිවසේ දොර කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට විවෘතයි. මම පළාත් සභාවට තේරී පත්වුණේ ඒ ජනතාවගේ මනාපයෙන්. සල්ලිවලට වැඩකරන ජනයා නෙමෙයි මට ඉන්නේ. මම ගැන පැහැදිලා මගේ උපකාර ලබපු අහිංසක ජනතාවක් ඉන්නේ. ප‍්‍රඥාප‍්‍රදීප සංකල්පය හරහාද මම ජනතා සේවයේ ඉන්නවා. පාසල් ළමුන්ට පොත්පත් බෙදාදීම ඇතුළු සෑම කටයුත්තකදීම කොළඹ ජනතාව සමග ඉන්නේ ජයන්ත සිල්වායි.
සංවාද සටහන
ප‍්‍රගීත් සම්පත්
ඡුායාරූපය x ඩික්සන් වසන්ත


