2010 මාර්තු මස 9 වැනිදා අඟහරුවාදා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


අපේ‍්‍රල් නැගිටීමෙන් පාලකයනුත් අපත් පාඩම් ඉගෙන ගත්තා

1971 අපේ‍්‍රල් නැගිටීමට අද වනවිට වසර 38ක් සපිරෙයි. එම නැගිටීමට හේතු එහි ප‍්‍රතිඵල සහ අදට එහි වලංගුතාවය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායක සෝමවංශ අමරසිංහ මහතාගේ අදහස් මෙසේ ඉදිරිපත් කරමු.

ප‍්‍රශ්නය: 71 අපේ‍්‍රල් කැරැුල්ලට දැන් අවුරුදු තිස් අටක් ගතවෙලා. එම කැරැුල්ල ගැන අද ඔබ සිතන්නේ කොහොමද? ඔබ පක්ෂය තුරුණු කාලයේ කළ හිතුවක්කාර වැඩක්ද? නැත්නම් එහි කිසියම් ජයග‍්‍රහණ තිබෙනවාද?

පිළිතුර: ජයග‍්‍රහණ තිබෙනවා. නැත්නම් මොකක්ද? අපි සමරන්නේ. එය සමරන්නේ සමරන්න දෙයක් තිබෙන නිසායි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවන්නේ ඇයි? බිහිවන්නේ මොකටද?ජනතා විමුක්ති පෙරමුණ බිහිවන්නේ මෙරට පාලක පංතිය අසමත් වී සිටි නිසායි. වමේ ව්‍යාපාරය අසමත් වී සිටි නිසායි. සියලූ දේශපාලනය ඒ වනවිට අසමත්ව සිටි නිසායි.වමේ ව්‍යාපාරය අසමත්ව සිටි නිසයි.  මෙරට පාලක පංතියේ අසමත්වීම නිදහසින් අවුරුදු පහක් යනකොට පෙනී ගියා. 1953 ඇතිවූ මහජන නැගිටීම නිසා ඇමැති මණ්ඩලය රැුස්වුණේ වරායේ තිබුණු නැවකයි. මහජන නැගිටීම තවත් දුර ගියානම් ඔවුනට නැවේම යන්න වෙනවා නේද? ඇමැති මණ්ඩලයට නැවක රැුස්වෙන්නට සිදුවීමෙන්ම එම නැගිටීම කොතරම් බරපතළද කියා පෙනී යනවා.

ප‍්‍රශ්නය: එම නැගිටීම සංවිධානය කළේ වාමාංශික ව්‍යාපාරයයි.
පිළිතුර: මම කතා කළේ ඒ ගැන නොවෙයි. ප‍්‍රධාන දේ ජනතාවගේ නැගිටීමයි. එයින් ප‍්‍රකාශයට පත්වුණේ මේ රටේ පාලක පංතියේ අසාර්ථකවීමයි. එම අසාර්ථකවීම කොතරම් දුර ගියාද කිව්වොත් අවසානයේ රට බෙදීමට ආසන්න වන තත්ත්වයට ගමන් කළා.

එලෙස පාලක පංතිය අසාර්ථක වුණා වගේම හැට ගණන් වෙනකොට වමේ ව්‍යාපාරයත් එම දේශපාලනයෙන් ඉවත් වෙලා අසාර්ථකවීමට පටන්ගෙන තිබුණා. එය වඩා හොඳින්ම තේරෙන්නේ අදයි. වමේ ඒ ගමන අද ඉවරවෙලා තිබෙන්නේ කොතනින්ද? එයට අද පැරණි වම කියන්නත් බැහැ. දැන් එය ශ්‍රීලනිපයේ කොටසක්.

ඒ විදිහට මේ රටේ දේශපාලනය අසාර්ථක වී තියෙද්දී තමයි ජනතා විමුක්ති පෙරමුණ හැදුවේ. ඒක හැදුවේ තරුණකම නිසා නොවෙයි. රට තරුණ කරන්නයි ජනතා විමුක්ති පෙරමුණ හැදුවේ. එදා නැගිටීම ඇතිවුණේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහායි. එම නැගිටීම නිසා මෙරටට ජයග‍්‍රහණ රාශියක් ලැබුණා. මෙරටට ජනරජ ව්‍යවස්ථාවක් ලැබුණේ 1971 නැගිටීමෙන් පසුව 1972 දීයි.

අපේ‍්‍රල් නැගිටීම ගැන නඩුවේදී අපගේ චෝදනා පත‍්‍රවල සඳහන් වුණේ රැුජිණගේ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම කියලයි. එදා තිබුණේ රැුජිණගේ ආණ්ඩුවක් නම් එය පෙරළා දැමීමට සටන් කිරීම සාධාරණයි නේද? 1972 ජනරජ ව්‍යවස්ථාව එන්නේ ඉන්පසුවයි.

ප‍්‍රශ්නය: එය හඳුන්වා දුන්නේ කොල්වින් ආර්. ද සිල්වා මහත්මයා නේද?

පිළිතුර: කොල්වින් ගෙනාවත් කවුරු ගෙනාවත් ඒ ප‍්‍රතිසංස්කරණ කරන්න සිද්ධ වුණේ මහජන නැගිටීම්වල බලපෑම නිසයි. ඒක කොල්වින් කීවේ නැහැ. නමුත් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත හඳුන්වා දෙමින් ඒ බව ප‍්‍රකාශ කළා. ඒ හැම ප‍්‍රතිසංස්කරණයක්ම එන්නේ අපේ‍්‍රල් නැගිටීම නිසයි. නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජ සාධාරණය සඳහා වන මහජන නැගිටීම් නිසා එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගෙන එන්න සිදුවුණා. 1971 රැුජිණගේ ආණ්ඩුවක් තිබුණා නම් ඉන්පසු එය නැති වුණා නම් අපේ‍්‍රල් නැගිටීම සමරන්න වටිනවා නේද?

ප‍්‍රශ්නය: ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලීමට ඔබ තෝරාගන්නේ ප‍්‍රචණ්ඩ මාවතක් නේද? එය සාධාරණීකරණය කරන්නේ කොහොමද?

පිළිතුර: සියල්ල සිදුවුණේ අපේ‍්‍රල් පස් වෙනිදායින් පසුව නොවෙයි. ඊට කලින් අපේ කී දෙනෙක් අත්අඩංගුවට ගත්තාද? අත්අඩංගුවට අරන් දඬුවම් දීලා ඔලූ පළලා උසාවියට ඉදිරිපත් කළා. පෝස්ටර් ගැහුවා කියලා අල්ලලා උසාවි දැම්මා. උසාවියෙන් නිදහස් කළා. කොහොම වුණත් මාර්තු වෙනකොට අප පක්ෂයේ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ප‍්‍රශ්නය: ඊට පෙර ඔබ පක්ෂය එක්දින විප්ලවයකට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබුණා. බෝම්බ පිපුරුණා. බෝම්බ අහුවුණා. ඒ නිසා නේද? අත්අඩංගුවට ගැනීම් ආරම්භ වුණේ.
පිළිතුර: එවැනි දේ සිදුවුණා නම් ක‍්‍රියාකළ යුත්තේ කොහොමද? ඔළු පළලාද උසාවියට ඉදිරිපත් කරන්නේ. නීති මගින් කටයුතු කළ යුතුව තිබුණා නේද? නමුත් කළේ අපේ පක්ෂයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස කටයුතු කිරීමට තිබූ අවස්ථා අහිමි කිරීමයි.

මාර්තු මාසය වෙනකොට අපේ පක්ෂයේ පන්සීයකට වඩා අත්අඩංගුවට ගෙන වධ දී තියාගෙන හිටියා. ඒ සමගම මරණ පරීක්ෂණයකින් තොරව මිනී විනාශ කිරීමට පොලිසියට බලය දෙන හදිසි නීති රෙගුලාසි ගෙන එන්නේ මාර්තු මාසයේදීයි. අපේ‍්‍රල් 5දායින් පසුව නොවෙයි. එහෙමනම් මරන්න තීරණය ගත්තේ කවුද? කියන එක පැහැදිලියි.

ප‍්‍රශ්නය: ජනතා විමුක්ති පෙරමුණ එක්දින නැගිටීමකින් බලය අල්ලා ගැනීමට යන බව ඒ වනවිට හෙළිදරව් වී තිබුණා නේද? ඔය නීති ගෙනෙන්නේ ඒ තත්ත්වය යටතේ නේද?

පිළිතුර: එලෙස හෙළිදරව් වී තිබුණා නම් එවිට කරන්න තියෙන්නේ මරලා පුච්චන එකද? එය සාධාරණ ක‍්‍රියාමාර්ගයක් කියා ඔබ පිළිගන්නවාද? මාධ්‍යවේදියෙක් හැටියට ඔබගේ මතය ඒකද?

ප‍්‍රශ්නය: එම තත්ත්වය යටතේ අපේ‍්‍රල් පස්වනදා පහරදීමට තීරණය කිරීම මගින් ඔබ එම තත්ත්වය කැඳවා ගත්තා නේද? සාධාරණීකරණය කළා නේද? ආණ්ඩුව මරන්න සූදානම් වුණා නම් ඔබ එයට අවස්ථාව සලසා දුන්නා.

පිළිතුර: සමහර කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. 1818 කැරැුල්ල ගැනත් එහෙම හිතන්න පුළුවන්. කාලතුවක්කු සමග සටනට මිනිස්සු ගියේ කඩුපොලූ අතැතිවයි. 1848 කැරැුල්ල ගැනත් එහෙම හිතන්න පුළුවන්. ඊට කලින් පරංගි එක්කත් එහෙම සටන් කළා. සාධාරණත්වය සඳහා සටන් කරද්දි අතේ තියෙන්නේ ගලක් නම් ඒකෙනුත් සටන් කරන්න වෙන අවස්ථා තිබෙනවා. 1971 නැගිටීමේදී අපි සමරන්නේ එසේ සාධාරණත්වය සඳහා කළ සටනයි. ඒ පැත්ත සමරණ අතර එම නැගිටීමෙන් අපිත් පාඩම් ඉගෙන ගත්තා. පාලකයනුත් පාඩම් ඉගෙන ගත්තා.

ප‍්‍රශ්නය: අපේ‍්‍රල් කැරැුල්ල තුළින් ඔබ ඉගෙන ගත් පාඩම් මොනවාද?

පිළිතුර: අපේ‍්‍රල් කැරැුල්ල නොවෙයි අපේ‍්‍රල් නැගිටීමයි. ඒක හඳුන්වන්න  ඕනෑ එහෙමයි. ඒකෙන් අපි ඉගෙන ගත් පාඩම් බොහොමයක් තිබෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී තලයේ බොහෝ දේ කරන්න පුළුවන් කියා අපි ඉගෙන ගත්තා. ප‍්‍රචාරක තලයේ, උද්ඝෝෂණ තලයේ මතවාදී තලයේ කරන්න තියෙන දේ ඉහළම තැනට ගෙන එන්න  ඕනෑ.
එදා අපට විරුද්ධව ආණ්ඩුව නොයෙකුත් දේ කිව්වා. වයස 55ට වැඩි අය මරණවා කිව්වා. එජාපය සමග සම්බන්ධයි කීවා. සී.අයි.ඒ. කෙමනක් කිව්වා. එහෙම කියන්න පුළුවන් වුණේ මතවාදී තලයේ කරන්න තිබුණු දේ අපි කර නොතිබුණු නිසායි.

අදත් එබඳු බොරු චෝදනා කරනවා. එජාපය සමග සම්බන්ධයි කියනවා. කොටි ත‍්‍රස්තවාදයට උදව් කරනවා කියනවා. නමුත් අද ඒවා විශ්වාස කරන අය අඩුයි. කොහොම වුණත් ජනමාධ්‍ය බලය ප‍්‍රබලයි. එම බලය තියෙන්නේ පාලක පංතිය අතේ. එම මතවාද පරාජය කිරීමට අපට බොහෝදේ කරන්න සිදුවෙනවා.

ප‍්‍රශ්නය: ඔබ තවදුරටත් එබඳු සන්නද්ධ අරගල ක‍්‍රියාමාර්ග ගැන විශ්වාසය තබා තිබෙනවාද?
පිළිතුර: අපි 1971 හරහා වගේම 1988 හරහාත් පැමිණ සිටිනවා. එයින් අපිත් පාඩම් ඉගෙන ගත්තා. පාලක පංතියත් පාඩම් ඉගෙන ගත්තෙ මේක සෙල්ලමක් නොවෙයි කියන පාඩම හැමෝම ඉගෙන ගත්තා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සමාජ සාධාරණත්වය පිළිබඳ සටන් පාඨ අද එදාටත් වඩා වලංගුයි. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය එදාටත් වඩා පිරිහිලා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොතරම් පිරිහිලාද කියන එක බස්නාහිර පළාත් සභා මැතිවරණයෙනුත් පැහැදිලි වෙනවා. මේ ඡුන්දය තියන්නේ පළාත් සභාවක් පත් කරන්නයි. නමුත් මහ ඇමැති අපේක්ෂකයා කවුද කියා එක්සත් ජාතික පක්ෂයවත් සන්ධානයවත් ප‍්‍රකාශ කොට නැහැ. මහ ඇමැති වෙන්නේ කවුද? කියා දැන ගැනීමට ඡුන්ද දායකයාට තිබෙන අයිතිය ලබාදී නැහැ. ඡුන්ද දායකයන් කාට ඡුන්දය දී යැව්වත් මහ ඇමැති කවුද? කියා තෝරන්නේ එජාපයේ නම් රනිල් වික‍්‍රමසිංහ. සන්ධානයේ නම් මහින්ද රාජපක්ෂ. මහ ඇමැති පත් කරන්නේ තනි පුද්ගලයකුගේ කැමැත්තටයි. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිරිහීමක් නොවේද?

මීට වඩා තවත් බරපතළ පිරිහීමක් සිදුවී තිබෙනවා. ආරක්ෂක හමුදාවල දහ දාහක් ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගැනීමේ සටනේදී දිවි පිදුවා. ඔවුන් දිවි පුදා ලබාගත් ජයග‍්‍රහණවලට ඡුන්දය දෙන්න කියා කියනවා. කාටද ඡුන්දය දෙන්න කියන්නේ. සමාජ විරෝධී වැඩ කරලා මේ සමාජය ගඳ ගස්සපු පුද්ගලයන්ට ඡුන්දය දෙන්න කියනවා. මේක මේ ජයග‍්‍රහණ සඳහා දිවි පි¥ දහදාහක් රණවිරුවන්ටත් කරන අවමානයක් නොවෙයිද? විශාල දේශපාලන පිරිහීමක් නොවෙයිද?

ප‍්‍රශ්නය: මෙම තත්ත්වය තවත් දුර ගියොත් ඔබ කරන්නේ මොනවාද? සන්නද්ධ ක‍්‍රියා මාර්ගයකට යළිත් යනවාද?

පිළිතුර: මේ තත්ත්වය ඉදිරියට ගියොත් නොවෙයි අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. මේ වනවිට රට තිබෙන්නේ විශාල ආර්ථික අර්බුදයකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙන ආර්ථික තත්ත්වයක් රටේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උදුරගන්න ක‍්‍රියාමාර්ගයන්ට යන එකයි. ඒ වෙලාවට අප කරන්නේ සන්නද්ධ ක‍්‍රියාමාර්ගයකට යන එක නොවෙයි. මේ රටේ ජනතාව දැනුවත් කිරීමයි. ඒක පළමුවන පියවරයි. මතවාදී වශයෙන් දේශපාලන වශයෙන් සංවිධානාත්මක වශයෙන් කරන්න ලොකු වැඩ කොටසක් තිබෙනවා. අපි වැඩ කරන්නේ එම අංශවලයි. සන්නද්ධ අරගල කරන්න  ඕනෑ වෙන්නේ නැහැ. අපි දෙවරක් ඉගෙන ගත්ත පාඩම් තියෙනවා. ඒ පාඩම් හරියටම තේරුම් අරගෙනයි අපි ඉදිරියට යන්නේ. ඒ නිසා නැවතත් මේ රටේ පරණ තත්ත්වයන් ඇතිවෙන්නේ නෑ. පරණ දේවල් ඒ ආකාරයට නැවත සිද්ධ වෙන්නේ නෑ.

     
<< පෙර
වැදුම් : 406 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.