ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේජල අංශයේ අධ්‍යක්‍ෂ එම්.අයි.ඒ. ලතීෆ්
”අහසින් වැටෙන එක් දිය බිඳක් හෝ ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩ නොදෙන ලෙස මහා පරාක‍්‍රමබාහු රජු තම රටවැසියාට අණකර සිටියේ ජලයේ වටිනාකම අදටත් වඩා එදා දැනුණු නිසා විය හැකියි.
ජලයට මිලක් නියම වන මෙවන් යුගයක එම කියමන සැබෑවක් කරමින් අහස් දියට හෙවත් වැසි ජලයට හිමිව ඇත්තේ සුවිශේෂී තැනකි.
ලෝකයේ බොහෝ රටවල් මෙම සොබා දහමෙන් ලද අපූරු දායාදය ජාතික ධනයක් බවට පත්කොට ගෙන ඇති අතර ශ්‍රී ලංකාව ද මීට වසර කිහිපයකට පෙර එම ජාතික කාර්තව්‍යයට අතගසා තිබේ.
ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ අහස් දිය සුරැුකීමේ ලේකම් කාර්යාලය එම ජාතික කාර්යය වෙනුවෙන් 2005 වසරේ මෙරට නීත්‍යානුකූලව ආරම්භ කෙරුණු අතර වැසි දිය ව්‍යාපෘථිය සඳහා උරදෙන රාජ්‍ය ආයතනය වන්නේ ද එයයි.
ජලනල පද්ධති හා සම්බන්ධ තාක්ෂණය දියුණු වෙත්ම වැසි ජලය රැුස් කිරීමේ විවිධ ශිල්ප ක‍්‍රම අභාවයට ගොස් තිබුණ ද, ජල අවශ්‍යතාව ඉහළ යෑමත් සමග නැවත වැසි ජලයේ වටිනාකම අලූත්වී තිබේ.
එම නිසාම පර්චස් හය ඉඩමක නිවසක් සෑදීම සඳහා නිවාස සැලැස්ම අනුමත කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය මත වැසි ජල ටැංකියක් මිලදී ගැනීමට රජය නියම කර ඇත. ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය මගින් වැසි දිය සුරැුකීමේ ව්‍යාපෘතිය මගින් මෙවැනි ක‍්‍රමවේදයක් ජනතාවට හඳුන්වා දීමටත් එය ව්‍යාප්ත කිරීමටත් මූලික හේතුවක් වී ඇත්තේ ජලය සඳහා ඉහළ මිලක් නියම වීමේ එක් අභියෝගයක් ජය ගැනීමේ පියවරක් ලෙසය.
වැසි ජලය රැුස් කිරීම නිවැසියන්ට හෝ කර්මාන්ත ශාලා හිමියකුට තනිවම කරගත හැකි සරළ තාක්ෂණයක් ලෙස පෙන්වාදී තිබේ.
ලංකා වැසි ජලය රැුස්කරන්නන්ගේ සංසදය මගින් වැසි ජලය එකතු කිරීම සඳහා උපයෝගී කරගත හැකි වැසි ජල ටැංකි වර්ග තුනක් හඳුන්වාදී ඇත.
පොළොවෙන් උඩ සාදන ෆෙරෝ සිමෙන්ති ටැංකි
අර්ධ භූගත ටැංකි සහ
ප්ලාස්ටික් ටැංකි එම වර්ග වෙයි.
ලීටර් 2000 සිට ඉහළට විවිධ පරිමාණ යටතේ වැසි ජල ටැංකි වෙළෙඳපොළට හඳුන්වාදී ඇති අතර ටැංකි සඳහා මිල නියම කිරීම, පරිමාණය අනුව සිදුවේ.
වැසි ජලය විෂ සහිත ජලයක් නොවේ. විෂ ද්‍රව්‍ය රහිත අමුද්‍රව්‍ය යොදා තනන ලද වහලක් නම් ඒ මගින් එකතු කර ගන්නා වැසි ජලය කිසිදු හානියක් සිදු නොවේ. වැසි ජලයට බැක්ටීරියා එකතුවී එය අපිරිසිදුවීම බොහෝ විට සිදුවන්නේ වහලයේ හෝ ජලය රැුගෙන එන පීල්ලේ රැුඳෙන ¥විලි හා ගස්වල කොළ මගින්ය. එම නිසාම ටැංකියට ජලය එක්රැුස් කිරීමේදී මුලින්ම ලැබෙන ජලය වහල සහ පීලි සේදීමට යොදාගෙ ඉවතට හැරවීමෙන් පිරිසුදු ජලය රැුස් කිරීමට හැකිවෙයි. වැසිජල ටැංකි මදුරුවන් ඇතුළු කෘමින් එයට ඇතුලූවීමට නොහැකි වන පරිදි තනන ලද සංවෘත ටැංකියක් වන බැවින් මදුරුවන් ඇතුළු කෘමීන් බෝවීමද, වැළකෙන අතර හිරුඑළිය වැටීමට අවකාශ නොමැති බැවින් ජලයේ පාසී හැදීමක් නොවේ.
මෙම තාක්ෂණික ක‍්‍රමවේදයන් වාර්තමානයේ ක‍්‍රියාත්මක වුවද අතීතයේ අප රට තුළ පැවති වැව් බැඳි ශිෂ්ටාචාර ක‍්‍රමය තුළ වැව් අමුණුවල එක්රැුස් කරගත් වැසි ජලය ජනතාවගේ ප‍්‍රයෝජනයට යොදා ගැනීම සිදුවූ අතර එය භූගත ජල සංචිතය පෝෂණය කිරීම සඳහා දායක වී ඇත.
වැසි ජලය රැුස් කිරීම මගින් ලබාගත හැකි ප‍්‍රයෝජන බොහොමයක් අද වනවිට හඳුනාගෙන තිබේ.
රෙදි සේදීම, මුළුතැන් ගෙයි පිරිසිදු කිරීමේ කටයුතු සඳහාත්, ගෙවතු වගා, මල් වගා කටයුතු සඳහාත් වාහන සේදීමේ සහ වැසිකිළි අවශ්‍යතා සඳහා හෝ වැසි ජලය භාවිතා කළ හැකිය. වැසි නොමැති කාලවලදී ඕනෑම ප‍්‍රදේශයක ජීවත්වන පිරිස් සඳහා වැසි ජල ටැංකි භාවිතයට ගත හැකි අතර ජලය හිඟ හම්බන්තොට, පුත්තලම, අම්පාර වැනි ප‍්‍රදේශවලද වැසි ජල ටැංකි උපයෝගී කොටගෙන ජල අවශ්‍යතා සාර්ථකව සම්පූර්ණ කර ගත හැකිය.
වැසි ජල ටැංකි පිළිබඳ විස්තර ජල සම්පාදන හා ජලා පවාහන අමාත්‍යාංශය, අංක 34, නාරාහේන්පිට පාර, නාවල යන ලිපිනයෙන් හෝ දුරකතන අංක 2808165 ඔස්සේ දැනගත හැකිය.


