යළි හිස ඔසවන සටන්විරාම කතාව

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
අපේ‍්‍රල් පළමුවැනිදා විශේෂ දිනයකි. ඒ එදින මෝඩයින්ගේ දිනය ලෙස සැලකෙන නිසාය. බොරු තොරතුරු ලබාදී රැුවටීම එදින විශේෂයකි. අපේ‍්‍රල් පළමුවැනිදා යුද බිමට සම්බන්ධ එක් තොරතුරක් ප‍්‍රචාරය විය. එම පුවතට වැඩි වටිනාකමක් තිබෙන නිසා පුවත ලැව් ගින්නක් සේ පැතිරී ගියේය.          

      ”කොටි නායක ප‍්‍රභාකරන්ගේ පුතා ඉවරයි! වෙඩි වැදිලා බරපතළ තුවාල වෙලා. දැන් යුද මුක්ත කලාපයේ රෝහලක ප‍්‍රතිකාර ලබනවා. ප‍්‍රභාකරන්ගේ පුතා චාල්ස් ඇන්තනි සමග ස්වර්ණමුත් තුවාල වෙලා. දෙන්නාටම බරපතළයි.”
ඒ එදින ප‍්‍රචාරය වුණු තොරතුරුයි.

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ වැඩිමහල් පුත‍්‍රයා චාල්ස් ඇන්තනිය. ඔහුට වයස අවුරුදු 23 කි. චාල්ස් ඇන්තනිට ඒ නම ලැබුණේ ප‍්‍රභාකරන්ගේ අඹයහළුවකු වුණු චාල්ස් ඇන්තනි නිසාය. ප‍්‍රභාකරන්ගේ යුද්ධයට සම්බන්ධවූ චාල්ස් ඇන්තනි හමුදා ප‍්‍රහාරයකින් මරුමුවට පත්වුණේය. ප‍්‍රභාකරන් තමන්ගේ අඹ යාළුවා ව අමතක නොවීමට ඔහුගේම වැඩිමහල් පුත‍්‍රයාට ඒ නම තැබුවේය. චාල්ස් ඇන්තනි නමින් ප‍්‍රහාරක බළකායක්ද ආරම්භ කළේය. කොටි සංවිධානය සතු ප‍්‍රධාන පෙළේ සටන්කරුවන් සිටින බළකාය වන්නේ ද චාල්ස් ඇන්තනි බළකායයි. මේ වන විට වන්නි යුද බිම තුළ අවසන් සටනේ නිරත ප‍්‍රධාන සටන් කරුවන් පිරිස බවට පත්ව ඇත්තේ ද කොටි සංවිධානයේ චාල්ස් ඇන්තනි බළකායයි.

ප‍්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි හමුදා ප‍්‍රහාරයකට ලක්ව බරපතළ ලෙස තුවාල වූ බවට මාධ්‍ය වාර්තා පළවූයේ අපේ‍්‍රල් පළමුවැනිදාය. හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර ද එම පුවත සනාථ කෙරෙමින් ජනමාධ්‍යයට තොරතුරු ඉදිරිපත් කර තිබිණි.

උණුසුම් පුවතක් සේ ප‍්‍රචාරය වුණු එම පුවතේ බොහෝ පරස්පරයන් පවතින බැව් ස්වාධීන ආරංචි මාර්ගවලින් සඳහන් වෙයි. එසේ නම් චාල්ස් ඇන්තනිට ඇත්තටම මොකද වුණේ?. ඔහු බරපතල තුවාල වුණු බවට කියැවෙන කතාවේ ඇත්ත මොකක්ද? විමසිය යුත්තකි.

චාල්ස් ඇන්තනිට බරපතළ ලෙස තුවාල වුණු බවට තහවුරු වුණු තොරතුරක් තවමත් ලැබී නැති බව හමුදා බුද්ධි අංශ සඳහන් කරයි. එහෙත් චාල්ස් ඇන්තනි පිළිබඳව දැනට සති තුනකට පමණ පෙරදී යම් යම් තොරතුරු කීපයක් වාර්තාවුණු බවට බුද්ධි අංශ සඳහන් කරයි. එසේ වාර්තා වුණු තොරතුරු කීපයකි.
පුදුකුඩුඉරිප්පු නැගෙනහිර ප‍්‍රදේශයේ සටන් වැද සිටින කොටි සාමාජිකයින්ට අණ දීමට චාල්ස් ඇන්තනිද සහභාගි වූ බවට හමුදා බුද්ධි අංශ මගින් තොරතුරු හෙලිකර ගෙන තිබිණි. ප‍්‍රධාන වශයෙන් කොටි සාමාජිකයින් දිරිමත් කිරීමට ඔහුගේ සහභාගිත්වය බොහෝ සටන් වලදී ලබාදුන් බැව් හමුදාව කියයි. එසේ යුද බිමට පැමිණ සිටි අවස්ථාවකදී සිදුවූ සුළු තුවාලයකට යුද මුක්ත කලාපයේ දී බෙහෙත් දමා පිටත්ව ගිය බැව් ප‍්‍රකාශ විය.

එමෙන්ම තවත් තොරතුරකින් කියැවුණේ සති කීපයකට ඉහතදී 58 වැනි සේනාංකයේ සෙබළුන් හා කොටි සාමාජිකයින් 600 දෙනෙක් පමණ පිරිසක් අතර සිදුවූ ගැටුමකට සහභාගි වී සිටියදී චාල්ස් ඇන්තනිගේ උරහිස මදක් තුවාල වුණු බවයි. විශාල පොල්වත්තක් ඇතුළු වගා භූමියකදී එම සටන ඇවිළී ගිය බවද ප‍්‍රකාශ විය.

තවත් එක් තොරතුරකින් කියැවුණේ මෙයට සති කීපයකට පෙරදී පුදුකුඩිඉරිප්පු නැගෙනහිර ප‍්‍රදේශයේදී සිදුවූ ගැටුමකින් චාල්ස් ඇන්තනිගේ කකුළකට වෙඩි වැදුණු බවයි. කොටි සන්නද්ධ නායකයකු වන කර්නල් ස්වර්ණම් ද එම සටනේදී තුවාල ලැබූ බවයි.

එහෙත් මෙසේ ප‍්‍රචාරය වුණු තොරතුරු සනාථ කෙරෙන තොරතුරු ඉතා අල්ප විණි. මුලතිව් යුද මුක්ත කලාපයේ සිට හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණෙන සාමාන්‍ය ජනයාගෙන් ප‍්‍රශ්න කර එකතු කර ගන්නා තොරතුරුවලින්ද වැඩියමක් නොකියවුණි. ඔවුන්ගෙන් කියැවුණු එකම කරුණ වූයේ කොටි නායක ප‍්‍රභාකරන් හා ඔහුගේ පුත් චාල්ස් ඇන්තනි තවමත් යුද මුක්ත කලාපයේ සිටිමින් කොටි සංවිධානයේ ක‍්‍රියාකාරකම් වල නිරතව සිටින බවයි. යුද මුක්ත කලාපය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 18 ක භූමියකි. එහි රැුඳී සිටින ජනතාව 70,000 කට මදක් වැඩි බැව් ස්වාධීන ආරංචි මාර්ග සඳහන් කරයි. ප‍්‍රභාකරන් හා ඔහුගේ පුත් චාල්ස් ඇන්තනි ප‍්‍රධාන වශයෙන් යුද මුක්ත කලාපයේ රැුඳී සිටින ජනතාව අතරට යමින් අවසන් යුද්ධයට තවදුරටත් රැුඳී සිටින ලෙසත් සන්නද්ධ සාමාජිකයන් ලෙස එක්වන ලෙසත් ඉල්ලා සිටින බවත් එම ප‍්‍රදේශයේ සිට පැමිණෙන සාමාන්‍ය ජනතාව ප‍්‍රකාශ කරති. මූලික වශයෙන් කොටි ප‍්‍රදේශයේ සිට රජයේ පාලන පෙදෙස්වලට පැමිණෙන සාමාන්‍ය ජනතාව ප‍්‍රකාශ කරන සියල්ලම සත්‍යයෙන් තොර බව බුද්ධි අංශවල විශ්වාසයයි. ඔවුහු හමුදාවේ හා රජයේ රැුකවරණය බලාපොරොත්තු වන නිසා හමුදාව හා රජය ඇසීමට කැමැති කොටි සංවිධානයේ හා නායකියන්ගේ බිඳවැටීම් පිළිබඳ තොරතුරු ප‍්‍රකාශ කරන බැව් බුද්ධි අංශ පෙන්වාදෙයි. ඔවුන් සත්‍ය ලෙස හමුදාවට අවශ්‍ය කොටින්ගේ යුද රහස්, නායකයන් පිළිබඳ තොරතුරු ලබානොදෙන බවත් සඳහන් කරයි.

කෙසේ වෙතත් කොටි නායක චාල්ස් ඇන්තනි තුවාල වීම පිළිබඳව තොරතුරු එසේ කියැවෙද්දී ගතවූ දින කීපයේදී එවැනිම තවත් තොරතුරු කීපයක් වාර්තා විණි. ඒ කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන් හා අභ්‍යන්තර බුද්ධි අංශ නායක කපිල් අම්මාන් යන දෙදනා සුළු තුවාල ලැබූ බවයි. ගුවන් හමුදාව පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළ ස්ථානයක පොට්ටුඅම්මාන් හා කපිල් අම්මාන් රැුඳී සිට ඇති බවත් ප‍්‍රකාශ වේ. ඔවුන් දෙදෙනා ප‍්‍රහාරයෙන් බේරුණත් එම ප‍්‍රහාරයෙන් සියලූ නායකයින් දැඩි කම්පනයකට පත්ව ඇති බවත් ප‍්‍රකාශ වෙයි.

කොටි නායකයින් පිළිබඳව විවිධ තොරතුරු පළවෙද්දී එක් සනාථවූ පුවතකින් කියැවුණේ කොටි සංවිධානයේ ගුවන් විදුලි හා සන්නිවේදන කාර්මික අංශයේ ප‍්‍රධානියා වූ ලූතිනන් කර්නල් මදිඅලගන් හෙවත් මදි නමැත්තා හමුදා වෙඩි ප‍්‍රහාරයකින් මරුමුවට පත්වුණු බවයි. ඔහුගේ සැබෑ නම කිරුබාකරන්ය. යාපනයේ උපත ලැබූ මදිඅලගන් දිගුකලක් ත‍්‍රිකුණාමලයේ පදිංචිව සිට කොටි සංවිධානයට බැඳුණු අයෙකි. කොටි සංවිධානයේ කොටි හඬ ගුවන් විදුලියේත් දෙමළ ඊළාම් රූපවාහිනියේත් කාර්මික අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේද ඔහුය. එමෙන්ම ජාත්‍යන්තර රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් විසුරුවා හැරීමේ ප‍්‍රධානියාද ඔහුය. මාධ්‍ය අංශයේ දැනුමක් ඇති අයෙක් ලෙසින් මදිඅලගන් සැලකුණු අතර කොටි හඬ නිවේදකයකු ලෙසින්ද කටයුතු කර ඇති අයෙක් බවටත් හමුදාව සමග මුහුණට මුහුණලා ඇතිවූ ගැටුමකදී හමුදා වෙඩි පහරකට ලක්ව ඔහු මිය ගිය බවත් කොටි සංවිධානය නිලවශයෙන් පිළිගනියි. එසේම චාල්ස් ඇන්තනි බලකායේ නායකයා ලෙස කටයුතු කළ අමුතාබ් නමැත්තා හා හිටපු නායකයා ලෙස කටයුතු කළ ගෝබින් නමැත්තාපුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ ඇතිවූ සටන්වලින් මරණයට පත්වූ බවට තහවුරු වී තිබේ.

මේ අතර පසුගිය සති කීපය තුළදී කොටි දේශපාලන අංශ නායක නඬේසන් හා කොටි සාම මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වූ පුලිදේවන් පිළිබඳවද විවිධ කතා පැතිරී තිබිණි. ඔවුන් දෙදෙනා ඉන්දියාවට පලා යාමට ගත් උත්සාහයකදී හසුවීමෙන් ප‍්‍රභාකරන් විසින් ඔවුන්ව සිරගත කරනු ලැබ ඇති බැව් පැවසිණි.
එම තොරතුරු යළිත් වෙනස් කරමින් නඬේසන් හා පුලිදේවන් පිළිබඳව නිල තොරතුරක් ලැබිණි.
ඒ පසුගිය බදාදා (01* සවස නෝර්වේ රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් හා කොටි දේශපාලන අංශ නායක බී.නඬේසන් අතර සිදුවූ දුරකථන සාකච්ඡුාවක තොරතුරු හෙළිදරව් වීම නිසයි.

නඬේසන් හා සෝල්හයිම් අතර පැය භාගයක පමණ කාලයක් පුරා දුරකථන සංවාදය සිදුවී තිබේ. චන්ද්‍රිකා තාක්ෂණ ජංගම දුරකථනයක් මගින් මෙම කතාබහ සිදුවී තිබේ.

පුලිදේවන් සඳහන් කරන අන්දමට සෝල්හයිම් හා නඬේසන් අතර සිදුවූ කතා බහට මූලික වී ඇත්තේ වන්නියේ සිටින ජනතාව විඳින දුක් ගැහැටය. දෙමළ ජනතාවට දැන් පවතින තත්ත්වයත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව වූ කතාබහ පිළිබඳවත් දෙදෙනා සාකච්ඡුා කළ බවත් පුලිදේවන් කියයි.

නඬේසන් විසින් ලංකාවේ තිබෙන ප‍්‍රශ්නයට ජාත්‍යන්තර රටවල් වල ස්ථාවරය පිළිබඳව පැහැදිලි කළ බවත් සෝල්හයිම් ලංකාවේ දෙමළ ජනතාව මැරෙන එක නැවැත්වීමට උත්සාහ ගන්නා බව කී බවත් පුලිදේවන් කියයි.

දිනපතාම වන්නියේ කොටි භූමියක සිටින දෙමළ ජනතාව අතරින් සියදෙනෙක් මියයන බවත් එසේ මිය යන්නන් අතර ළමයි, ගැබිණි මව්වරු, වැඩිහිටියන්ද සිටින බවත් මේ තත්ත්වය වැළැක්වීමට දෙමළ ජනතාව මැරෙන එක වැළැක්වීමට නම් වහාම සටන් විරාමයක් ඇති කළ යුතු බවත් නඬේසන් ඉල්ලා සිටි බවත් පුලිදේවන් කියයි. ඒ වාගේම දෙමළ ජනතාව සිංහල රජයක් යටතේ ජීවත්වීමට අකැමැති බවත් දෙමළ දේශයක ජීවත්වීම තම අභිලාසය බවත් ඒ සඳහා ජාත්‍යන්තර රටවල් යම් පිළියමක් කරන ලෙස ඉල්ලා සිටින බවත් නඬේසන් කී බව පුලිදේවන් කියයි.

කෙසේ වෙතත් කොටි දේශපාලන අංශ නායක නඬේසන් හා නෝර්වේ අමාත්‍ය සෝල්හයිම් අතර සිදුවූ එම දුරකථන සාකච්ඡුාව වන්නි සටන් බිමේ එක් තීරණාත්මක සිදුවීමක් වීමට බොහෝ ඉඩකඩ පවතී. සෝල්හයිම් කොටි දේශපාලන නායකයා සමග පැය භාගයක් කතා කළ දේ අතර හෙළිනොවුණු තොරතුරු වැඩි බැව් පැහැදිලි දෙයකි.

ප‍්‍රධාන වශයෙන් මේ වන විට වන්නි සටන් බිමේ තීරණාත්මක ස්ථානය බවට පත්ව තිබෙන්නේ සාමාන්‍ය වැසියන් වෙසෙන යුද මුක්ත කලාපයයි. රජය යුද බිමේ තොරතුරු, ජයග‍්‍රහණ දකුණේ සිටින ජනතාව අතර ප‍්‍රචාරය කරද්දී කොටි සංවිධානය කළේ දෙමළ ජනතාව යුද්ධයෙන් විඳිනා පීඩාව පිළිබඳව ජාත්‍යන්තරව ප‍්‍රචාරය කිරීමය. මෙහිදී රජය දකුණේ සිංහල ජනතාව අතර වැඩි ප‍්‍රසාදයක් දිනා ගත්තා සේම කොටි සංවිධානයද ජාත්‍යන්තරව ජයග‍්‍රහණය කළ බවත් පෙනී යයි. ලෝකයේ විවිධ රටවල් පුරා සිටින දෙමළ ප‍්‍රජාවත් එකතු කරමින් උද්ඝෝෂණ, රැුළි, පෙළපාළි පවත්වමින් සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගනිමින් ගෙන යන ශ්‍රී ලංකා රාජ්‍ය විරෝධී හා හමුදා විරෝධී ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළ මගින් කොටි සංවිධානයට වැඩි වාසි සහගත තත්ත්වයක් උත්ගතව ඇති බවක් පෙනේ.

ඇමෙරිකාව, නෝර්වේ, ඉන්දියාව, එංගලන්තය ඇතුළු රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපීය කොමිසම ඇතුළු ජාත්‍යන්තර ආයතන මේ වන විට ශ්‍රී ලංකාව දෙස බලන්නේ දෙමළ ජනතාවට හානි ගෙන දෙන රටක්, රජයක් ලෙසය. මෙය ඉතා අවාසි සහගත කරුණකි. මේ නිසා රජය දැන්වත් දකුණේ ජනතාව දිනාගන්නා සේම ජාත්‍යන්තර ප‍්‍රජාවත් දිනාගැනීමට ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත.

යුද හමුදා සේනාංක මේ වන විට වන්නි යුද බිමට කිලෝමීටර් 18 ක් පමණ වූ යුද මුක්ත කලාපයට ඉතාම ආසන්න වෙමින් සිටියි. බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් 55 වැනි සේනාංකයේ සෙබළු මේ වන විට පුතුමාතලන් යුද මුක්ත කලාපයට කිලෝමීටර් එක හමාරක් පමණ සමීපයටම පැමිණ සිටිති. පසුගිය ඉරිදා (29 දා* දිනයේදී යුද මුක්ත කලාපයට ඇතුළු වීමට පෙර තිබෙන ප‍්‍රධානතම කොටි ආරක්ෂක පස් බැම්ම වූ තේවාවෙට්ටි පස් බැමි දෙකම අත්පත්කරගැනීමට හමුදා සෙබළු සමත් වූහ. එදින උදෑසන 9.00 පමණ වෙද්දී ඇතිවූ දරුණු සටනකින් තේවාවෙට්ටි පළමු පස් බැම්ම අත්පත් කරගත් අතර එදිනම සවස 3.00 පමණ වෙද්දී දෙවැනි පස් බැම්මත් අත්පත් කර ගත්හ. මෙම සටන මෙහෙයවීමට මුහුදු කොටි නායක සුසෙයි ඍජුවම දායකවූ බවත් යුද බිමෙන් වාර්තා වෙයි. පුතුමාතලන් යුද මුක්ත කලාපයට උතුරින් පැමිණෙන එකම සේනාංකය වන්නේ 55 වැනි සේනාංකයයි. භූමියේ පිහිටීම අනුව එක් පැත්තකින් මුලතිව් මුහුදත් අනෙක් පැත්තෙන් කළපුවත් මැදිකරමින් ඇති බිම් තීරුවක 55 වැනි සේනාංකය සටන් මෙහෙයවයි. බිම් තීරුවේ පළල අඩුම තැන මීටර් 350 ක් පමණ වන අතර දිගම පළලින් වැඩිම තැන මීටර් 700 ක් පමණ වේ. තැනිතලා භූමියක් වන මෙම ප‍්‍රදේශය කොටින්ට යුදමය අතින් වැඩි වාසිසහගත ස්ථානයකි. යුද මුක්ත කලාපයේ සිට එක එල්ලේ හමුදා සේනාංකවලට වෙඩි තැබීමට හැකිවීම ප‍්‍රධාන අනතුරකි. එමෙන්ම අනෙක් පැත්තෙන් මුහුදු කොටි ප‍්‍රහාර එල්ලවීමේ අවදානමද පවතී. කොටින් යුද මුක්ත කලාපයේ සිට තවමත් මිලිමීටර් 120 වර්ගයේ බර මෝටාර් ප‍්‍රහාර එල්ලකරමින් සිටිති.

55 වැනි සේනාංකය යුද මුක්ත කලාපයට උතුරින් ළංවෙද්දී මුහුදු කොටි ප‍්‍රහාරවලින් වැළකී සිටීමට පාකිස්තානයේ නිෂ්පාදිත ‘‘භක්තාර් ෂිකාන්’’ නමැති මිසයිලයක් භාවිත කිරීම ආරම්භ කිරීමද විශේෂයකි. යුදබිමේ තිබෙන යුද ටැංකි විනාශ කිරීමට නිෂ්පාදිත මෙම මිසයිලය මගින් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25 ක් පමණ කිලෝමීටර් 4 ක් දුරට විදිය හැකිවේ. 55 වැනි සේනාංකයේ සෙබළු පසුගියදා භක්තාර් ෂිකාන් මිසයිලයක් මුලතිව් මුහුදේ යාත‍්‍රාකරමින් තිබූ මුහුදු කොටි යාත‍්‍රාවක් විනාශ කිරීමට යොදාගත් අතර එය සාර්ථක ප‍්‍රහාරයක් වූවේය. මිසයිල් ප‍්‍රහාරයෙන් කොටි යාත‍්‍රාව විනාශවී ගියේය.

මේ අතර නාවික හමුදාවද මුලතිව් සිලාවත්ත, මුන්ඩිකුලම් ප‍්‍රදේශයේ දී යාත‍්‍රාකරමින් තිබූ මුහුදු කොටින් රැුගත් බෝට්ටු 3 කට ප‍්‍රහාරයක් එල්ල කළේය. ප‍්‍රහාරයෙන් මුහුදු කොටි නායකයෙක් බව කියන මාරන් නමැත්තෙක් ඇතුළු කොටින් 26 දෙනෙක් මරුමුවට පත්වුණු බව නාවික හමුදාව කියයි. ගැටුමෙන් නාවික හමුදාවේ සෙබළෙක් මරුමුවට පත්ව තවත් තිදෙනෙක් තුවාල වූහ.

පුදුකුඩුඉරිප්පු නැගෙනහිර ප‍්‍රදේශය ගැටුම් සුලභ ස්ථානය බවට පත්ව ඇති අතර බි‍්‍රගේඩියර් ශවින්ද්‍ර සිල්වාගේ නායකත්වය යටතේ 58 වැනි සේනාංකය එම ප‍්‍රදේශයේ කඳවුරු බැඳ සිටිති. මේ වන විට පුදුකුඩුඉරිප්පු පච්චපුල්මුඬේ හන්දියේ බලය අත්පත් කරගෙන ඇති අතර කොටින් සතුව තිබූ සියලූ සැපයුම් මාර්ග මේ සමගම ඇහිරී යන බැව් ප‍්‍රකාශ වේ. 53 හා 8 වැනි කාර්ය සේනාංකයේ භට පිරිස් පුදුකුඩුඉරිප්පු නැගෙනහිරින් ඉරණපාලි දෙසට විහිදී තිබුණු කොටි සැපයුම් මාර්ග ද වසා දැමූහ. මේ සමගම කොටි සාමාජිකයෝ යුද මුක්ත කලාපය තුළට කොටුවී සිටිති. යුද මුක්ත කලාපය හැරුණු විට තවත් මුදාගැනීමට ඇත්තේ වර්ග කිලෝමීටර් 5 කට අඩු භූමි ප‍්‍රදේශයකි. එහෙත් යුද බිමෙන් ලැබෙන තොරතුරු වලින් ප‍්‍රකාශ වන්නේ එම සීමිත භූමි ප‍්‍රදේශය මුදාගැනීම අතිශය අපහසු කාර්යයක් බවයි. සාමාන්‍ය ජනතාව වෙසෙන යුද මුක්ත කලාපයට වඩ වඩාත් සමීප වන තරමටම හමුදා මෙහෙයුම් වල ප‍්‍රබලතාවද අඩුවන බැව් හමුදාව කියයි. කොටින් යුද මුක්ත කලාපයේ සිට ප‍්‍රහාර එල්ල කළද හමුදාවට යුද මුක්ත කලාපයට ප‍්‍රහාර එල්ල කිරීමට නොහැකිව සිටීම විශාල බාධාවක් බැව් හමුදා ප‍්‍රධානීහු ප‍්‍රකාශ කරති.

වන්නි අවසන් සටනේදී මේ සතිය තුළ සිදුවූ තවත් වැදගත් කරුණක් වන්නේ කොටින් සතුව තිබූ මිලිමීටර් 130 වර්ගයේ කාලතුවක්කුවක් හා ටී 55 වර්ගයේ යුද ටැංකියක් විනාශ කිරීමට හැකිවීමයි. ගුවන් හමුදාව අවස්ථා දෙකකදී එල්ල කළ ප‍්‍රහාර දෙකකින් යුද ටැංකියත් කාලතුවක්කුවත් විනාශවී ගියේය. කොටින් සතුව තවත් කාලතුවක්කු 2 ක් හා යුද ටැංකියක් තිබෙන බැව්ද ප‍්‍රකාශ වෙයි. එමෙන්ම යුද මුක්ත කලාපයට ඉහළ අහසේ ගුවන් යානාවක් පියාසර කරන හඬක්ද හමුදා සෙබළුන්ට නිරීක්ෂණය වීමද විශේෂ කරුණකි. එය කුඩා ගුවන් යානාවක් හෝ හෙලිකොප්ටරයක හඬක් බවට විශ්වාස කළත් එවැන්නක් දුටු බවක් වාර්තා නොවිණි. කෙසේ වෙතත් කොටින්ගේ සැහැල්ලූ ගුවන් යානා දෙකක් විනාශ වී යාමත් සමගම කොටින්ගේ ගුවන් ප‍්‍රහාරක බළකායේ සියලූ හැකියාව අවසන්ව ඇතැයි නොසිතිය යුතුය. හමුදා බුද්ධි අංශවලට අනුව තවත් කුඩා ගුවන්යානාවක් හා කුඩා හෙලිකොප්ටර් යානා දෙකක් පමණ කොටින් සතුව පැවතිය හැකි බැව් විශ්වාස කෙරේ.

මේ අතර සිකුරාදා (03* උදෑසන අම්පාර පානම ප‍්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය හා කොටි සාමාජිකයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවූ අතර එහිදී කොටි සාමාජිකයින් 13 දෙනෙක් මරුමුවට පත්වූහ. මරුමුවට පත්වූවන් අතර පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක් වූ පරමන්තන් මාස්ටර් නැමැත්තාද සිටින බව පැවසේ. අම්පාර කොටි නායක රාම් ඇතුළු කොටි සාමාජිකයන් 50 දෙනෙක් පමණ නැගෙනහිර හා දකුණු ප‍්‍රදේශයේ සැරිසරමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල නිරතව සිටින බව බුද්ධි අංශ කියයි.

2009 සිංහල දෙමළ අලූත් අවුරුද්ද තවත් සතියකින් ආරම්භ වෙද්දී වන්නි යුද බිමේ තීරණාත්මක බව තවදුරටත් තියුණු වෙමින් තිබේ. එමෙන්ම අවසන් සටනට වැද සටන් විරාම ඉල්ලා සිටින කොටි සංවිධානය කටුනායකට වරක් එල්ල කළ ප‍්‍රහාරය මෙන්ම දැවැන්ත ආර්ථික මර්මස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක්ද පවතී. මේ නිසා කොටි බලප‍්‍රදේශය දැන් කිලෝමීටරයකට අඩු යැයි සිතා සැහැල්ලූ වී සිටිනවාට වඩා කිලෝමීටරයකට කොටුවී සිටින කොටියා වඩ වඩාත් දරුණුවිය හැකි යැයි සිතා දකුණ ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත්ය.
 


සබැඳි පුවත්


You are here: