වයඹ කී‍්‍රඩකයෝ ශූරතාව දිනාගනිති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

 

අන්තර් පළාත් විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලිය

(යොහාන් භාසුර*

තරගාවලියේ වීරයාවූ ඉසුරු උදාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති ඞී. එස්. ද සිල්වා මහතා අතින් කුසලානය සහ චෙක්පත ලබාගත් අවස්ථාව.
(ඡුායාරූපය: රංජිත් පෙරේරා*

අන්තර් පළාත් විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වයඹ කණ්ඩායම සමත් විය. එස්. එස්. සී. පිටියේදී ඊයේ (5 වැනිදා* පැවැති අවසන් මහ තරගයේදී වයඹ කණ්ඩායම විසින් බස්නාහිර දකුණ කණ්ඩායම කඩුලූ පහකින් පරාජය කරන ලදී.

ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 19 කදී කඩුලූ පහක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට වයඹ කණ්ඩායම සමත් විය. බස්නාහිර දකුණ පන්දු යවන්නෝ 16 වැනි  ඕවරය දක්වා තරගයේ පාලනය සිය අණසකට නතු කර ගැනීමට සමත්ව සිටියහ. තිලකරත්න ඩිල්ෂාන් කඩුලූ රැුකීමෙන් ඉවත්ව යැවු 17 වැනි  ඕවරට ලකුණු 13 ක් ලබා ගැනීමෙන් බස්නාහිර දකුණ පිල වෙතින් තරගය ගිලිහි ගියේය.

පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර දකුණ කණ්ඩායම 16 වැනි  ඕවරය අවසන් වන විට එක කඩුල්ලක් දැවී ලකුණු 133 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසු විය. නමුත් ඉතිරි කඩුලූ නවය ලකුණු 11 ක් තුළ බිඳ වැටීමෙන් ඉනිම ලකුණු 144 කට සීමා විය.

වමතින් වේග පන්දු යවන ඉසුරු උදාන (31/4* 17 වැනි  ඕවරයේදී කඩුලූ තුනක් දවා ගනිමින් බස්නාහිර දකුණ කණ්ඩායමේ විනාශකරු බවට පත්විය. 21 හැවිරිදි ඉසුරු උදාන, බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රි විදුහලේ වයස 17 න් පහළ කණ්ඩායම දක්්වා ක‍්‍රීඩා කර පසුව කොළඹ ඞී. එස්. සේනානායක විදුහල නියෝජනය කළ කී‍්‍රඩකයෙකි.

වයඹ කණ්ඩායමේ ඉසුරු උදාන තරගාවලියේ වීරයා, දක්‍ෂතම පන්දු යවන්නා සහ අවසන් තරගයේ වීරයා සම්මාන තුනම හිමිකර ගැනීම කැපී පෙනේ. රුහුණ කණ්ඩායමේ ඉන්දික ද සේරම් දක්‍ෂතම පිතිකරු ලෙස සම්මාන ලැබීය.

බස්නාහිර දකුණ කණ්ඩායම  ඕවර 19.1 කදී 144 (තිලකරත්න ඩිල්ෂාන් 66, ඩිල්රුවන් පෙරේරා 18, චාමර සිල්වා 41, ඉසුරු උදාන 31/4*

වයඹ කණ්ඩායම  ඕවර 19 කදී කඩුලූ 5 ට 149 (ජීවන්ත කුලතුංග 28, මහේල උඩවත්ත 25, ජෙහාන් මුබාරක් 32, කෞෂාල් ලොකුආරච්චි 29, හිමේෂ් සිල්වා 18/2*


 


සබැඳි පුවත්


You are here: