![]() |
| ගෝල හතරක්ම වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කරා ගෙන ගිය කසුන් ජයසූරිය බෲනායි දැල් රකින්නා වූ මොහොමඞ් ශාන් බින් පරයමින් පන්දුව දැළ තුළට යොමු කළ අයුරු. (ඡුායාරූපය x ශාන්ත රත්නායක* |
මෙම තරගය අද පස්වරු 6.30ට සුගතදාස පිටියේදී පැවැත්වේ. රටවල් හතරකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය මේ දිනවල කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වේ.
පෙරේදා (4* බෲනායි රාජ්‍යට එරෙහිව පැවැති තරගයේ පෙරළිකාරයා වූ ඉදිරි පෙළ කී‍්‍රඩක කසුන් ජයසූරිය ගෝල හතරක් ලබමින් සුවිශේෂ දස්කම් දැක්වූ අතර එහිදී පිට පිට ගෝල තුනක් ලබාගනිමින් ගෝල ති‍්‍රත්වයක් ලැබීමේ ගෞරවය ද ඔහු අත්කරගත්තේය.
තරගයේ 25, 53, 66, 72 යන විනාඩිවලදී ගෝල ලබාගැනීමට කසුන් සමත් වූ අතර අස්මීර් අලී දඬුවම් පහරක් මගින් 30 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත්තේය. තරගයේ පළමු භාගය අවසන් වන විට ගෝල 2x0 ක් ලෙසින් ඉදිරියෙන් පසු වීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කෙසේ වෙතත් තරගය නිමාවීමට විනාඩි කීපයක් තිබියදී දඬුවම් පහරක් මගින් පන්දුව කෙළින්ම දැල තුළට විදීමෙන් කමාරුල් රම්ලි බෲනායි කණ්ඩායමට නිලකුණු තත්ත්වයෙන් ගලවා ගත්තේය. බෲනායි ජාතික පාපන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී තරග වැදුණු පළමු අවස්ථාව මෙය වන අතර අළුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 164 වැනි ස්ථානයද බෲනායි රාජ්‍ය 183 වැනි ස්ථානයේද පසු වෙයි.
කෙසේ වුවත් මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියාන්x2009 පාපන්දු තරගාවලිය සඳහාද බෲනායි රාජ්‍යය කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන බැවින් ශ්‍රී ලංකාවේදී තරග වදින කණ්ඩායමට දෙවැනි පෙළ හා නවක කී‍්‍රඩකයන් රැුසක් ඇතුළත්ව සිටින බව පුහුණුකරු මොහොමඞ් මුස්තාපා මහතා පවසයි.
පාකිස්ථානය හා තායිවානය අතර පෙරේදා පැවැති තරගය ජයපරාජයෙන් තොරව (1x1* අවසන් විය. අද පස්වරු 4ට පාකිස්ථානය හා බෲනායි රාජ්‍යය අතර තවත් තරගයක් පැවැත්වීමට නියමිතය.
මේ අතර අද තායිවානයට එරෙහිව පැවැත්වෙන තරගය ඉතා උණුසුම් තරගයක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. තායිවානය මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 167 වැනි ස්ථානයේ පසුවේ.
අද තරගය මෙන්ම අනිද්දා (8* පාකිස්ථානයට එරෙහිව පැවැත්වන තරගයද ශ්‍රී ලංකාවට තීරණාත්මක වන අතර ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මෙම තරග වටයේ ජයග‍්‍රාහකයා ලබන වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන තරගාවලියේ අවසන් වටයට තෝරා ගැනේ.



