සංවේගයෙන් දැනුම් දීමයි...

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
කි‍්‍රකට් ක‍්‍රීඩා කරන ලෝකයේ  ඕනෑම රටක සිහිනය සිව් වසරකට වරක් එළැඹෙන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පෙරැුළියක් කිරීමයි. ඒත් ලෝක කුසලාන තරගාවලියක් නිමා වීමත් සමග ඒ රටවල සැලසුම් සකස් වෙන්නේ ඊළඟ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින්ය.
2011 වසරේ දී ලෝක ක‍්‍රිකට් කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතය.

2011 වසරේ දී පැවැත්වීමට නියමත ලෝක ක‍්‍රිකට් කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් පුංචි ශ්‍රී ලංකාවට ඓතිහාසික අයිතියක් තිබේ.

පළමු වැන්න නම් ශ්‍රී ලංකාව යනු වරක් ක‍්‍රිකට් ලෝක කුසලාන දිනාගත් රටක් වීමයි. දෙවැන්න නම් අවසන් වරට පැවැති ලෝක ක‍්‍රිකට් කුසලාන තරගාවලියේ අනුශූරයන් බවට අප රට පත්ව තිබීමය.
 ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව වැනි රටක් සම්බන්ධයෙන් සෙසු රටවල පවතින භීතියට සමාන භීතියක් එසේ නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්මානය වී තිබිය යුතුය.

එවැනි භීතියක් මැවීමට මේ වන විට අප සමත්ව සිටී ද? එවැනි භීතියක් මැවිය යුත්තේ සැලසුම් අතිනි. අලූත් සම්පත් සොයා ගැනීම අතිනි.

එවැනි සම්පත් අප සතුව වේද? එවැනි සැලසුම් අප සතුව වේද? මෙම ප‍්‍රශ්න කිරීම් කිසි විටෙකත් නිරපරාදේ නොවේ. 2006 ලෝක ක‍්‍රිකට් කුසලාන තරගාවලියෙන් අනතුරුව 2009 දක්වා කාලය තුළ දක්නට ලැබුණෙත් මෙබඳුම තත්ත්වයකි. අයාලේ යන ස්වභාවයකි. ඒ අනුව 2009 ලෝක කුසලාන තරගාවලියේ දී පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව එළියට විසිවෙනු ඇතැයි මාධ්‍ය කල් තියාම අනතුරු අඟවා තිබිණි. මාධ්‍ය එසේ අනතුරු අඟවා තිබුණේ එවැනි ඉරණමක් මාධ්‍යයේ අපේක්ෂාව වූ නිසා නොවේ. එය මාධ්‍යයේ ප‍්‍රාර්ථනය වූ නිසා නොවේ. සිදු වෙමින් පැවැතියේ එවැන්නක් බව මාධ්‍යය හොඳින් තේරුම් ගෙන සිටියේය.

අවසානයේ දී සිදු වූයේ මාධ්‍ය කී දෙය විනා අන් යමක් නොවේ.

1999 දී එබඳු ඉරණමක් අපට අත් වූයේ තම තමන්ට වුවමනා පරිදි රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් නිසාය. ඒ කාලයේ තේරුම් කමිටුව තෝරා එවූ කණ්ඩායම වෙනස් කිරීමට තරමට ඒ ලේඛනයට තමන්ට හිතැති ක‍්‍රීඩකයන්ගේ නම් දමා ගැනීම තරමට මෙරට ක‍්‍රිකට් සදාචාරය පිරිහී තිබිණි.

එකල තේරීම් කමිටුවේ සිටි ටී.බී. කෙහෙල්ගමුව, කේ.එම්. නෙල්සන් වැනි මහත්වරුන්ට ඒ සම්බන්ධයෙන් ඇති අත්දැකීම් වෙනත් යුගවල සිටි තේරීම් කමිටු නිලධාරීන්ට නොලැබෙන්නට ඇතැයි සිතිය හැකි තරම්ය.

මාධ්‍ය නැගූ හඬ බීරි අලින්ට වීණා වාදනය කිරීමක්ම විය. ගඟට කැපූ ඉනි මෙන් මාධ්‍ය ගත් උත්සාහය අපතේ ගියේය.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම පෙරැුළියක් කරනු ඇතැයි කිසිවකුට හෝ සිතීමට ඉඩක් තිබුණේ නැත. ක‍්‍රිකට් ක‍්‍රීඩාව යමින් තිබුණේ අයාලයේය. ජයන්ත ධර්මදාසගේ නායකත්වයෙන් ක‍්‍රිකට් අතුරු කමිටුවක් බිහි වුයේ ඔය අතරවාරයේදීය. කී‍්‍රඩාවේ වෘත්තීය තත්ත්වය නගා නොසිටීමෙන් මෙපිට වත්මන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ පෙරැුළියක් කළ නොහැකි බව ජයන්ත ධර්මදාස කමිටුව තේරුම් ගත්තේය. ක‍්‍රීඩකයන්ගේ වැටුප් දෙගුණ විය. වාර්තාවක් තැබූ සැණින් ඉහළම ඇගැයීමක් එම ක‍්‍රීඩකයන්ට ලැබිණි. වෘත්තීය තත්ත්වය ආරෝපණය වීමත් සමග ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පිබිදීමක් මතු විය. ලසිත් මාලිංග වැනි අලූත් ක‍්‍රීඩකයන්ට ඉඩකඩ විවර විය. කණ්ඩායම් හැඟීමෙන් ක‍්‍රිඩකයෝ බැඳුණහ. ”තමාට පෙර රට” යන සිතිවිල්ලෙන් ක‍්‍රීඩකයෝ ආක‍්‍රමණය දියත් කළහ. ප‍්‍රතිඵලය වූයේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමය. එමෙන්ම විජයග‍්‍රහණය අහිමිව ගියේ අනූනවයෙන් බව ද ඉතා පැහැදිලිය. එකී තාක්ෂණික දෝෂය නොවන්නට ක‍්‍රිකට් සිළුමිණෙහි වත්මන් හිමිකරුවා වන්නේ පුංචි ශ්‍රී ලංකාවය.

අප ගමන් කළ යුත්තේ එබඳු අරමුණකින්ය. මේ වන විටත් සැලසුම් සකස් කර අවසන් විය යුතුය. නවතම මිසයිල බඳු තුරුම්පු සොයා ගෙන තිබිය යුතුය.

ඉතින් එබඳු දේ සිදු වෙමින් පවතින්නේ ද?

කනගාටුවට කරුණ නම් එබඳු කිසිදු සැලැස්මක් පිළිබඳව වාර්තා නොවීමය. ඒ වෙනුවට වාර්තා වන්නේ අභ්‍යන්තර කුළල් කා ගැනීම්ය. ක‍්‍රිකට් අතුරු කමිටුවේ නිලධාරියෙකු එල්ල කළ පහරක් නිසා පොඩි සර් නමැත්තාට රෝහල්ගතව ප‍්‍රතිකාර ගැනීමට සිදුවී යැයි ද කියැවිණි. පහර දුන් බව කියන ”සිංහට” විරුද්ධව පොඩි සර් අධිකරණ කි‍්‍රියා මාර්ග ගැනීමට සූදානමින් පසු වන බව ද වාර්තා වේ.

අතුරු කමිටුවේ සභාපති ඩි.එස්.ට සිදුවී තිබෙන්නෙත් තමන් ගැනම චරිත සහතික නිකුත් කරමින් සිටින්නටය. ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවලට සම්බන්ධයක් නැති බවට ඔප්පු කිරීමටය. ප‍්‍රධාන විධායක නිලධාරි දුලිප් මෙන්ඩිස් සිටින්නෙත් වැට උඩය. ඔහු කොයි මොහොතේ කපා දාවි දැයි ඔහු දන්නේ නැත.
හැමදාමත් අහන ප‍්‍රශ්නයකින් මෙම සටහන අදත් අවසන් කරමු. මෙහෙම ගිහින් කොහොම ද?
 


සබැඳි පුවත්


You are here: