කාල්ටන් සුපර්ස්පෝට්ස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලියේදී වයස 10 න් පහළ යතුරු පැදි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට යොවිඳු බිනාල් ද සිල්වා සමත් විය. තවමත් හත් හැවිරිදි වියේ පසුවන යොවිඳු නැඟී එන යතුරු පැදි ධාවන ශුරයකු ලෙස ඉදිරියේදී යතුරු පැදි ධාවන තරග රැුසකට සහභාගිවීමට බලාපොරොත්තු වේ.ඔහු පසුගිය වසරේ මෙම තරගාවලියේදී එම වයස් කාණ්ඩයේ අනුශුරතාව හිමි කර ගත්තේය.
ජාතික යතුරු පැදි ධාවන ශුර ගයාන් සඳරුවන්ගේ උපදෙස් පරිදි පුහුණුව ලබන යොවිඳු පසුගිය වසරේදී බේරුවල වෙරළ යතුරු පැදි තරගාවලියේ 10 න් පහළ ඉසව්වේ ශුරතාව දිනා ගත්තේය. කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන යොවිඳු යතුරු පැදි තරගවලදී මෙන්ම කරාටේ කී‍්‍රඩාවෙන්ද එකසේ දස්කම් දක්වයි.


