ශා.සිල්වෙස්තරxවිද්‍යාර්ථ මහ තරගය අදxහෙට

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(ෂේන් සෙනෙවිරත්න*
මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල අතර 51 වැනි ‘ළදරුවන්ගේ සටන’ මහ ක‍්‍රිකට් තරගය අද සහ හෙට (3 සහ 4* අස්ගිරිය ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙතෙක් පැවති තරග 50 යේදී සාන්ත සිල්වෙස්තර විදුහල තරග 12 ක් ජය ලබා ඇති අතර විද්‍යාර්ථ විදුහල තරග තුනක් ජය ගෙන තිබේ.

සාන්ත සිල්වෙස්තර විදුහල අවසන් වරට 1998 වසරේ හේමන්ත විමල වික‍්‍රමගේ නායකත්වයෙන් ජය ලැබීය. විද්‍යාර්ථ විදුහලට 1967 න් පසු ජය වාර්තා කිරීමට නොහැකි වී ඇති අතර ආර්. එම්. ලාෆීර්ගේ නායකත්වයෙන් එම වසරේ ජය වාර්තා කර තිබේ.

මෙවර සාන්ත සිල්වෙස්තර විදුහල් පිල හයවැනි වසරේ වර්ණ ලාභියෙකු වන චානක කොළඹගේ මෙහෙයවන අතර උපනායා ලෙස නුවන් සිල්වා කටයුතු කරයි.
විද්‍යාර්ථ විදුහලේ නායක සිවුවැනි වසරේ වර්ණ ලාභියෙකු වන සමීර අබේරත්න කටයුතු කරන අතර ටිරන්ත දිසානායක උපනායකත්වය දරයි.

සාන්ත සිල්වෙස්තර විදුහල මෙවර තරග වාරයේදී තරග 13 කට සහභාගි වී තරගයක් ජයගෙන තරග හයක් පරාජයට පත්ව තිබේ. විද්‍යාර්ථ පිල මෙවර තරග වාරයේ තරග 12 ක් ක‍්‍රීඩා කරමින් තරග සියල්ල විසඳුමකින් තොරව අවසන් කර තිබේ.

මෙවර සාන්ත සිල්වෙස්තර විදුහලේ ප‍්‍රබලතම පිතිකරු වන මොහොමඞ් සෆ්රාස් ලකුණු 450 ක් රැුස් කිරීමට සමත්ව සිටියි. මෙම තරග වාරයේ දක්‍ෂතම පන්දු යවන්නා වන චානක කොළඹගේ කඩුලූ 59 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

විද්‍යාර්ථ විදුහලේ මෙවර ප‍්‍රබලතම පිතිකරු වන ටිරන්ත දිසානායක ලකුණු 500 ඉක්මවා ලබා ගැනීමට සමත්ව සිටියි. සමීර අබේරත්න මෙවර තරග වාරයේදී කඩුලූ 40 ක් දවා ගනිමින් විද්‍යාර්ථ පිලේ දක්‍ෂතම පන්දු යවන්නා බවට පත්ව සිටියි.

සිල්වෙස්තර විදුහල් පුහුණුකරු ලෙස ටියුඩර් ගුණරත්න මහතා ද, විද්‍යාර්ථ විදුහල් පුහුණුකරු ලෙස  ඞී. පී. කේ. රණසිංහ මහතා ද කටයුතු කරති.

සාන්ත සිල්වෙස්තර විදුහල් කණ්ඩායම:]

චානක කොළඹගේ (නායක* නුවන්සිලවා උපනායක  සමන් ඇඹිල්මීගම
මේනුක නානායක්කාර දනංජය අතාවුද මොහොමඞ් සෆ්රාඞ්, නුවන් නිලන්ත, උමේශ් වීරසිංහ, තිවංක ගුණරත්න, රුවන්ත ඒකනායක, සමිත් අල්විස්, කණිශ්ක හේරත්, දුශාන් මලලසේන, සසංක නවරත්න, සුරංග යටිගම්මන, ලහිරු ඬේවිඞ්, වරුණ විජේසිංහ, බුද්ධික ආරියවංශ.

විද්‍යාර්ථ විදුහල් කණ්ඩායම:

සමීර අබේරත්න (නායක* ටිරන්ත දිසානායක (උප නායක* කසුන් විජේකෝන්, දිනුශ ගුණතිලක, උශාන් වික‍්‍රමසිංහ, යසන්ත දිසානායක, ලහිරු හේරත්, ටී.ජී. රණවීර, සී.දව්ලගල, තිලිණ විජේකෝන්, දුශ්ෂන්ත ගංගොඩ, කණිශ්ක සෙනෙවිරත්න, ලහිරු පෙරේරා, දුලාශ් පෙරේරා, සජිත් පලිහවඩන.
 


සබැඳි පුවත්


You are here: