තරුණ සේවා x රූපවාහිනී වොලිබෝල් තරගාවලිය
(දාපනේ ජයන්ත නානායක්කාර*
තරුණ සේවාxරූපවාහිනී වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව ගාල්ල දිස්ත‍්‍රික් කණ්ඩායම විසින් ද, කාන්තා ශූරතාව කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදි.
කොලොන්න මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැති තරගාවලියේ පිරිමි අවසන් මහ තරගයේදී වට 3/2ක් ලෙස ගම්පහ දිස්ත‍්‍රික් කණ්ඩායම පරාජය කිරීමට ගාල්ල දිස්ත‍්‍රික් ක‍්‍රීඩකයෝ සමත්වූහ.
කාන්තා අවසන් මහ තරගයේදී කුරුණෑගල දිස්ත‍්‍රික් ක‍්‍රීඩිකාවන්ට පරාජය වූයේ පුත්තලම දිස්ත‍්‍රික් කණ්ඩායමය. ලකුණු තත්ත්වය 25x12, 25x16, 25x08ක් විය.
පිරිමි අවසන් මහ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී ප‍්‍රබල ගම්පහ සියනෑතරු ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ගම්පහ දිස්ත‍්‍රික් කණ්ඩායම පරාජය කිරීමට හරිහැටි පුහුණුකරුවකු පවා නොමැති ගාල්ල දිස්ත‍්‍රික් කණ්ඩායම සමත් වීම කැපී පෙනේ.
ජයග‍්‍රාහී කණ්ඩායම් හා අනු ශූරතාලාභී කණ්ඩායම් සඳහා රුපියල් 1,50,000 බැගින් සහ රුපියල් ලක්ෂය බැගින් ප‍්‍රදානය කෙරුණි. ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහයෝගයෙන් මෙවරත් තරගාවලිය සංවිධානය කළේය.


