(දමින්ද විජේසූරිය*
මේ වසරේදී 30 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප‍්‍රථම වර්ණ රාති‍්‍රය අපේ්‍්‍රල් මස 3 වැනිදා කොළඹ හොලිඬේඉන් හෝටලයේදී පැවැත්වේ. මෙම වර්ණ ප‍්‍රදානෝත්සවයේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 159 දෙනකුද පුහුණුකරුවන් සහ පරිපාලන නිලධාරීන් 7 දෙනකුද ඇගයීමට ලක්කෙරේ.
වර්ෂ 1979 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක පිරිස 14,000 ඉක්මවයි. එහි සේවක සේවිකාවන් සෑම දෙනාම පාහේ වරාය අධිකාරිය කී‍්‍රඩා සමාජයේ සාමාජික සාමාජිකාවෝ වෙති. වසර ගණනාවක්ම ශ්‍රී ලංකාවේ ජාතික තරගාවලි රැුසකදීම ශූරතා දිනා ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය කී‍්‍රඩා සමාජය අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය දුන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැුසකගේම සේවා ස්ථානයයි. මෙම වර්ණ ප‍්‍රදානෝත්සවයේදී එම කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් කෙරේ විශේෂ අවධානයක් යොමු කෙරේ.
මින් ඉදිරියේදී සෑම වසර දෙකකටම වරක් පැවැත්වීමට නියමිත වර්ණ ප‍්‍රදානෝත්සවයේ මංගල අදියරේදී මලල කී‍්‍රඩා (10*, බැඞ්මින්ටන් (13*, බිලියඞ් (1*, කැරම් (7*, කි‍්‍රකට් (20*, පාපැදි (2*, එල්ලේ (20*, පාපන්දු (21*, හොකී (11*, ජූඩෝ (1*, කරාටේ (6*, මේස පන්දු (4*, වොලිබෝල් (36* සහ දැල්පන්දු (14* කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.
වසරේ විශිෂ්ටතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා ‘රන් නැංගුරම’ සම්මානයත් ‘වරාය අධිකාරිය කී‍්‍රඩා සමාජ විශේෂ දක්‍ෂතා කුසලානයත්’ පිරිනැමේ.


