ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරග අගෝස්තු මස 3 දා සිට කොළඹදී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(සජීක ජයසිංහ*
ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය (පිරිමි/කාන්තා* මෙම වසරේ අගෝස්තු මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
              ආසියානු බැඞ්මින්ටන් සම්මේලනයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් අතුරු කමිටුව මෙහෙයෙවන මෙම තරගාවලියට රටවල් 15 කින් පමණ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වෙති. චීනය, ඉන්දියාව, මැලේසියාව, කොරියාව, ඉන්දියාව, තායිලන්තය, ජපානය, ඉරානය, සිංගප්පුරුව, හොංකාං, පීලිපීනය, භූතානය, වියට්නාමය, සහ පාකිස්තානය වැනි රටවල් රැුසක් තරගාවලියට සහභාගි වෙති.
කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කළ බව බැඞ්මින්ටන් අතුරු කමිටු සභාපති මහාචාර්ය රංජිත් සිල්වා මහතා පැවසීය.
    වයස 16 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහභාගිවිය හැකි මෙම තරගාවලියේ බෲනායි‘හි පසුගිය වසරේ පැවැති තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ අටවැනි ස්ථානය ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ හිමි කර ගත්හ.
පසුගිය වසරේ පැවැති ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ අනුශුරතාව දිනා ගත් අචිනි රත්නසිරි වයස 16 න් පහළ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංචිතයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩිකාවකි.  ලින්ඩිසේ බාලිකා විදුහලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි අචිනි ජාතික තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී ‘බීජිං’ ඔලිම්පික් උළෙලට සහභාගි වු තිළිණි ජයසිංහ පරාජය කිරීමට සමත් වූ අතර ජාතික බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (කාන්තා* කේවළ ඉසව්වේ පළමු ස්ථානයේ සිටින්නීය. මෙම තරගාවලිය ඉලක්ක කරමින් වයස 16 න් පහළ පුහුණු සංචිතයක් බැඞ්මින්ටන් අතුරු කමිටුව විසින් කැඳවනු ලැබ ඇත.
වයස 16 න් පහළ ශ්‍රී ලංකා පුහුණු සංචිතය:
පිරිමි: ඔමාල් වී. ධර්මවර්ධන, ළහිරු අබේගොඩ, ප‍්‍රමෝද කේ. හේට්ටිආරච්චි, ඞී. යටවර, ලක්‍ෂිත මධුෂ, විභව මධුෂ, මහේල තල්පාවිල සහ චාමික කරුණාරත්න
කාන්තා: අචිනි රත්නසිරි, උපුලි සමන්තිකා,  ඕෂදී කුරුප්පු, සුෂ්මිතා ඉලංගකෝන්, කවින්දි ඉෂාදිකා, පුනීෂා පැස්කුවල්, මහීෂා ෆොන්සේකා සහ තිළිණි හෙන්දිහේව
 


සබැඳි පුවත්


You are here: