ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර්ජාතික නිපැයුම්කරුවන්ගේ තරගයේදී රටවල් 45ක තරගකරුවන් දහයක් සමග තරග කැර රන් පදක්කම් දෙකක් දිනාගත් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් අද සිය රට ආහ.
ආරක්ෂා සහිතව, පරිසර හිතකාමී ලෙස අඩු බලශක්තියකින් කොහු කෙඳි නිපැදවීම සඳහා අධිවේගී ක‍්‍රියාවලියක් ඇති යන්ත‍්‍රයක් නිපැදවූ හලාවත මාදම්පේ ආර්.එම්. ධම්මික මහතාද අත්පා නැති ගොළු ආබාධිතයනට හිස සෙළවීමෙන් හා කටින් පිඹීමෙන් ක‍්‍රියාත්මක කළ හැකි පරිගණක මවුසයක් නිපැදවූ කුරුණෑගල මාවතගම ප‍්‍රින්ස් චන්ද්‍රසේන මහතාද මේ රන් පදක්කම් දිනාගත්හ. ලංකාව එහිදී රන් තුනක් රිදී පදක්කමක් හා ලෝකඩ දෙකක් හිමිකැරගත්හ.

(කටුනායක ඩබ්ලිව්.පී. වීරවර්ධන)


