
ශ්‍රී ලංකාවේ සටන් වැද සිටින රණවිරුවනට උපහාර දැක්වීමේ සංගීත ප‍්‍රසංගයක් අද (4*සිට දින 7ක් යුරෝපයේදී පැවැත්වීමට ඉතාලියේ සහ ප‍්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සැරැුසෙති. වැඩ සටහන මෙසේයි. අද (4* ඉතාලියේ වෙරොනා, 5 වැනිදා මිලාන්, 7 වැනිදා මොඩෙනා, 9 වැනිදා පිරෙන්සේ, 11 වැනිදා කතානියා, 18 වැනිදා විසෙන්සා සහ 19 වැනිදා රෝමයේය. කර්නල් රාජිත අම්පේමොහොට්ටිගේගේ මූලිකත්වයෙන් වූ ත‍්‍රිවිධ හමුදාවේ 19 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් මේවන විට ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ගොස් සිටිති. මේ ප‍්‍රසංගයට යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉතා ඉහළ ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මිලාන්වල සමන්ත විජේසිරි ගුණවර්ධන මහතා පවසයි.


