
අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථුපයේ සංරක්ෂණ තව දින කීපයකින් අවසන් වනු ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය කියයි. මහසෙන් රජු විසින් ඉදි කැරුණු ජේතවන ස්ථූපය අඩි 232ක් උසය. විශ්කම්භය අඩි 367කි. ගරාවැටීමෙන් පසුව සංරක්ෂණය ඇරඹුණේ 1995දීය. හතරැුස් කොටුව හා පේසාවළලූ සංරක්ෂණය දැන් අවසන් කැර සලපතල මළුව සංරක්ෂණය කරන බව එහි ප‍්‍රධාන සංරක්ෂණ නිලධාරී වජිර පර්ඩිනැන්ඩස් මහතා කියයි.
අතුල බණ්ඩාර


